යෝබ් 24
24
1“සර්ව පරාක්‍රමයාණන්වහන්සේ විනිශ්චයට කාලය නියම නො කරන්නේ ඇයි?
උන්වහන්සේ හඳුනන්නවුන් ඒ දවස් ගැන කිසිවක් නො දකින්නේ ඇයි?
2ඇතැම්හු මායිම් ගල් වෙනස් කරති;
ඔවුහු තමන් පැහැර ගත් සත්ව රංචු තණ කවති.
3ඔවුහු පියා නැති අනාථයාගේ බූරුවා ඉවත දක්කාගෙන යති;
ඔවුහු වැන්දඹුවකගේ ගවයා උගසක් කොට ගෙන යති;
4ඔවුහු මං මාවත්වලින් දුප්පතුන් ඉවත තල්ලු කර දමති;
දේශයේ දුගීන් හැමට සැඟවෙන්නට බල කරති.
5දුගී ජනයා කැලෑ බූරුවන් මෙන්
කාන්තාරයේ ඔබ මොබ යමින් කෑම සොයා වෙහෙසෙති;
පාළු මුඩු බිම ඔවුන්ගේ දරුවනට අහර සපයා දේ.
6ඔවුහු කෙත්වලින් කරල් එකතු කර ගනිති;
දුෂ්ටයින්ගේ මිදි වතුවලින් වැටුණු පල ඇහිඳ ගනිති.
7ඇඳුම් නොමැතිකමින් ඔවුහු නිර්වස්ත්‍ර ව රැය ගත කරති;
ශීතලෙන් ආරක්ෂාවන්නට අවැසි කිසිවක් ඔවුනට නැත.
8ශීතල කඳුකර වැස්සෙන් දියබත් වන ඔවුහු,
සෙවණක් නොමැතිකමින් පර්වත වැලඳ ගනිති.
9පියා නැති අනාථ දරුවා මවගේ ළයෙන් ඩැහැ ගැනේ;
දිළිඳු ළදරුවන් උගසක ඇපයට බලෙන් අල්ලා ගැනේ.
10ඇඳුම් නොමැතිකමින් ඔවුන් ඔබ මොබ යන්නේ නිරුවතිනි;
ඔවුන් ගොයම් මිටි උසුලාගෙන යතත්, සිටින්නේ හාමතේ ය.
11ඔවුහු තාප්ප කණ්ඩි අතර සිට ඔලීව තෙල් හිඳිති;
ඔවුහු මිදි යුෂ පෙරීමට මිදි මෝලේ වෙහෙසෙන නමුදු පිපාසයෙන් පෙළෙති.
12මිය යමින් සිටින්නවුන්ගේ කෙඳිරිගෑම පුරවරයෙන් නැගේ;
තුවාලවූවන්ගේ ජීවය, උපකාර ඉල්ලා මොර ගසයි;
එහෙත් දෙවියන්වහන්සේ කිසිවකු පිට වරද තබන්නේ නැත.
13“ආලෝකයට එරෙහිව කැරලිගසන්නෝ වෙති;
එහි මාර්ග ගැන ඔවුනට දැනුමක් නැත;
ඔවුන් එහි මාවත්වල රැඳී සිටින්නේ ද නැත.
14දහවල එළිය පහව ගිය විට මිනී මරුවා නැගිට,
දුප්පතුන් හා දිළිඳුන් මරා දමයි.
රාත්රියේදී ඔහු සොරකු මෙන් වෙයි.
15පරදාර සේවනයේ ගැලෙන්නා, ඇඳිරි වැටෙන තෙක් බලා සිටී.
‘කිසිවකුගේ ඇසකට මා නො පෙනේ’ කියමින්,
ඔහු තම මුහුණ ආවරණ කර ගනියි.
16රෑ-අඳුරේ මිනිස්සු ගෙවල් බිඳිති;
එහෙත් දහවල ඔවුහු ගෙවලට වී සැඟවී සිටිති;
ආලෝකයේ කිසිවක් කිරීම ඔවුන්ට නුහුරු ය.
17ඝන අන්ධකාරය ඔවුන් සියල්ලන්ගේ උදෑසන ය;
අන්ධකාරයේ භීතිය සමඟ ඔවුන් මිතුරු ය.
18“එහෙත් ඔවුන් ජලය මතු පිට පෙණ වැන්න;
දේශයේ ඔවුන්ගේ කොටස ශාප ලැබූවකි;
එහි මිදි වතුවලට කිසිවකුත් යන්නේ නැත.
19උෂ්ණය හා නියඟය හිම කැටි ඩැහැගන්නා සේ
ෂෙයෝල#24:19 පාතාලය හෙවත් මළවුන්ගේ ස්ථානය පව් කළවුන් ඩැහැ ගනී.
20ගර්භය ඔවුන් අමතක කරයි;
පණුවෝ රසවත් බොජුනකට ඔහු ගනිති;
ඔවුන් තවදුරටත් සිහිපත් නො කෙරේ;
දුෂ්ටකම ගසක් මෙන් කඩා දැමේ.
21දරුවන් නොමැති වඳ ස්ත්‍රියට හිරිහැර කරන ඔවුහු,
වැන්දඹුවනට කරුණාව නො දක්වති.
22දෙවියන්වහන්සේ ස්වකීය බලයෙන් බලවතුන් ඉවත ඇද දමන සේක;
ඔවුන් ස්ථාවර ව පිහිටා සිටියත් ජීවිතය පිළිබඳ සහතිකයක් ඔවුනට නැත.
23සුරක්ෂිත ය යන හැඟීමෙන් පසුවන්නට උන්වහන්සේ ඔවුනට ඉඩ සලසන නමුදු,
උන්වහන්සේගේ ඇස් ඔවුන්ගේ මාර්ග දෙසට යොමු ව ඇත.
24සුළු කලකට ඔවුහු උසස් කරනු ලබති; ඉන්පසු ඔවුන් තුරන් ව ගොසිනි;
ඔවුහු පහත් කරනු ලැබ, අන් සියල්ලන් මෙන් එක්කාසු කරනු ලබති;
ගොයම් කරල් මෙන් ඔවුන් කපා දැමේ.
25“ඒ එසේ නො වේ නම්, මා කී දෑ අසත්‍යයයි ඔප්පු කොට,
මගේ වචන නිෂ්ප්‍රභ කළ හැක්කේ කවරකුට ද?”
දැනට තෝරාගෙන ඇත:
යෝබ් 24: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: