නෙහෙමි 5
5
දුප්පතුන් සැලකීම
1මෙකල මිනිස්සු හා ඔවුන්ගේ බිරින්දෑවරු ඔවුන්ගේ සහෝදර යුදෙව්වරුන්ට එරෙහිව මහ උද්ඝෝෂණයක් නැගූහ. 2ඇතමෙක් කතා කොට, “අපේ පුතුන් හා දූවරුන් සමඟ අප ගණනින් බොහෝ දෙනෙකි; ජීවත් වීම සඳහා අපට කන්නට අප ධාන්‍ය ලබා ගත යුතු යැ” යි කීහ.
3එසේ ම තවත් අය, “ධාන්‍ය ලබා ගන්නට අපේ කෙත් වතු, අපේ මිදි වතු හා අපේ නිවෙස් සාගතය නිසා අප උකස් තබනවා” යි කීහ.
4තවත් සමහරු, “අපේ කෙත් වතු හා මිදි වතු සඳහා රජුගේ බදු ගෙවන්නට මුදල් ණයට ගන්නට අපට සිදු වුණා. 5දැන් අපගේ මාංස අපගේ සහෝදරයන්ගේ මාංසය මෙන් ම ය, අපගේ දරුවන් ඔවුන්ගේ දරුවන්ට සමාන ය; එහෙත් අපේ පුතුන් පිටුවහල් බැම්මටත්, අපගේ දූවරු වහල්කමටත් යටත් කරන්නට අපට සිදු වෙලා. අපේ දූවරුන් ඇතැම් දෙනකු දැනටමත් වහල් බැම්මට අරගෙන; ඒත් කිසිවක් කරන්නට අපට බලයක් නැහැ. මන්ද අපේ කෙත් වතු හා මිදි වතු වෙනත් අයට අයිති වෙලා” යි කීහ.
6ඔවුන්ගේ මොර ගැසීම හා මේ වචන ඇසූ කල මම ඉතා කෝප වීමි. 7මම ඒ ගැන ඕනෑකමින් සිතා බලා, වංශවතුන්ටත්, නිලධාරීන්ටත් දොස් නගමින්, “ඔබ, ඔබේ ම සහෝදරයන්ට පොලියට ණය දෙනවා” යි පැවසුවෙමි. එබැවින් ඔවුන්ට එරෙහිව මහ රැස්වීමක් කැඳවූ මම, 8“අන්‍ය-ජාතීන්ට විකුණනු ලැබ සිටි අපේ සහෝදර යුදෙව්වරුන් අප අපට හැකි අයුරින් ආපසු මිල දී ගෙනවුත් ඇත; ඒත් දැන් ඔබ කරන්නේ නැවතත් ඔවුන් අපට විකුණනු සඳහා ඔබේ සහෝදර ජනයා විකිණීම යැ” යි ඔවුන්ට කීවෙමි. එවිට ඔවුහු නිශ්ශබ්ද ව වුන්හ; මන්ද කියන්නට වචන සොයා ගන්නට ඔවුන්ට නො හැකි විණි.
9එනිසා මම දිගට ම කතා කරමින්, “ඔබ කරන දේ හොඳ නැත. අපගේ විජාතික සතුරන්ගේ අපහාස වළකනු පිණිස අප අපගේ දෙවියන්වහන්සේට භය පක්ෂපාතී ව හැසිරිය යුතු නො වේ ද? 10මා ද මගේ සහෝදරයින් හා මගේ සේවකයින් ඔවුන්ට මුදල් හා ධාන්‍ය ණයට දෙනවා. එහෙත් මේ පොලී ගැනීම අත්හැර දමමු. 11ඔවුන්ගේ කෙත් වතු, මිදි වතු, ඔලීව වතු හා ඔවුන්ගේ නිවෙස් ද ඒ වගේ ම මුදලින්, ධාන්‍යවලින්, අලුත් මිදි යුෂවලින් හා තෙල්වලින් ඔබ ඔවුන්ගෙන් අය කරන ලද පොලිය වන සියයයේ පංගුව ද අද ම ඔවුන්ට ආපසු දෙන්නැ” යි පැවසීමි.
12“අපි ඒක ආපහු දෙන්නම්” යි පැවසූ ඔවුහු, “කිසිවක් අප ඔවුන්ගෙන් ඉල්ලන්නේ නැහැ. ඔබ අපට කී ලෙස අපි කරන්නෙමු” යි පැවසූහ.
එවිට මම පූජකයින් කැඳවා, ඔවුන් පොරොන්දු වූ දේ ඉටු කරන හැටියට දිවුරුමක් කරන්නට සැලැස්වීමි. 13මම මගේ ඔඩොක්කුව ගසා දමා, “මේ පොරොන්දුව ඉටු නො කරන හැම මිනිසකු ම ඔහුගේ නිවසින් ද ඔහුගේ දේපොළවලින් ද දෙවියන්වහන්සේ මේ අයුරින් පිටතට ගසා දමන සේක්වා! මෙසේ ඒ මිනිසා සොලවනු ලැබ, හිස් වේවා!” යි කීමි.
එවිට මුළු සභාව, “ආමෙන්!” කියා ස්වාමින්වහන්සේට ප්‍රශංසා කළහ. එසේ ජනයා පොරොන්දු වූ පරිදි ක්‍රියා කළහ.
14තවද අර්තාෂස්තා රජුගේ විසිවන අවුරුද්දේ පටන්, යූදා දේශයේ ඔවුන්ගේ ආණ්ඩුකරු ලෙස මා පත් කරනු ලැබූ කාලයේ පටන්, ඔහුගේ තිස්දෙවන අවුරුද්ද දක්වා දොළොස් වසරක් මා හෝ මගේ සහෝදරයින් හෝ ආණ්ඩුකරුට නියමිත ආහාර ගත්තේ නැත. 15එහෙත් මට කලින් සිටි ආණ්ඩුකාරවරු කෑමවලටත්, මිදි යුෂවලටත් අමතරව රිදී ෂෙකෙල් හතළිහක්#5:15 ග්‍රෑම් 460ක් පමණ. අය කිරීමෙන් මහ බරක් ජනතාව පිට පැටවූහ. ඔවුන්ගේ සහායකයින් ද එසේ ම ජනතාව කෙරෙහි ආධිපත්‍යය දැරූහ. එහෙත් දෙවියන්වහන්සේට වූ භය නිසා මා එසේ කළේ නැත. 16ඒ වෙනුවට මේ පවුර ගොඩ නැගීමට මම කැප වීමි. මගේ සියලු මිනිසුන් ද එහි වැඩට එකතු වූහ; අප කිසි ඉඩමක් අත්පත් කර ගත්තේ නැත.
17තවද යුදෙව්වරුන් හා නිලධාරීන් ද අප අවට ජාතීන් වෙතින් අප වෙත ආ අය ද ඇතුළු එකසිය පනස්දෙනකු කෑම ගත්තේ මගේ මේසයෙනි. 18හැම දිනක ම වස්සකු ද තර බැටළුවන් හය දෙනකු ද කුකුළන් කීප දෙනකු ද මා සඳහා පිළියෙල කෙරිණි. හැම දින දහයකට ම වරක් හැම වර්ගයේ ම මිදි යුෂ තොගයක් සැපයිණි. එහෙත් මේ ජනයාට දරන්නට නො හැකි බැවින් ආණ්ඩුකරුට නියමිත කෑම කිසි කලෙකත් මා ඉල්ලුවේ නැත.
19මේ ජනයා උදෙසා මා කළ සියල්ල නිසා ප්‍රසාදයෙන් යුතු ව මා සිහි කළ මැනව, අහෝ මගේ දෙවියන්වහන්ස.
දැනට තෝරාගෙන ඇත:
නෙහෙමි 5: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.