යෙසායා 66
66
විනිශ්චය හා බලාපොරොත්තුව
1 ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක:
“ස්වර්ගය මගේ සිංහාසනයයි.
පොළොව මගේ පා පුටුවයි.
මා උදෙසා ඔබ තනන ගෘහය කෙබඳු ද?
මගේ විවේක ස්ථානය වන්නේ කොතැන ද?
2මේ සියල්ල මගේ අතින් සාදනු ලැබිණ;
ඒ සියල්ල ඇති වුණේ එලෙස යැ” යි
ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
“මා බලන්නේ මෙවැනි කෙනකු දෙස ය.
යටහත්, පසුතැවිල්ලේ ආත්මයෙන් යුතු,
මගේ වචනයට වෙවුලන කෙනෙකි.
3ගවයකු ඝාතන කරන කවරකු වුව,
මිනිසකු මරා දමන කෙනකු වැන්න.
බැටළු පැටවකු පූජා කරන කවරකු වුව,
බල්ලකුගේ බෙල්ල කඩන කෙනකු වැන්න.
ධාන්‍ය පූජාවක් පුදන කවරකු වුව,
ඌරු ලේ පිළිගන්වන කෙනකු වැන්න.
සිහි කිරීමේ සුවඳ ද්‍රව්‍ය දවන කවරකු වුව,
පිළිම වන්දනාවේ යෙදෙන කෙනකු වැන්න.
මෙසේ, ඔවුන් තම තමන්ගේ ම මාර්ග තෝරා ගෙන ඇත.
ඔවුන්ගේ ජීවය, ඔවුන්ගේ පිළිකුල්කම් ගැන ප්‍රමෝද වෙයි.
4එබැවින් මමත් ඔවුනට තදබල පිළියම් තෝරා ගනිමි.
ඔවුන් භය වන දෑ, ඔවුන් පිටට පමුණුවමි.
මන්ද මා හඬ ගැසූ කල, කිසිවකු උත්තර දුන්නේ නැත.
මා කතා කළ කල, කිසිවකු සවන් දුන්නේ නැත.
එහෙත් මා හමුවෙහි දුෂ්ටකම් කළ ඔවුහු
මා නො සතුටු වන දේ ම තෝරා ගත්තාහු ය.”
5උන්වහන්සේගේ වචනයට වෙවුලන්නනි,
සවන් දෙනු! ස්වාමින්වහන්සේගේ වචනයට:
“ඔබට වෛර කරන, මගේ නාමය නිසා ඔබ පන්නා දැමූ,
ඔබගේ සහෝදර ජනයා කතා කොට,
‘ඔබගේ ප්‍රීතිය අප දකින පිණිස,
ස්වාමින්වහන්සේට ගෞරව මහිම අත් වුණා වේ’ යි කියති.
එහෙත් ලජ්ජාවට පත් කරනු ලබන්නේ ඔවුන් ම ය.
6නගරයෙන් එන ඝෝෂා හඬට සවන් දෙන්න.
දේව මාලිගාවෙන් ඇසෙන හඬට සවන් දෙන්න.
තමන්ගේ සතුරනට දිය යුතු පල විපාක දෙන
ස්වාමින්වහන්සේගේ හඬයි ඒ.
7“විලිරුදා එන්නට පළමුවෙන්
ඈ බිහි කරන්නී ය.
ප්‍රසව වේදනා දැනෙන්නට කලින්
ඈ පුතකු බිහි කරන්නී ය.
8එබන්දක් අසා ඇත්තේ කවුරු ද?
එබන්දක් දැක ඇත්තේ කවුරු ද?
එක් දිනකින් රටක් බිහි කරන්න පුළුවන් ද?
එක් මොහොතකින් ජාතියක් නංවාලිය හැකි ද?
එසේ වුව ද සියොන, ප්‍රසව වේදනාවත් සමඟ ම
ඇගේ දරුවන් බිහි කරන්නී ය.
9බිහිවීමේ මොහොතට ම ගෙනැවිත්,
මම ප්‍රසූත නො කරවන්නෙම් දැ?” යි
ස්වාමින්වහන්සේ පවසන සේක.
“ප්රසවය තෙක් ගෙනා මම,
දරු ගැබ පියවන්නෙම් දැ?” යි
ඔබේ දෙවියන්වහන්සේ පවසන සේක.
10“යෙරුසලම සමඟ සතුටු වන්න; ඇය ගැන ප්‍රීති වන්න,
ඇයට ප්‍රේම කරන සියල්ලෙනි.
ඉමහත් සේ ඇය සමඟ ප්‍රමුදිත වන්න,
ඇය ගැන ශෝක වන සියල්ලෙනි,
11මන්ද සැනසිලිදායී ඇගේ පියයුරුවලින් ඔබ පෝෂ්‍ය වී,
සෑහීමට පැමිණෙනු ඇති බැවිනි.
මන්ද ඔබ බොහෝ සේ පානය කොට,
උතුරා යන ඇගේ බහුලත්වයෙහි ප්‍රමෝද වනු ඇති බැවිනි.”
12මන්ද ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක:
“මෙන්න! මම ඇයට සාමය, ගංගාවක් මෙන් ද
ජාතීන්ගේ සම්පත්, පිටාර ගලන දිය පහරක් මෙන් ද ව්‍යාප්ත කරමි.
ඔබ පෝෂ්‍ය කෙරේ; ඇගේ උකුළේ වඩාගෙන ගෙන යනු ලැබේ;
ඇගේ දණ මත සුරතල් කෙරේ.
13මවක ඇගේ දරුවා සනසන්නාක් මෙන්
මම ඔබ සනසමි.
යෙරුසලම තුළ ඔබ සනසනු ලබනවා ඇත.”
14ඔබ මෙය දකින කල, ඔබේ හද ප්‍රීති ප්‍රමෝද වනු ඇත.
ඔබේ ඇටමිදුළු තෘණ මෙන් සශ්‍රීක වනු ඇත.
ස්වාමින්වහන්සේගේ හස්තය, උන්වහන්සේගේ සේවකයින්ට හෙළිදරව් කෙරේ;
එහෙත් උන්වහන්සේගේ සතුරනට එරෙහිව උන්වහන්සේගේ කෝපය දැක් වේ.
15මෙන්න! ස්වාමින්වහන්සේ ගින්දර සමඟින් පැමිණෙන සේක.
උන්වහන්සේගේ යුද්ධ රථ, සුළි සුළඟක් වැන්න.
උන්වහන්සේ තම කෝපය, දැඩි උදහසින් යුතු ව ද
තම තරවටුව, ගිනි දැල්වලින් යුතු ව ද ගෙනෙන සේක.
16මන්ද ස්වාමින්වහන්සේ මාංසමය සියල්ලන් පිට විනිශ්චයේ දඬුවම පමුණුවන්නේ
ගින්නෙන් හා තම අසිපතෙනි.
මෙසේ, ස්වාමින්වහන්සේ විසින් මරා දමනු ලබන්නෝ බොහෝ වෙති.
17“ඌරු මස් ද මීයන් ද වෙනත් පිළිකුල් සහගත දෑ ද බුදින්නන් මධ්‍යයේ සිටින්නා අනුගමන කරමින්, උයන්වලට යන පිණිස තමන් ම කැප කොට පවිත්‍ර කරගන්නන්ට තමන්ගේ අවසානය එක් ව හමුවෙතැ” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
18“මන්ද ඔවුන්ගේ වැඩ ද ඔවුන්ගේ සිතුවිලි ද මම දනිමි. සියලු ජාතීන් හා භාෂා රැස් කරන්නට කාලය පැමිණේ#66:18 මුල් භාෂාවේ මෙම වාක්‍යයේ අරුත පැහැදිලි නැත.. ඔවුන් අවුත්, මගේ තේජෝ මහිමය දකිනු ඇත.
19“මම ඔවුන් අතරෙහි ලකුණක් තබා, ජීවත් ව ඉතිරි ව සිටින අයගෙන් ඇතමකු ජාතීන් වෙත යවන්නෙමි. තර්ෂිෂ්, පූල්, කීර්තිමත් දුනුවායින් වන ලූද්, තුබල් හා යාවාන්#66:19 යාවාන් එනම් ග්‍රීකයින් ද මගේ කීර්තිය අසා නැති, මගේ තේජස දැක නැති දුර ඈත මුහුදුබඩ දිවයින් ද වෙත ය. ඔවුන් ජාතීන් අතරේ මගේ තේජෝ මහිමය ප්‍රකාශ කරනු ඇත. 20ඔවුන් අසු පිටින් ද අශ්ව රථවලින් ද දෝලාවලින් ද කොටළුවන් හා ඔටුවන් පිටින් ද යන වශයෙන් සියලු ජාතීන් වෙතින් යෙරුසලමෙහි මගේ ශුද්ධ කන්ද වෙත ස්වාමින්වහන්සේට පඬුරක් වශයෙන් ඔබේ සහෝදරයින් සියලු දෙනා ගෙන එනු ඇතැ” යි ස්වාමින්වහන්සේ පවසන සේක. “ඔවුන් එසේ ගෙන එන්නේ, ඉශ්රායෙල්වරුන් පවිත්‍ර බඳුන්වල ස්වාමින්වහන්සේගේ ගෘහය වෙත තමන්ගේ ධාන්‍ය පූජා ගෙනෙන පරිද්දෙනි. 21මම ඔවුන්ගෙන් ඇතැම් දෙනකු පූජකයින් ද ලෙවීයයන් ද වශයෙන් තෝරා ගන්නෙමි” යි ස්වාමින්වහන්සේ පවසන සේක.
22“මවිසින් මවනු ලබන අලුත් අහස් හා අලුත් පොළොව මා ඉදිරියෙහි නො නැසී පවතින්නාක් මෙන් ම, ඔබේ දරු පරපුර හා ඔබේ නාමය නො නැසී පවතිනු ඇතැ” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. 23“නව සඳ දිනෙක සිට අනෙක් නව සඳ දින දක්වා ද එක් සබතක සිට අනෙක් සබත දක්වා මාංසමය සියල්ලන් පැමිණ, මා ඉදිරියෙහි වැඳ වැටෙනු ඇතැ” යි ස්වාමින්වහන්සේ පවසන සේක. 24“ඔවුන් පිටතට ගිය කල, මට එරෙහිව කැරලි ගැසූවන්ගේ මළ කඳන් දකිනු ඇත. මන්ද ඔවුන් කා දමන පණුවා නසින්නේ නැත. ඔවුන් දවන ගින්න නිවෙන්නේ නැත. මුළු මිනිස් වර්ගයාට ම ඔවුන් පිළිකුලක් වනු ඇත.”
දැනට තෝරාගෙන ඇත:
යෙසායා 66: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: