හිතෝපදේශ 2
2
ප්‍රඥාවේ අගය
1මා පුත, ඔබ මගේ වචන පිළිගෙන,
මගේ ආඥා ඔබ තුළ ගබඩා කර ගන්නේ නම්,
2ප්‍රඥාවට ඔබේ සවන් යොමා,
අවබෝධයට ඔබේ හද විවර කරන්නේ නම්,
3ඇත්තෙන් ම ඔබ අවබෝධයට හඬ ගසා,
බුද්ධියට ඔබේ කටහඬ අවදිකරන්නේ නම්,
4ඔබ රිදී සොයන්නාක් මෙන් එය සොයමින්,
සැඟවුණු වස්තුවක් සොයන්නාක් මෙන් වෙහෙසෙන්නේ නම්,
5 ස්වාමින්වහන්සේට භය පක්ෂපාතවීම කුමක් දැයි ඔබ වටහා ගනු ඇත;
දෙවියන්වහන්සේ දැනගැනීම ඔබ අත්කර ගනු ඇත.
6මන්ද ප්‍රඥාව දෙන්නේ ස්වාමින්වහන්සේ ය;
දැනගැන්ම හා අවබෝධය පැමිණෙන්නේ, උන්වහන්සේගේ මුවෙනි.
7අවංකවූවන් සඳහා උන්වහන්සේ ජයග්‍රහණය ගබඩා කර තබන සේක;
නිර්දෝෂ ව කටයුතු කරන්නවුන්ට උන්වහන්සේ පලිහක් වන්නේ,
8යුක්තියේ මාවත් රැකවල් කරමිනි;
ස්වකීය විශ්වාසිකයින්ගේ මාර්ගය සුරකිමිනි.
9එවිට ඔබ දමිටුකම හා යුක්තිය ද
සාධාරණත්වය ද හැම යහ මාවතක් ද වටහා ගනු ඇත.
10මන්ද ප්‍රඥාව ඔබේ හදවතට පිවිසෙනු ඇත,
දැනගැන්ම ඔබේ ජීවයට ප්‍රීතිය වනු ඇත.
11විචක්ෂණ බුද්ධිය ඔබ බලා ගනු ඇත;
අවබෝධය ඔබ රැකවල් කරනු ඇත.
12දුෂ්ට මාර්ගයෙන්,
අගතිගාමී ව කතා කරන මිනිසුන්ගෙන් ප්‍රඥාව ඔබ ගලවා ගනී.
13අන්ධකාර මාර්ගවල ගමන් කරන පිණිස,
ඔවුහු සෘජු මාවත්වලින් බැහැර වූවෝ ය.
14වැරදි කිරීමෙන් ප්‍රමෝදවත් වන ඔවුහු
දුෂ්ටකමේ අගතියෙහි ප්‍රීති වන්නෝ ය.
15ඔවුන්ගේ මාවත් ඇද ය;
ඔවුන්ගේ ක්‍රියා මාර්ග ද වංක ය.
16තවද, එය දුරාචාර ස්ත්‍රියගෙන්,
චාටු කතා කියන පරදාරික ස්ත්‍රියගෙන්, ඔබ මුදා ගනු ඇත.
17ඈ තම දෙවියන්වහන්සේ කළ ගිවිසුම අමතක කරමින්,
තුරුණු වියේ ඇගේ සහකරු අත් හළ තැනැත්තියක.
18මන්ද ඇගේ නිවස මරණයට ගිලා බහින,
මළගියවුන් වෙත යන අඩි පාර ය.
19ඇය වෙත යන කිසිවකු ආපසු එන්නේවත්,
ජීවනයේ මාවතට එළැඹෙන්නේවත් නැත.
20මෙසේ ඔබ සුදනන්ගේ මාර්ගයේ ගමන් ගනු ඇත;
දමිටුන්ගේ මාවත්වල ම රැඳී සිටිනු ඇත.
21මන්ද දේශයේ ජීවත් වනු ඇත්තේ, ඍජු ගති ඇත්තවුන් ය;
එහි පැවත සිටිනු ඇත්තේ නිර්දෝෂී වූවන් ය.
22දුදනෝ දේශයෙන් සිඳ දමනු ලබති;
ද්‍රෝහීහු මුලිනුදුරා දමනු ලබති.
දැනට තෝරාගෙන ඇත:
හිතෝපදේශ 2: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: