යෙසායා 64:8-12

යෙසායා 64:8-12 SCV

එසේ වුවත් අහෝ ස්වාමින්වහන්ස, අපගේ පියාණන් ඔබ ය. අප මැටි ය. කුඹල්කරුවාණන් ඔබ ය. අප හැම ඔබගේ අත්-වැඩ ය. අසීමිත ව උරණ නූන මැනවි අහෝ ස්වාමින්වහන්ස, අපගේ පාප සදහට ම සිහි තබා නො ගනු මැනවි. අනේ, අප දෙස බැලුව මැනවි. මන්ද අප සැවොම ඔබගේ ජනයා ය. ඔබගේ ශුද්ධ නගර, පාළුකරයක් බවට පත් ව ඇත. සියොන පවා පාළුකරයකි. යෙරුසලම නාස්ති වී ගොසිනි. අපගේ පියවරුන් ඔබට ප්‍රශංසා කළ තැන වූ ශුද්ධ වූත්, තේජාලංකාරවූත් අපගේ ගෘහය ගින්නෙන් පුලුස්සනු ලැබ ඇත. අප ඉතා අගේ කොට සැලකූ සියල්ල ජරාවාස වී ඇත. අහෝ ස්වාමින්වහන්ස, මේ සියල්ලට පසුත්, ඔබවහන්සේ නො සලකා සිටින සේක් ද? ඔබවහන්සේ නිශ්ශබ්ද ව සිට අසීමිත ව අපට දඬුවම් දෙන සේක් ද?

මෙයට අදාළ වීඩියෝ