ගීතාවලිය 150

150
ගීතාවලිය 150
1 ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්න.
උන්වහන්සේගේ ශුද්ධස්ථානයේදී දෙවියන්වහන්සේට ප්‍රශංසා කරන්න;
උන්වහන්සේගේ පරාක්‍රමවත් අහසේදී, උන්වහන්සේට ප්‍රශංසා කරන්න.
2උන්වහන්සේගේ බලයේ ක්‍රියා ගැන, උන්වහන්සේට ප්‍රශංසා කරන්න;
උන්වහන්සේගේ විශිෂ්ට උත්තම භාවය ගැන, උන්වහන්සේට ප්‍රශංසා කරන්න.
3හොරණෑ නාදයෙන් උන්වහන්සේට ප්‍රශංසා කරන්න,
විණාවෙන් හා මහා වීණාවෙන්, උන්වහන්සේට ප්‍රශංසා කරන්න,
4කිකිණි රබානෙන් හා නැටුමෙන්, උන්වහන්සේට ප්‍රශංසා කරන්න,
සංගීත තතින් හා නළා නාදයෙන්, උන්වහන්සේට ප්‍රශංසා කරන්න,
5අත්තාලම් නාදයෙන් උන්වහන්සේට ප්‍රශංසා කරන්න,
රැව් පිළිරැව් දෙන අත්තාලම් නාදයෙන්, උන්වහන්සේට ප්‍රශංසා කරන්න.
6හුස්ම ගන්නා සියල්ලෝ ම ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරත්වා!
ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්න.

දැනට තෝරාගෙන ඇත:

ගීතාවලිය 150: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න