යෝබ් 25

25
බිල්දද් තෙවන වරටත්
1එකල ෂූහීය බිල්දද් මෙසේ පැවසී ය:
2“ස්වාධිපත්‍යය හා ගරු භයංකාරත්වය අයිති දෙවියන්වහන්සේට ය;
උන්වහන්සේ ස්වර්ගයේ උසස් ම තැන්හි සාමය පිහිටු වන සේක.
3උන්වහන්සේගේ බළ සේනා ගණන් කළ හැකි ද?
උන්වහන්සේගේ ආලෝකය උදා නො වන්නේ කවරකුට ද?
4එසේ නම් මනුෂ්‍යයකුට දෙවියන්වහන්සේ ඉදිරියේ ධර්මිෂ්ඨ විය හැක්කේ කෙසේ ද?
ස්ත්‍රියකගෙන් උපන් තැනැත්තා පවිත්‍ර කෙනකු වන්නේ කෙසේ ද?
5දන්නවා ද! උන්වහන්සේගේ ඇස් හමුවෙහි සඳ මඬල පවා දීප්තිමත් නැත;
තාරකා ද පවිත්‍ර නැත.
6එසේ නම් ඉහඳ පණුවකු වැනි මිනිසා,
පණුවකු පමණක් වූ මිනිස් පුත්‍රයා ගැන කියනුම කවරේ ද?”

දැනට තෝරාගෙන ඇත:

යෝබ් 25: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න