යෙරමියා 1

1
1යෙරමියාගේ වචන: ඔහු බෙන්යමින් දේශයේ අනාතොත්හි පූජකයින්ගෙන් කෙනකු වූ හිල්කීයාගේ පුත්‍රයා ය. 2ඔහු වෙත ස්වාමින්වහන්සේගේ වචනය පැමිණියේ ආමොන්ගේ පුත්‍ර, යූදාහි රජු වූ යොෂීයාගේ රාජ සමයේ දහතුන් වන වසරේදී ය. 3තවද යොෂීයාගේ පුත්, යූදාහි රජු වූ යෙහෝයාකීම්ගේ රාජ්‍ය සමයේ හා යොෂීයාගේ පුත්, යූදාහි රජු වූ සෙදෙකියාගේ එකොළොස් වන අවුරුද්දේ පස් වන මස යෙරුසලම හසු වී විප්‍රවාසයට යන තෙක් ම එය පැමිණියේ ය.
දේව කැඳවීම
4 ස්වාමින්වහන්සේගේ වචනය මෙසේ පවසමින් මා වෙත පැමිණියේ ය.
5“මා, ගර්භයෙහි ඔබ තනන්නටත් කලින් මම ඔබ හැඳින සිටියෙමි;
ඔබ උපදින්නටත් පළමු, මම ඔබ කැප කර ගතිමි.
ජාතීන්ට දිවැසිවරයකු කොට මම ඔබ පත් කළෙමි.”
6එවිට මම, “අහෝ, පරමාධිපති ස්වාමින්වහන්ස, බලන්න කෙලෙස කතා කරන්නදැයි මම නො දනිමි. මන්ද තවමත් මම කොලු ගැටයකු පමණි” යි කීවෙමි.
7එහෙත් ස්වාමින්වහන්සේ මා අමතමින්, “ ‘මම කොලු ගැටයකු පමණි’ යි නො කියනු. මන්ද මා ඔබ යවන හැම කෙනකු වෙත ම ඔබ යා යුතු ය. මා ඔබට අණ කරන කවරක් වුව, ඔබ පැවසිය යුතු ය. 8ඔවුනට භය නො වන්න. මන්ද ඔබ ගලවන්නට මම ඔබ සමඟ සිටිමි” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේකැයි පැවසූ සේක.
9ඉන්පසු ස්වාමින්වහන්සේ තම අත දිගු කොට, මගේ මුව ස්පර්ශ කළ සේක. ස්වාමින්වහන්සේ මා අමතමින්, “ඔන්න! මම මගේ වචන ඔබේ මුවෙහි තැබීමි. 10බලන්න! උදුරන්නට හා කඩා බිඳින්නටත්, වනසාලන්නට හා බිඳ හෙළන්නටත්, ගොඩ නගන්නට හා සිටුවාලන්නටත් ජාතීන්ට ද රාජ්‍යයන්ට ද ඉහළින් අද මම ඔබ පත් කළෙමි” යි පැවසූ සේක.
11 ස්වාමින්වහන්සේගේ වචනය මා වෙත පැමිණ, “යෙරමියා, ඔබට පෙනෙන්නේ මොනවා දැ?” යි පැවසී ය.
“බාදම්#1:11 බාදම් එනම් ආමන්ඩ්#1:11 හෙබ්‍රෙව් බසින් බාදම් ගස සහ පරීක්ෂාවෙන් බලා සිටින යන යෙදුම් එක සමාන ය. ගසක අත්තක් මට පෙනේ යැ” යි මම කීමි.
12එවිට ස්වාමින්වහන්සේ, “ඔබ දැක්කා හරි, මන්ද මගේ වචනය ඉටුවනු දකින්නට මම පරීක්ෂාවෙන් බලා හිඳිමි” යි පැවසූ සේක.
13 ස්වාමින්වහන්සේගේ වචනය දෙවන වරටත් මා වෙත පැමිණියේ, “ඔබට පෙනෙන්නේ මොනවා දැ?” යි අසමින් ය.
“උතුරු පැත්තේ සිට ඇලවී තිබෙන උතුරන හැළියක් මට පෙනේ” යි මම පිළිතුරු දුනිමි.
14 ස්වාමින්වහන්සේ එවිට මා අමතමින්, “දේශයේ වෙසෙන සියල්ලන් මත උතුරු දෙසින් විපත්තිය උතුරා හැලෙනු ඇත. 15මන්ද යත් ඔන්න! උතුරු රාජ්‍යයන්හි සියලු ජනයින් මම දැන් කැඳවන්නෙමි” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
“ඔවුහු අවුත්, හැම කෙනෙක් ම යෙරුසලමේ දොරටු අබියස
තම සිහසුන පිහිටුවා ගනිති.
ඒ වටා වූ මුළු පවුරුවලට එරෙහිව ද
යූදාහි සියලු නගරවලට එරෙහිව ද ඔවුහු පැමිණෙති.
16මා අත්හැර දමමින් කළ ඔවුන්ගේ සියලු දුෂ්ටකම්වලට එරෙහිව
මම මගේ විනිශ්චය ප්‍රකාශ කරන්නෙමි.
ඔවුහු අන් දෙවිවරුන්ට පූජා ඔප්පු කළහ.
තමන්ගේ ම අත්වලින් සෑදූ දෑට නමස්කාර කළහ.
17“එහෙත් ඔබ, ඉඟ පටිය බැඳ, ලැහැස්ති වන්න. නැගිටින්න. මා ඔබට අණ කරන සියල්ල ඔවුන්ට පවසන්න. ඔබ භය ගන්වන්නට ඔවුන්ට ඉඩ නො දෙන්න. නැතහොත් මම ඔවුන් ඉදිරිපිට ඔබ භය ගන්වන්නෙමි. 18තවද මම, මෙන්න අද දවසේ මම මුළු දේශයට එරෙහිව, යූදාහි රජවරුන්ට එරෙහිව, එහි අධිපතීන්ට, එහි පූජකයන්ට හා දේශවාසීන්ට එරෙහිව බළකොටු පුරවරයක් ද යකඩ කුලුනක් ද ලෝකඩ පවුරක් ද කොට ඔබ පත් කරමි. 19ඔබට එරෙහිව ඔවුන් සටන් වදිනු ඇත. එහෙත් ඔවුන්, ඔබ පරදවන්නේ නැත. මන්ද ඔබ ගලවන්නට මම ඔබ සමඟ සිටිමි” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.

දැනට තෝරාගෙන ඇත:

යෙරමියා 1: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න