නෙහෙමි 7:1-5
නෙහෙමි 7:1-5 SCV
පවුර යළි ගොඩ නැගූ කල, මම එහි දොරවල් සවි කර වූවෙමි. දොරටුපාලයෝ, ගායකයෝ හා ලෙවීයයෝ පත් කරන ලදහ. මම යෙරුසලම පාලනයට මගේ සහෝදර හනානී හා ඔහු සමඟ බළකොටු අධිපති හනනියා පත් කළෙමි. මන්ද ඔහු ඉතා විශ්වසනීය වූ, බොහෝ මිනිසුන්ට වඩා දෙවියන්වහන්සේට භය පක්ෂපාතී මිනිසෙකි. මම ඔවුන් අමතමින්, “හිරු උණුසුම් වන තෙක් යෙරුසලමේ දොරටු විවර කරන්නට ඉඩ නො දෙන්න. ඔවුන් මුර කරමින් සිටගෙන සිටිද්දී ම දොරවල් වසා, දොර පොලු දම්මවන්න. ඇතමෙක් තම මුර පොළෙහි ද ඇතමෙක් තමන්ගේ ම නිවෙස් අසල ද මුරට යෙරුසලම් නිවැසියන් අතරින් මුරකරුවන් පත් කරන්නැ” යි පැවසුවෙමි. පුරවරය පළල් ව, විශාල ව තිබිණ. එහෙත් ජනයා සිටියේ ස්වල්ප දෙනෙකි. ඒ වන තෙක් නිවෙස් යළි ගොඩ නගා තිබුණේ නැත. එබැවින් වංශවතුන් ද නිලධාරීන් ද පොදු ජනයා ද පෙළපත් වශයෙන් ලියාපදිංචි කරනු පිණිස, එක් රැස් කරවන්නට මගේ දෙවියන්වහන්සේ මගේ හදවත පෙලඹ වූ සේක. පළමුවෙන් ආපසු පැමිණි අයගේ පෙළපත් ලේඛනය මට හමු විණි. මට හමු වූ එහි ලියා තිබුණු දෑ මෙසේ ය

