හිතෝපදේශ 1
1
අරමුණ හා තේමාව
1දාවිත්ගේ පුත්‍රයා වන ඉශ්රායෙල් රජු වූ සාලමොන්ගේ හිතෝපදේශ:
2මේවා, ප්‍රඥාව හා උපදෙස දැනගැන්මටත්,
අවබෝධයේ වචන වටහා ගැන්මටත් ය.
3නැණවත් හැසිරීමේ උපදෙස් ලබා ගැනීමටත් එමඟින්
හරි දේ යුතු දේ හා සාධාරණ දේ කිරීමටත් ය.
4නුවණ මද අයට සිහි නුවණ ද
යෞවනයනට අවබෝධය හා විචක්ෂණ බුද්ධිය ද ගෙන දීමටත් ය.
5ප්‍රඥාවත්හු සවන් දී, තම උගත්කම වැඩි කර ගනිත්වා!
බුද්ධිමත්හු නිපුණතාව ලබාගනිත්වා!
6ඒ, හිතෝපදේශ හා උපමා කතා ද
ප්‍රාඥයින්ගේ කියුම් හා ප්‍රහේලිකා ද වටහාගැනීමෙනි.
7 ස්වාමින්වහන්සේට භයවීම, ප්‍රඥාවේ පටන් ගැන්ම ය;
එහෙත් අඥානයෝ ප්‍රඥාව ද උපදෙස ද සුළු කොට තකති.
ප්‍රඥාව වැලඳගැනීමට අනුශාසනා
පව්කාර මිනිසුන්ගේ ඇරියුම් ගැන අනතුරු ඇඟවීම
8සවන් දෙන්න මා පුත, ඔබේ පියාගේ අවවාදය වෙත;
ඔබේ මවගේ උපදෙස් අත්හැර නො දමන්න.
9ඒවා ඔබේ හිසට ආකර්ෂවත් මල් දමක් ද
ඔබේ ගෙල සරසන මාලයක් ද වේ.
10මා පුත, පව්කරුවෝ ඔබ පොලඹවන කල,
ඔවුනට අවනත නො වන්න.
11“එන්න, අප සමඟ එන්න.
අපි ලේ හැලුමට මග රැක සිටිමු;
අපි රැක සිට අහිංසකයින් අහේතුක ව අල්ලා ගනිමු.
12ෂෙයෝල#1:12 පාතාලය හෙවත් මළවුන්ගේ ස්ථානය සේ අපි ඔවුන් පණ පිටින් ගිල දමමු;
වළ පල්ලට යන්නවුන් පරිදි, මුළුමනින් ඔවුන් ගිල දමමු.
13හැම අයුරක අගනා භාණ්ඩ අපට ලැබෙනු ඇත;
කොල්ල කෑ දෙයින් අපේ ගෙවල් පුරවාගත හැක.
14අප හා සමාගම්කාර වෙයන්න.
අප හැමට පොදු පසුම්බියක් තබා ගනිමු” යි ඔවුන් පැවසිය හැක.
15මා පුත, ඔවුන් යන මාර්ගයේ නො යන්න;
ඔවුන්ගේ මාවතින් ඔබේ පා වළක්වාගන්න.
16මන්ද ඔවුන්ගේ පාද දුෂ්ටකමට යුහුසුලු ය;
ලේ හැලුමට කඩිනම් ය.
17තවද යම් පක්ෂියකුට පෙනෙන ලෙස
දැලක් එලීම කෙතරම් නිෂ්ඵල ද!
18එහෙත් මේ මිනිසුන් රැක සිටින්නේ, තමන්ගේ ම ලේ හැලුමට ය;
ඔවුන් රහසේ රැක සිටින්නේ තමන්ගේ ම ජීවිතවලට ය.
19අයුතු වාසියට ගිජුවන සියල්ලන්ගේ මාර්ග එසේ වේ.
අයුතු වාසි ලබන්නන්ගේ ජීවිත අයුතු වාසියෙන් ම නැසේ.
ප්‍රඥාවේ තරවටුව
20ප්‍රඥාව වීදියෙහි උස් හඬින් මොරගසන්නී ය;
ජනයා රැස් වන කඩ-මණ්ඩිවල සිට ඈ උස්හඩ නගන්නී ය.
21ඝෝෂාකාරී වීදි ඉස්මත්තේ සිට, ඈ මොරගසන්නී ය;
පුරවර පිවිසුම් දොරටු පසෙක සිට, ඈ මෙසේ කියන්නී ය:
22එම්බා අනුවණයිනි, තව කොතෙක් කලක් අනුවණකමට ඇලුම් වෙනවා ද?
ගරහන්නනි, තව කොතෙක් කලක් ගැරහීමෙන් සතුටු වෙනවා ද?
අඥානයින් තව කොතෙක් කලක් නැණ නුවණට වෛර වෙනවා ද?
23මගේ තරවටුවට ඔබ ප්‍රතිචාර දැක්වී නම්,
මවිසින් මගේ ආත්මය නුඹ පිට වගුරුවා,
මගේ ඉගැන්වීම් නුඹට දැනගන්නට සලසන්නට තිබිණි.
24එහෙත් මා හඬ ගැසූ කල, නුඹ මා එපා කළ නිසා,
මා අත දිගු කළ විට, කිසිවකුත් එය නො සැලකූ නිසා,
25මගේ සියලු උපදෙස් නුඹ ගණන් නො ගත් නිසා,
මගේ තරවටුව නො පිළිගත් නිසා,
26මමත්, නුඹේ විපත්තියේදී සිනාසෙන්නෙමි;
නුඹ ආපදාවලට ලක් වූ කල, මම සමච්චල් කරන්නෙමි.
27ආපදා, කුණාටුවක් සේ නුඹ පිසදාලන කල,
විපත්ති, සුළි සුළඟක් සේ නුඹ වනසාලන කල,
දුක් කරදර නුඹ යටකරගන්නා කල, මම නුඹට සමච්චල් කරන්නෙමි.
28එවිට ඔවුන් මට හඬ ගසනු ඇත, එහෙත් මම උත්තර නො දෙන්නෙමි;
ඔවුන් දැඩි උවමනාවෙන් මා සොයනු ඇත, එහෙත් ඔවුනට මා සම්භ වන්නේ නැත.
29ඔවුන් නැණ නුවණට ද්වේෂ කළ නිසා,
ස්වාමින්වහන්සේට භයවීම තෝරා නො ගත් නිසා,
30ඔවුන් මගේ උපදෙස් නො පිළිගත් නිසා,
මගේ තරවටුව ඉවත හෙළා දැමූ නිසා,
31ඔවුන් තමන් කළ දේවල පල භුක්ති විඳිනු ඇත;
තම යටිකූට්ටු වැඩවල පලවලින් පිරෙනු ඇත.
32මන්ද මෙම අනුවණයින්ගේ මුරණ්ඩුකම ඔවුන් නසා දමයි;
අඥානයින්ගේ උදාසීනත්වය ඔවුන් වනසා දමයි.
33එහෙත් මට සවන් දෙන කවුරු නමුත්, උපද්‍රවයනට බිය නො වී,
සැනසිලි සුවයෙන්, සුරක්ෂිත ව ජීවිතය භුක්ති විඳින්නෝ ය.
දැනට තෝරාගෙන ඇත:
හිතෝපදේශ 1: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: