යෝබ් 3
3
යෝබ්ගේ ශෝකාලාපය
1ඉන්පසු යෝබ් කටහඬ අවදි කරමින්, තම උපන් දවසට ශාප කරන්නට වී, 2මෙසේ කීවේ ය.
3“මා උපන් දවස නැති-භංග වේවා!
‘පිරිමි දරුවෙක් ගැබ් ගත්තා’ යි කී රාත්‍රිය ද නැති-භංග වේවා!
4ඒ දවස අන්ධකාරයට හැරේවා!
ඉහළ ස්වර්ගයේ දෙවියන්වහන්සේ එය නො සලකා හරීවා!
ආලෝකය එහි නො බැබළේවා;
5අන්ධකාරයත්, ඝන කළුවරත් ඊට හිමිකම් කියාවා,
වලාකුළු ඒ පිට රඳා සිටීවා,
කළුවරෙන් එහි එළිය යටපත් වේවා.
6ඝන අන්ධකාරය ඒ රාත්‍රිය ගිල ගනීවා;
අවුරුද්දේ දවස් අතරේ එය ගණන් නො ගැනේවා!
මාස අතරට එය අයත් නො වේවා!
7ඒ රාත්‍රිය වඳ එකක් වේවා;
ප්‍රීතියේ කෑ-කෝ හඬ, ඒ රැයේ නො ඇසේවා.
8වස් කවි කියන්නෝ, ලෙවියාතන්#3:8 ලෙවියාතන් එනම් නාස්තිකාර බලවේග නියෝජනය කරන විශාල මුහුදු සත්වයෙක් අදහස් කෙරේ. අවුස්සන්ට පුළුවන්කම ඇත්තෝ
ඒ දවසට ශාප කරත්වා;
9එහි උදා-තරුවල එළිය, අඳුරු වේවා;
දැන් දැන් එළිය වැටෙතැයි නිකරුණේ බලා සිටීවා;
අරුණලු හිරු රැස් ඊට දකින්නට නො ලැබේවා.
10මන්ද මේ විපත්ති මගේ ඇසින් නො දකින පිණිස,
මා පිළිසිඳ ගැන්ම වළකමින් එය මා වැදූ දරු ගැබ වසා දැම්මේ නැත;
11“උපතේදී ම මා නො මැරුණේ ඇයි?
මවු කුසෙන් බිහි වෙද්දී මා නො නැසුණේ ඇයි?
12මවු උකුළට මා පිළිගැනුණේ ඇයි?
මා පෝෂණයට ඇගේ ළයට කිරි එරුණේ ඇයි?
13එසේ නො වී නම්, මෙලහකට මට සමාදානයේ සැතපී ඉන්නට තිබිණි;
නිසල නින්දේ විවේක ගන්නට තිබිණි.
14දැන් ගරා වැටී ඇති මන්දිර තමනට ගොඩ නගා ගත්
පොළොවේ රජුන් හා රාජ්‍ය තාන්ත්‍රිකයන් සමඟ ද
15රත්රන් හිමි ව තිබූ, තම නිවෙස් රිදීවලින් පුරවා ගෙන සිටි
අධිපතීන් සමඟ ද මට සැතපෙන්නට තිබිණ.
16උපන් ගෙයිහි ම මළ දරුවකු සේ, කිසි කල මෙලොව එළිය නුදුටු ළදරුවකු සේ,
මා වළලනු නො ලද්දේ ඇයි?
17දුෂ්ටයින් ආරවුල් ඇතිකර ගැනීම එහිදී නවතා ඇත;
වෙහෙස මහන්සි වූවෝ එහිදී විවේකය ලබති.
18වහල්කමට ගෙන යනු ලැබූවෝ සුව-පහසුව විඳිති.
වැඩ විදානේගේ ගෝරනාඩුව දැන් ඔවුන්ට ඇසෙන්නේ නැත.
19ලොකු කුඩා සියල්ලෝ එහි වෙති;
දාසයා, හාම්පුතුගේ ආධිපත්‍යයෙන් නිදහස් ය.
20“අභාග්‍යවත් අයට එළිය දෙනු ලබන්නේ මන්ද?
ජීවිතය එපා වූ අය ජීවත් කරවන්නේ මන්ද?
21නිදන් වස්තුවක් සොයන්නා සේ දැඩි ඕනෑකමින්,
මරණය ප්‍රාර්ථනා කරන්නන් වෙත එය ළඟා නො වේ.
22මිනී වළට ළඟා වන කල සතුටින් පිරී,
ඔවුහු ප්රමෝදයට පත් වෙති;
23දෙවියන්වහන්සේ විසින් වැට බැඳ,
කොටු කරනු ලැබ, තමා යා යුතු මාර්ගය සැඟවී ඇති මිනිසාට
ජීවිතය දී ඇත්තේ ඇයි?
24මන්ද කෑම වෙනුවට මට ලැබෙන්නේ සුසුම් ලෑම ය;
මගේ කෙඳිරිගෑම වතුර සේ වැගිරේ.
25මා බිය වූ දෑ මා පිට පැමිණ ඇත;
මා තැති ගත් දෑ මට සිදුව තියේ.
26සාමය මට නැත; විවේකය ද නැත;
මට සැනසිල්ල නැත; ඇත්තේ දුක් කරදර පමණි.”
දැනට තෝරාගෙන ඇත:
යෝබ් 3: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.