යෝබ් 26
26
යෝබ්ගේ පිළිතුර
1එවිට යෝබ් පිළිතුරු දෙන්නට වන්නේ ය:
2“ශක්තියෙන් හීනවූවකුට නුඹ පිහිට වූ හැටි අපූරුයි!
දුර්වල බාහුවක් මුදා ලූ හැටි හරි කදිමයි!
3ප්‍රඥාව නැත්තාට නුඹ දුන් උපදෙස් හරි අගෙයි!
නුඹ ප්‍රදර්ශන කළ තීක්ෂණ බුද්ධිය කොතරම් මහත් ද!
4නුඹ ඔය හෑල්ල කීවේ කවරකුට ද?
නුඹේ මුඛයෙන් කතා කළේ කවරකුගේ ආත්මය ද?
5“මළා වූ බලවන්තයන්ගේ ආත්මයෝ ද
ජලයට යටින් වෙසෙන සියල්ලෝ ද වෙවුලති.
6ෂෙයෝල#26:6 පාතාලය හෙවත් මළවුන්ගේ ස්ථානය දෙවියන්වහන්සේ ඉදිරියෙහි නිරුවත් ය;
අබද්දොන්#26:6 අබද්දොන් එනම් විනාශය අනාවරණ ව ඇත.
7උන්වහන්සේ උතුරු අහස හිස් අභ්‍යවකාශයේ අතුරන සේක්,
පෘතුවිය ශූන්‍යතාවයෙහි එල්ලා තබන සේක.
8උන්වහන්සේ තම වලාකුළුවල ජලය ඔතා තබන සේක;
ඒ වලාකුළු ද ඒවායේ බරින් පැළී යන්නේ නැත.
9උන්වහන්සේ සඳ මඬලේ මුහුණත ආවරණ වන සේ
තම වලාකුළු ඊට උඩින් විහිදන සේක.
10එළිය හා අඳුර අතර සීමා මායිම දක්වමින්
උන්වහන්සේ සාගර ජල මත ක්ෂිතිජය සලකුණු කරන සේක;
11උන්වහන්සේගේ තරවටුවෙන් භයපත් ව,
අහස් කුලුනු සැලෙන්නට වෙයි.
12ස්වකීය බලයෙන් උන්වහන්සේ මුහුද චංචල කළ සේක.
ස්වකීය ප්‍රඥාවෙන් උන්වහන්සේ රහබ් ගසා හෙළූ සේක;
13උන්වහන්සේගේ හුස්මෙන් අහස ශෝභමාන විය;
උන්වහන්සේගේ හස්තයෙන් ලිස්සා යන සර්පයා තුවාල කෙරිණ.
14දන්නවා ද! මේ කී දෑ උන්වහන්සේගේ කටයුතුවල වටාපිටාව පමණි;
අපට ඇසෙන උන්වහන්සේගේ කෙඳිරීම කොතරම් සිහින් ද!
එසේ නම් උන්වහන්සේගේ බලයේ ගිගුරුම් වටහා ගත හැක්කේ කවරකුට ද?”
දැනට තෝරාගෙන ඇත:
යෝබ් 26: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: