යෝබ් 41:1-3
යෝබ් 41:1-3 SCV
“බිලි කටුවකින් ලෙවියාතන් ගොඩට අදින්නට නුඹට පුළුවන් ද? නැතහොත් කඹයකින් උගේ දිව බැඳ දමන්නට පුළුවන් ද? උගේ නාසය තුළින් ලණු පොටක් දමන්නට, නැතහොත් කොක්කකින් උගේ හක්ක සිදුරු කරන්නට නුඹට පුළුවන් ද? ඌ නුඹෙන් බොහෝ සේ දයාව අයැදී ද? නුඹ සමඟ මෘදු වචන තෙපලාවි ද?

