නෙහෙමි 5:14-15
නෙහෙමි 5:14-15 SCV
තවද අර්තාෂස්තා රජුගේ විසිවන අවුරුද්දේ පටන්, යූදා දේශයේ ඔවුන්ගේ ආණ්ඩුකරු ලෙස මා පත් කරනු ලැබූ කාලයේ පටන්, ඔහුගේ තිස්දෙවන අවුරුද්ද දක්වා දොළොස් වසරක් මා හෝ මගේ සහෝදරයින් හෝ ආණ්ඩුකරුට නියමිත ආහාර ගත්තේ නැත. එහෙත් මට කලින් සිටි ආණ්ඩුකාරවරු කෑමවලටත්, මිදි යුෂවලටත් අමතරව රිදී ෂෙකෙල් හතළිහක් අය කිරීමෙන් මහ බරක් ජනතාව පිට පැටවූහ. ඔවුන්ගේ සහායකයින් ද එසේ ම ජනතාව කෙරෙහි ආධිපත්‍යය දැරූහ. එහෙත් දෙවියන්වහන්සේට වූ භය නිසා මා එසේ කළේ නැත.

