නෙහෙමියා 7:1-5
නෙහෙමියා 7:1-5 සිංහල කාලීන පරිවර්තනය (SCV)
පවුර යළි ගොඩ නැගූ කල, මම එහි දොරවල් සවි කර වූවෙමි. දොරටුපාලයෝ, ගායකයෝ හා ලෙවීයයෝ පත් කරන ලදහ. මම යෙරුසලම පාලනයට මගේ සහෝදර හනානී හා ඔහු සමඟ බළකොටු අධිපති හනනියා පත් කළෙමි. මන්ද ඔහු ඉතා විශ්වසනීය වූ, බොහෝ මිනිසුන්ට වඩා දෙවියන්වහන්සේට භය පක්ෂපාතී මිනිසෙකි. මම ඔවුන් අමතමින්, “හිරු උණුසුම් වන තෙක් යෙරුසලමේ දොරටු විවර කරන්නට ඉඩ නො දෙන්න. ඔවුන් මුර කරමින් සිටගෙන සිටිද්දී ම දොරවල් වසා, දොර පොලු දම්මවන්න. ඇතමෙක් තම මුර පොළෙහි ද ඇතමෙක් තමන්ගේ ම නිවෙස් අසල ද මුරට යෙරුසලම් නිවැසියන් අතරින් මුරකරුවන් පත් කරන්නැ” යි පැවසුවෙමි. පුරවරය පළල් ව, විශාල ව තිබිණ. එහෙත් ජනයා සිටියේ ස්වල්ප දෙනෙකි. ඒ වන තෙක් නිවෙස් යළි ගොඩ නගා තිබුණේ නැත. එබැවින් වංශවතුන් ද නිලධාරීන් ද පොදු ජනයා ද පෙළපත් වශයෙන් ලියාපදිංචි කරනු පිණිස, එක් රැස් කරවන්නට මගේ දෙවියන්වහන්සේ මගේ හදවත පෙලඹ වූ සේක. පළමුවෙන් ආපසු පැමිණි අයගේ පෙළපත් ලේඛනය මට හමු විණි. මට හමු වූ එහි ලියා තිබුණු දෑ මෙසේ ය
නෙහෙමියා 7:1-5 Sinhala Revised Old Version (SROV)
පවුර ගොඩනැගුවායින් පසු මම දොරවල් පිහිටෙවුවෙමි, දොරටුපාලයෝද ගායනාකාරයෝද ලෙවීවරුද පත්කරනු ලැබුවෝය. තවද මම මාගේ සහෝදරවූ හනානිද බලකොටුවේ අධිපතියාවූ හනනියාද යෙරුසලම කෙරෙහි පත්කෙළෙමි. මක්නිසාද හනනියා විශ්වාසවූ බොහෝ මිනිසුන්ට වඩා දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ මනුෂ්‍යයෙක්ව සිටියේය. මම ඔවුන්ට කථාකොට: අව්ව සැරවෙන තුරු යෙරුසලමේ දොරවල් අරින්ට නොදෙන්න; ඔවුන් මුරකරන අතරම දොරවල් වසා පොලු දමන්ට යෙදේවා. යෙරුසලමේ වැසියන්ගෙන් මුරකාරයන් එක් එක් කෙනා වශයෙන් තම තමාගේ ගෙය ඉදිරිපිට මුරට සිටුවන්නැයි කීවෙමි. නුවර විශාලව මහත්ව තිබුණාය. නුමුත් එහි සිටි සෙනඟ ස්වල්පය, ගෙවල් ගොඩනගා තිබුණෙත් නැත. පෙළපත් වශයෙන් ගණන් කරන පිණිස උත්තමයන්ද මුලාදෑනීන්ද සෙනඟද රැස්කරන්ට මාගේ දෙවියන්වහන්සේ මාගේ සිත පෙළෙඹවුසේක. පළමුවෙන්ම ආ අයින්ගේ පෙළපත් ලේඛනය මට සම්බවිය
නෙහෙමියා 7:1-5 Sinhala New Revised Version (NRSV)
පවුර ගොඩනැඟුවාට පසු මම දොරවල් පිහිටෙව්වෙමි. දොරටු පාලකයෝ ද ගායනාකාරයෝ ද ලෙවීවරු ද පත් කරනු ලැබූ හ. ඉන්පසු මම මාගේ සහෝදර වූ හනානි ද බලකොටුවේ අධිපතියා වූ හනනියා ද ජෙරුසලමේ පරිපාලනයට පත් කෙළෙමි. කුමක් නිසා ද, හනනියා බොහෝ මිනිසුන්ට වඩා විශ්වාස වූ දෙවියන් වහන්සේ කෙරෙහි ගරුබිය ඇති කෙනෙකු වී සිටියේ ය. මම ඔවුන්ට කතා කොට, “අවු රස්නය සැර වන්නට පෙර ජෙරුසලමේ දොරවල් අරින්න නොදෙන්න. ඔවුන් මුර කරන අතර ම දොරවල් වසා පොලු දමා තිබිය යුතු ය. ජෙරුසලමේ වැසියන්ගෙන් සමහරෙකු මුර වැඩවලට ද අන් සමහරෙකු ඔවුන්ගේ ගෙවල් ඉදිරිපිට ද මුරට යොදවා ගත යුතු ය”යි කීවෙමි. නගරය පළල් ව විශාල ව තිබුණේ ය. එහෙත්, එහි විසූ සෙනඟ ස්වල්ප ය. ගෙවල් ගොඩනඟා තිබුණේ නැත. එවිට පෙළපත් වශයෙන් ජන සංගණනයක් කරන පිණිස උත්තමයන් ද නිලධාරීන් ද සෙනඟ ද රැස් කරවන්නට මාගේ දෙවියන් වහන්සේ මාගේ සිතෙහි අදහසක් ඇති කළ සේක. පළමුවෙන් ම ආ අයගේ පෙළපත් ලේඛනය මට සම්බ විය. එහි මෙසේ ලියා තිබුණි.
නෙහෙමියා 7:1-5 Sinhala New Revised Version 2018 (SNRV)

නෙහෙමියා 7:1-5 New International Version (NIV)
After the wall had been rebuilt and I had set the doors in place, the gatekeepers, the musicians and the Levites were appointed. I put in charge of Jerusalem my brother Hanani, along with Hananiah the commander of the citadel, because he was a man of integrity and feared God more than most people do. I said to them, “The gates of Jerusalem are not to be opened until the sun is hot. While the gatekeepers are still on duty, have them shut the doors and bar them. Also appoint residents of Jerusalem as guards, some at their posts and some near their own houses.” Now the city was large and spacious, but there were few people in it, and the houses had not yet been rebuilt. So my God put it into my heart to assemble the nobles, the officials and the common people for registration by families. I found the genealogical record of those who had been the first to return. This is what I found written there