නෙහෙමියා 5:14-15
නෙහෙමියා 5:14-15 සිංහල කාලීන පරිවර්තනය (SCV)
තවද අර්තාෂස්තා රජුගේ විසිවන අවුරුද්දේ පටන්, යූදා දේශයේ ඔවුන්ගේ ආණ්ඩුකරු ලෙස මා පත් කරනු ලැබූ කාලයේ පටන්, ඔහුගේ තිස්දෙවන අවුරුද්ද දක්වා දොළොස් වසරක් මා හෝ මගේ සහෝදරයින් හෝ ආණ්ඩුකරුට නියමිත ආහාර ගත්තේ නැත. එහෙත් මට කලින් සිටි ආණ්ඩුකාරවරු කෑමවලටත්, මිදි යුෂවලටත් අමතරව රිදී ෂෙකෙල් හතළිහක් අය කිරීමෙන් මහ බරක් ජනතාව පිට පැටවූහ. ඔවුන්ගේ සහායකයින් ද එසේ ම ජනතාව කෙරෙහි ආධිපත්‍යය දැරූහ. එහෙත් දෙවියන්වහන්සේට වූ භය නිසා මා එසේ කළේ නැත.
නෙහෙමියා 5:14-15 Sinhala Revised Old Version (SROV)
තවද යූදා දේශයේ ඔවුන්ගේ දිශාධිපතියා කොට මා පත්කරනු ලැබූ දවසේ සිට, එනම් අර්තක්ෂස්තා රජුගේ විසිවෙනි අවුරුද්දේ පටන් තිස්දෙවෙනි අවුරුද්ද දක්වා දොළොස් අවුරුද්දක් මුළුල්ලේ, මමවත් මාගේ සහෝදරයෝවත් දිශාධිපතියාට නිසි කෑම නොකෑවෙමු. නුමුත් මට ඉස්සරින් සිටි පළමු දිශාධිපතීහු සෙනඟට බරක් වී, කෑමත් මුද්‍රික පානයත් හැර රිදී ෂෙකෙල් හතළිහකුත් ගත්තෝය; එසේය, ඔවුන්ගේ සේවකයෝ පවා සෙනඟ කෙරෙහි ආණ්ඩුකළෝය. එහෙත් මම දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇතුව සිටි නිසා එසේ නොකෙළෙමි.
නෙහෙමියා 5:14-15 Sinhala New Revised Version (NRSV)
තවද, ජුදා දේශයේ ඔවුන්ගේ දිශාධිපතියා වශයෙන් මා පත් කරනු ලැබූ දවසේ සිට එනම්, අර්තක්ෂස්තා රජුගේ විසි වන අවුරුද්දේ පටන් තිස් දෙ වන අවුරුද්ද දක්වා දොළොස් අවුරුද්දක් මුළුල්ලේ මාගේ ඥාතීහු වත්, මම වත් දිශාධිපතියාට හිමි කෑම නොකෑවෙමු. එහෙත්, මට පෙර සිටි පුරෝගාමි දිශාධිපතිවරු සෙනඟට බරක් වී, කෑමත් මුද්‍රික පානයත් හැර රිදී කාසි හතළිහකුත් අය කරගත්තෝ ය. ඒ පමණක් නොව, ඔවුන්ගේ සේවකයෝ පවා සෙනඟට හිරිහැර කළෝ ය. එහෙත්, මම දෙවියන් වහන්සේ කෙරෙහි ගරුබිය ඇති ව සිටි නිසා එසේ නොකෙළෙමි.
නෙහෙමියා 5:14-15 Sinhala New Revised Version 2018 (SNRV)
තවද, ජුදා දේශයේ ඔවුන්ගේ දිශාධිපතියා වශයෙන් මා පත් කරනු ලැබූ දවසේ සිට එනම්, අර්තක්ෂස්තා රජුගේ විසි වන අවුරුද්දේ පටන් තිස් දෙ වන අවුරුද්ද දක්වා දොළොස් අවුරුද්දක් මුළුල්ලේ මාගේ ඥාතීහු වත්, මම වත් දිශාධිපතියාට හිමි කෑම නොකෑවෙමු. එහෙත්, මට පෙර සිටි පුරෝගාමි දිශාධිපතිවරු සෙනඟට බරක් වී, කෑමත් මුද්‍රික පානයත් හැර රිදී කාසි හතළිහකුත් අය කරගත්තෝ ය. ඒ පමණක් නොව, ඔවුන්ගේ සේවකයෝ පවා සෙනඟට හිරිහැර කළෝ ය. එහෙත්, මම දෙවියන් වහන්සේ කෙරෙහි ගරුබිය ඇති ව සිටි නිසා එසේ නොකෙළෙමි.
නෙහෙමියා 5:14-15 New International Version (NIV)
Moreover, from the twentieth year of King Artaxerxes, when I was appointed to be their governor in the land of Judah, until his thirty-second year—twelve years—neither I nor my brothers ate the food allotted to the governor. But the earlier governors—those preceding me—placed a heavy burden on the people and took forty shekels of silver from them in addition to food and wine. Their assistants also lorded it over the people. But out of reverence for God I did not act like that.