නෙහෙමි 7

7
1පවුර යළි ගොඩ නැගූ කල, මම එහි දොරවල් සවි කර වූවෙමි. දොරටුපාලයෝ, ගායකයෝ හා ලෙවීයයෝ පත් කරන ලදහ. 2මම යෙරුසලම පාලනයට මගේ සහෝදර හනානී හා ඔහු සමඟ බළකොටු අධිපති හනනියා පත් කළෙමි. මන්ද ඔහු ඉතා විශ්වසනීය වූ, බොහෝ මිනිසුන්ට වඩා දෙවියන්වහන්සේට භය පක්ෂපාතී මිනිසෙකි. 3මම ඔවුන් අමතමින්, “හිරු උණුසුම් වන තෙක් යෙරුසලමේ දොරටු විවර කරන්නට ඉඩ නො දෙන්න. ඔවුන් මුර කරමින් සිටගෙන සිටිද්දී ම දොරවල් වසා, දොර පොලු දම්මවන්න. ඇතමෙක් තම මුර පොළෙහි ද ඇතමෙක් තමන්ගේ ම නිවෙස් අසල ද මුරට යෙරුසලම් නිවැසියන් අතරින් මුරකරුවන් පත් කරන්නැ” යි පැවසුවෙමි.
පිටුවහල්කමින් ආපසු පැමිණියවුන්
4පුරවරය පළල් ව, විශාල ව තිබිණ. එහෙත් ජනයා සිටියේ ස්වල්ප දෙනෙකි. ඒ වන තෙක් නිවෙස් යළි ගොඩ නගා තිබුණේ නැත. 5එබැවින් වංශවතුන් ද නිලධාරීන් ද පොදු ජනයා ද පෙළපත් වශයෙන් ලියාපදිංචි කරනු පිණිස, එක් රැස් කරවන්නට මගේ දෙවියන්වහන්සේ මගේ හදවත පෙලඹ වූ සේක. පළමුවෙන් ආපසු පැමිණි අයගේ පෙළපත් ලේඛනය මට හමු විණි. මට හමු වූ එහි ලියා තිබුණු දෑ මෙසේ ය:
6බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙසර් විසින් අල්ලා, ගෙන යන ලදුව, පිටුවහල් ව සිට ආපසු පැමිණි දේශවාසීහු මොවුහු ය. ඔවුහු යෙරුසලමටත්, යූදාටත්, එකිනෙකා තම තමන්ගේ නගරවලටත් පෙරළා ආහ. 7ඔවුන් පැමිණියේ සෙරුබ්බාබෙල්, යේෂුවා, නෙහෙමියා, අසරියා, රාමියා, නහමානී, මොර්දෙකයි, බිල්ෂාන්, මිස්පෙරෙත්, බිග්වයි, නෙහූම් හා බානා සමඟ ය.
ඉශ්‍රායෙල් ජනයාගේ පුරුෂයින්ගේ ගණන මෙසේ ය:
8පරොෂ්ගෙන් පැවත එන්නෝ දෙදහස් එකසිය හැත්තෑ දෙදෙනෙකි. 9ෂෙෆටියාගෙන් පැවත එන්නෝ තුන්සිය හැත්තෑ දෙදෙනෙකි. 10ආරාගෙන් පැවත එන්නෝ හයසිය පනස් දෙදෙනෙකි. 11පාහත්-මෝවබ්ගෙන් පැවත එන්නෝ එනම් යේෂුවාගෙන් හා යෝවාබ්ගෙන් පැවත එන්නෝ දෙදහස් අටසිය දහඅට දෙනෙකි. 12ඒලාම්ගෙන් පැවත එන්නෝ එක්දහස් දෙසිය පනස්හතර දෙනෙකි. 13සත්තූගෙන් පැවත එන්නෝ අටසිය හතළිස්පස් දෙනෙකි. 14සක්කයිගෙන් පැවත එන්නෝ හත්සිය හැට දෙනෙකි. 15බින්නූයිගෙන් පැවත එන්නෝ හයසිය හතළිස්අට දෙනෙකි. 16බේබයිගෙන් පැවත එන්නෝ හයසිය විසිඅට දෙනෙකි. 17අස්ගාද්ගෙන් පැවත එන්නෝ දෙදහස් තුන්සිය විසි දෙදෙනෙකි. 18අදොනීකාම්ගෙන් පැවත එන්නෝ හයසිය හැටහත් දෙනෙකි. 19බිග්වයිගෙන් පැවත එන්නෝ දෙදහස් හැටහත් දෙනෙකි. 20ආදීන්ගෙන් පැවත එන්නෝ හයසිය පනස්පස් දෙනෙකි. 21ආටේර්ගෙන් එනම් හෙසකියාගෙන් පැවත එන්නෝ අනූඅට දෙනෙකි. 22හාෂුම්ගෙන් පැවත එන්නෝ තුන්සිය විසිඅට දෙනෙකි. 23බේසායිගෙන් පැවත එන්නෝ තුන්සිය විසිහතර දෙනෙකි. 24හාරීෆ්ගෙන් පැවත එන්නෝ එකසිය දෙළොස් දෙනෙකි. 25ගිබෙයොන්ගෙන් පැවත එන්නෝ අනූපස් දෙනෙකි.
26බෙත්ලෙහෙම් හා නෙටොෆාහි මිනිස්සු එකසිය අසූඅට දෙනෙකි. 27අනාතොත් මිනිස්සු එකසිය විසිඅට දෙනෙකි. 28බෙත්-අස්මාවෙත් මිනිස්සු හතළිස් දෙදෙනෙකි. 29කිරියත්-යෙයාරීම්, කෙෆීරා හා බෙයේරොත් මිනිස්සු හත්සිය හතළිස්තුන් දෙනෙකි. 30රාමා හා ගෙබා මිනිස්සු හයසිය විසිඑක් දෙනෙකි. 31මික්මාස් මිනිස්සු එකසිය විසි දෙදෙනෙකි. 32බෙතෙල් හා ආයි මිනිස්සු එකසිය විසිතුන් දෙනෙකි. 33අනෙක් නෙබෝ මිනිස්සු පනස් දෙදෙනෙකි. 34අනෙක් ඒලාම් පුත්‍රයෝ එක්දහස් දෙසිය පනස්හතර දෙනෙකි. 35හාරිම්ගේ පුත්‍රයෝ තුන්සිය විසි දෙනෙකි. 36යෙරිකෝ ජනයාගෙන් තුන්සිය හතළිස්පස් දෙනෙකි. 37ලොද්, හාදීද් හා ඕනෝ පුත්‍රයෝ හත්සිය විසිඑක් දෙනෙකි. 38සෙනා පුත්‍රයෝ තුන්දහස් නවසිය තිස් දෙනෙකි.
39පූජකයෝ නම්:
යේෂුවාගේ පියවංශයෙන් යෙදායාගෙන් පැවත එන්නෝ නවසිය හැත්තෑතුන් දෙනෙකි. 40ඉම්මේර්ගෙන් පැවත එන්නෝ එක්දහස් පනස් දෙදෙනෙකි. 41පෂ්හූර්ගෙන් පැවත එන්නෝ එක්දහස් දෙසිය හතළිස්හත් දෙනෙකි. 42හාරිම්ගෙන් පැවත එන්නෝ එක්දහස් දාහත් දෙනෙකි.
43ලෙවීවරු නම්: යේෂුවාගේ පුත්‍රයෝ එනම් හෝදවියාගේ පුත්‍ර කද්මීයෙල්ගෙන් පැවත එන්නෝ හැත්තෑහතර දෙනෙකි.
44ගායකයෝ නම්: ආසාෆ්ගෙන් පැවත එන්නෝ එකසිය හතළිස්අට දෙනෙකි.
45දොරටුපාලයෝ නම්: ෂල්ලූම්ගෙන් පැවත එන්නෝ, ආටේර්ගෙන් පැවත එන්නෝ, ටල්මොන්ගෙන් පැවත එන්නෝ, අක්කූබ්ගෙන් පැවත එන්නෝ, හටීටාගෙන් පැවත එන්නෝ හා ෂොබායිගෙන් පැවත එන්නෝ එකසිය තිස්අට දෙනෙකි.
46දේව මාලිග සේවකයෝ නම්:
සීහාගෙන් පැවත එන්නෝ, හසූෆාගෙන් පැවත එන්නෝ, ටබ්බාවොත්ගෙන් පැවත එන්නෝ, 47කේරොස්ගෙන් පැවත එන්නෝ, සියාගෙන් පැවත එන්නෝ, පාදොන්ගෙන් පැවත එන්නෝ, 48ලෙබානාගෙන් පැවත එන්නෝ, හගාබාගෙන් පැවත එන්නෝ, ෂල්මයිගෙන් පැවත එන්නෝ, 49හානාන්ගෙන් පැවත එන්නෝ, ගිද්දේල්ගෙන් පැවත එන්නෝ, ගහර්ගෙන් පැවත එන්නෝ, 50රෙයායාගෙන් පැවත එන්නෝ, රෙසීන්ගෙන් පැවත එන්නෝ, නෙකෝදාගෙන් පැවත එන්නෝ, 51ගස්සාම්ගෙන් පැවත එන්නෝ, උස්සාගෙන් පැවත එන්නෝ, පාසේයාගෙන් පැවත එන්නෝ, 52බේසයිගෙන් පැවත එන්නෝ, මෙයූනීම්ගෙන් පැවත එන්නෝ, නෙෆීෂෙසීම්ගෙන් පැවත එන්නෝ, 53බක්බූක්ගෙන් පැවත එන්නෝ, හකූෆාගෙන් පැවත එන්නෝ, හර්හූර්ගෙන් පැවත එන්නෝ, 54බස්ලීත්ගෙන් පැවත එන්නෝ, මෙහීදාගෙන් පැවත එන්නෝ, හර්ෂාගෙන් පැවත එන්නෝ, 55බර්කෝස්ගෙන් පැවත එන්නෝ, සීසෙරාගෙන් පැවත එන්නෝ, තෙමාගෙන් පැවත එන්නෝ, 56නෙසීයාගෙන් පැවත එන්නෝ හා හටීෆාගෙන් පැවත එන්නෝ ය.
57සාලමොන්ගේ සේවකයින්ගෙන් පැවත එන්නෝ නම්: සෝටයිගෙන් පැවත එන්නෝ, සොෆෙරෙත්ගෙන් පැවත එන්නෝ, පෙරීදාගෙන් පැවත එන්නෝ, 58යාලාගෙන් පැවත එන්නෝ, දර්කොන්ගෙන් පැවත එන්නෝ, ගිද්දේල්ගෙන් පැවත එන්නෝ, 59ෂෙෆටියාගෙන් පැවත එන්නෝ, හට්ටීල්ගෙන් පැවත එන්නෝ, පොකෙරෙත්-හස්සෙබායිම්ගෙන් පැවත එන්නෝ හා ආමොන්ගෙන් පැවත එන්නෝ ය.
60දේව මාලිග සේවකයෝ හා සාලමොන්ගේ සේවකයින්ගෙන් පැවත එන්නෝ යන සියල්ලෝ තුන්සිය අනූ දෙදෙනෙකි.
61තේල්-මෙලා, තේල්-හර්ෂා, කෙරූබ්, අද්දොන් හා ඉම්මේර් යන නගරවලින් පිටත් ව ආ අය පහත දැක් වේ. එහෙත් ඔවුන්ට තම පියවංශ හා තමන්ගේ පැවත ඒම පිළිබඳව තමන් අයත් වන්නේ ඉශ්‍රායෙල්ට වග පෙන්විය නො හැකි විය:
62දෙලායාගෙන් පැවත එන්නෝ, ටෝබීයාගෙන් පැවත එන්නෝ හා නෙකෝදාගෙන් පැවත එන්නෝ හයසිය හතළිස් දෙදෙනෙකි.
63තවද පූජකයින්ගෙන් පැවත එන්නෝ නම්:
හොබයියාගෙන් පැවත එන්නෝ, හක්කොස්ගෙන් පැවත එන්නෝ හා බර්සිල්ලයිගෙන් පැවත එන්නෝ (මොහු ගිලියාදීය බර්සිල්ලයිගේ දියණියක බිරිඳ කර ගෙන සිටි බැවින්, ඒ නමින් හැඳින්විණ.)
64මොවුන්ගේ නාම පරම්පරා ලියාපදිංචි ලේඛන අතරේ සොයා බැලූ නමුත් ඒවා එහි සම්බ නො වී ය. එබැවින් පවිත්‍ර නැති හැටියට සලකා, ඔවුන් පූජකවරයෙන් බැහැර කෙරිණ. 65ඌරීම් හා තුම්මීම් මගින් විමසන පූජකයකු නැගිටින තුරු අතිශුද්ධ ආහාරවලින් වළකින ලෙස ආණ්ඩුකරු ඔවුන්ට දැන්වී ය.
66මුළු සමූහයාගේ ගණන හතළිස් දෙදහස් තුන්සිය හැට දෙනෙකි. 67ඒ හැර, ඔවුන්ගේ දාස දාසීන් හත්දහස් තුන්සිය තිස්හත් දෙනෙකි; ගායක ගායිකාවන් දෙසිය හතළිස්පස් දෙනෙක් ඔවුන්ට සිටියහ#7:67 බොහෝ හෙබ්‍රෙව් පිටපත්වල මෙම පදය දක්නට නැත:. 68ඔවුන්ට අශ්වයින් හත්සිය තිස්හයක් ද කොටළුවන් දෙසිය හතළිස්පහක් ද වූහ. 69ඔවුන්ගේ ඔටුවන් හාරසිය තිස්පහකි. ඔවුන්ගේ බූරුවන් හයදහස් හත්සිය විස්සකි.
70පියවංශ ප්‍රධානී කීප දෙනෙක් මේ වැඩයට දායක වූහ. ආණ්ඩුකරු රන් දාරික් දහසක්#7:70 කිලෝග්‍රෑම් 8.4ක් පමණ., පාත්‍ර පනහක් හා පූජක වස්ත්‍ර පන්සිය තිහක් භාණ්ඩාගාරයට දුන්නේ ය. 71තවත් පියවංශ ප්‍රධානීහු ඇතැම් දෙනෙක් රන් දාරික් විසිදහසක්#7:71 කිලෝග්‍රෑම් 170ක් පමණ. 72 වන පදයේ ද එසේ ම ය., රිදී මිනා දෙදහස් දෙසීයක්#7:71 මෙට්‍රික් ටොන් 1.2ක් පමණ. මේ වැඩය සඳහා කාර්ය බාර භාණ්ඩාගාරයට දුන්හ. 72ජනතාවගෙන් ඉතිරි අය රන් දාරික් විසිදහසක් ද රිදී මිනා දෙදහසක් ද#7:72 මෙට්‍රික් ටොන් 1.1ක් පමණ. පූජක වස්ත්‍ර හැටහතක් ද දුන්හ.
73පූජකයෝ ද ලෙවීවරු ද දොරටුපාලයෝ ද ගායකයෝ ද ඔවුන් සමඟ ජනතාවගෙන් ඇතැම් දෙනෙක් ද දේව මාලිග සේවකයෝ ද ඉශ්‍රායෙල්වරු සියල්ලෝ ද තම තමන්ගේ නගරවල පදිංචි වූහ.
එස්රා ව්‍යවස්ථාව කියවයි
හත් වන මාසය වන විට ඉශ්‍රායෙල්වරු තම තමන්ගේ නගරවල පදිංචි වී සිටියහ.

දැනට තෝරාගෙන ඇත:

නෙහෙමි 7: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න