යෙසායා 64

64
දයාව අයැද
1ඔබ ඉදිරියෙහි කඳු වෙවුලුම් කන පිණිස,
අහෝ ඔබ අහස ඉරාගෙන පහළ බැස එන්නේ නම්!
2ගින්න, වන-ලැහැබ් ගිනි අවුළුවන්නා සේ,
ගින්න, වතුර උතුරන්නට සලසන්නා සේ
ඔබේ සතුරනට ඔබේ නාමය දන්වන පිණිස,
ඔබ ඉදිරියේ ජාතීන් වෙවුලන පිණිස, ඔබ පහළ බැස එන්නේ නම්!
3මන්ද අප අපේක්ෂා නො කළ බියකරු දෑ ඔබ සිදු කළ කල්හි,
ඔබ පහළ බැස ආ සේක. ඔබ ඉදිරියේ කඳු වෙවුලී ය.
4ඔබවහන්සේ මිස, තමන් ගැන බලා සිටින්නන් උදෙසා ක්‍රියා කරන
අන් දෙවියන්වහන්සේ කෙනකු ගැන
පුරාණ කාලයේ පටන් කිසිවකු අසා නැත.
කිසි කනකට දැනී නැත. කිසි ඇසකට පෙනී නැත.
5ධර්මිෂ්ඨ වැඩ සතුටු සිතින් කරන,
ඔබේ මාර්ගවල ගමන් කරමින් ඔබ සිහි තබා ගන්නා අයට ඔබ හමුවන සේක.
අපි ඒවාට විරුද්ධ ව පව් කළෙමු;
මෙන්න! ඔබ කෝප වෙලා!
දිගු කලක් ම අපි පාපයේ පැවතුණෙමු. අප ගලවනු ලැබේ ද?
6අප සියල්ලන් අපවිත්‍ර කෙනකු බවට පත් ව ඇත;
අපේ සියලු ධර්මිෂ්ඨ ක්‍රියා, දූෂිත වස්ත්‍රයක් වැන්න.
අප හැම ගහක කොළයක් සේ මැලවී යයි,
අපගේ අයුතුකම් සුළඟ සේ අප ඉවත ගසා යවයි.
7ඔබේ නාමය කියා අයදින කෙනකු නැත.
ඔබ අල්ලා ගැනීමට වැර දරන කෙනකු ද නැත.
මන්ද ඔබ, අප වෙතින් ඔබේ මුහුණ සඟවා ගත් සේක්,
අපගේ අයුතුකම් නිසා අප ක්ෂය වී යන්නට සැලසූ සේක.
8එසේ වුවත් අහෝ ස්වාමින්වහන්ස, අපගේ පියාණන් ඔබ ය.
අප මැටි ය. කුඹල්කරුවාණන් ඔබ ය.
අප හැම ඔබගේ අත්-වැඩ ය.
9අසීමිත ව උරණ නූන මැනවි අහෝ ස්වාමින්වහන්ස,
අපගේ පාප සදහට ම සිහි තබා නො ගනු මැනවි.
අනේ, අප දෙස බැලුව මැනවි.
මන්ද අප සැවොම ඔබගේ ජනයා ය.
10ඔබගේ ශුද්ධ නගර, පාළුකරයක් බවට පත් ව ඇත.
සියොන පවා පාළුකරයකි. යෙරුසලම නාස්ති වී ගොසිනි.
11අපගේ පියවරුන් ඔබට ප්‍රශංසා කළ තැන වූ ශුද්ධ වූත්, තේජාලංකාරවූත්
අපගේ ගෘහය ගින්නෙන් පුලුස්සනු ලැබ ඇත.
අප ඉතා අගේ කොට සැලකූ සියල්ල ජරාවාස වී ඇත.
12අහෝ ස්වාමින්වහන්ස, මේ සියල්ලට පසුත්, ඔබවහන්සේ නො සලකා සිටින සේක් ද?
ඔබවහන්සේ නිශ්ශබ්ද ව සිට අසීමිත ව අපට දඬුවම් දෙන සේක් ද?

දැනට තෝරාගෙන ඇත:

යෙසායා 64: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න