යෝෂුවා 6:22-25

යෝෂුවා 6:22-25 SCV

දේශයේ ඔත්තු බැලූ මිනිසුන් දෙදෙනා ඇමතූ යෝෂුවා, “වෙසඟනගේ නිවසට යන්න. ඔබ ඇයට දිවුරූ පරිදි ඇයත්, ඇයට අයිති සියලු දෙනාත් පිටතට කැඳවන්නැ” යි කී ය. එබැවින් ඔත්තු බැලූ තරුණයෝ ඇතුල් ව, රාහාබ් ද ඇගේ පියා හා මව ද ඇගේ සහෝදරයන් ද ඇයට අයත් සියල්ලන් ද පිටතට කැඳවාගෙන ආහ. ඔවුහු ඇගේ පවුලට අයත් සියල්ලන් පිටතට ගෙනවුත්, ඉශ්‍රායෙල් කඳවුරින් පිටත ස්ථානයක රැඳවූහ. ඉන්පසු ඔවුහු පුරවරයත්, එහි වූ සියල්ලත් පුලුස්සා දැමූහ. එහෙත් රිදී හා රන් ද ලෝකඩ හා යකඩ භාජන ද පමණක් ස්වාමින්වහන්සේගේ ගෘහයේ භාණ්ඩාගාරයේ තැන්පත් කළහ. එහෙත් රාහාබ් වෙසඟන හා ඇගේ පියාගේ ගෘහ වාසීන් ඇතුළු ඇයට අයත් සියල්ලන් ද යෝෂුවා බේරා ඉතිරි කළේ ය. එසේ කළේ යෝෂුවා විසින් යෙරිකෝ පුරවරය ඔත්තු බැලීමට ඔත්තුකරුවන් යැවූ කල, රාහාබ් ඔවුන් සැඟැවූ නිසා ය. අද දක්වාත් ඈ, ඉශ්‍රායෙල්වරුන් අතරේ වාසය කරන්නී ය.

යෝෂුවා 6:22-25 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය