යෙසායා 64:8-12
යෙසායා 64:8-12 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එසේ වුවත් අහෝ ස්වාමින්වහන්ස, අපගේ පියාණන් ඔබ ය. අප මැටි ය. කුඹල්කරුවාණන් ඔබ ය. අප හැම ඔබගේ අත්-වැඩ ය. අසීමිත ව උරණ නූන මැනවි අහෝ ස්වාමින්වහන්ස, අපගේ පාප සදහට ම සිහි තබා නො ගනු මැනවි. අනේ, අප දෙස බැලුව මැනවි. මන්ද අප සැවොම ඔබගේ ජනයා ය. ඔබගේ ශුද්ධ නගර, පාළුකරයක් බවට පත් ව ඇත. සියොන පවා පාළුකරයකි. යෙරුසලම නාස්ති වී ගොසිනි. අපගේ පියවරුන් ඔබට ප්‍රශංසා කළ තැන වූ ශුද්ධ වූත්, තේජාලංකාරවූත් අපගේ ගෘහය ගින්නෙන් පුලුස්සනු ලැබ ඇත. අප ඉතා අගේ කොට සැලකූ සියල්ල ජරාවාස වී ඇත. අහෝ ස්වාමින්වහන්ස, මේ සියල්ලට පසුත්, ඔබවහන්සේ නො සලකා සිටින සේක් ද? ඔබවහන්සේ නිශ්ශබ්ද ව සිට අසීමිත ව අපට දඬුවම් දෙන සේක් ද?
යෙසායා 64:8-12 Sinhala Revised Old Version (SROV)
ඉතින් ස්වාමීන්වහන්ස, ඔබ අපේ පියාණෝය, අපි මැටිය. ඔබ අපේ කුම්භකාරයාය; අපි සියල්ලෝ ඔබගේ අතේ කර්මාන්තයය. ස්වාමීන්වහන්ස, ඉතා උදහස්නූව මැනව, අයුතුකම් සෑම කල්ම සිහිනොකළ මැනව. අනේ බැලුව මැනව, අපි සියල්ලෝම ඔබගේ සෙනඟය. ඔබවහන්සේගේ ශුද්ධ නුවරවල් කාන්තාරයක්වී, සියොන් කාන්තාරයක්වී, යෙරුසලම පාළුවී තිබේ. අපේ පියවරුන් විසින් ඔබ වර්ණනාකළාවූ අපේ ශුද්ධවූ අලංකාර ගෘහය ගින්නෙන් දවා තිබේ; අපේ සියලු ප්රසන්න දේවල් නාස්තිවී තිබේ. ස්වාමීන්වහන්ස, ඔබ මේවා තිබෙද්දීත් නිකම් සිටිනසේක්ද? ඔබ නිශ්ශබ්දව සිට අප තද දුකට පමුණුවනසේක්ද?
යෙසායා 64:8-12 Sinhala New Revised Version (NRSV)
එහෙත් සමිඳුනි, ඔබ අපේ පියාණෝ ය. අපි මැටි ය; ඔබ අපේ කුඹල්කාරයාණෝ ය. ඔබ අප නිර්මාණය කළ සේක. සමිඳුනි, අප කෙරේ අධික ලෙස උදහස් නුවුව මැනව. අපේ අපරාධ සදහට ම අමතක කළ මැනව. අනේ බැලුව මැනව! අපි සියල්ලෝ ම ඔබේ සෙනඟ ය. ඔබේ ශුද්ධ නගරය පාළුකරයක් මෙන් වී ඇත. ජෙරුසලම පාළු නටබුන් නගරයක් වී ඇත. අපේ මුතුන්මිත්තන් ඔබට පැසසුම් පැවැත්වූ ස්ථානය වන අපේ අලංකාර දේව මාලිගාව ගිනිබත් වී ඇත. සියලු සුන්දර තැන් නටබුන් වී ඇත. සමිඳුනි, මේ ගැන ඔබ කම්පා වන්නේ නැද් ද? ඔබ නිශ්ශබ්ද ව සිට අප තද දුකට පමුණුවන සේක් ද?
යෙසායා 64:8-12 Sinhala New Revised Version 2018 (SNRV)
එහෙත් සමිඳුනි, ඔබ අපේ පියාණෝ ය. අපි මැටි ය; ඔබ අපේ කුඹල්කාරයාණෝ ය. ඔබ අප නිර්මාණය කළ සේක. සමිඳුනි, අප කෙරේ අධික ලෙස උදහස් නුවුව මැනව. අපේ අපරාධ සදහට ම අමතක කළ මැනව. අනේ බැලුව මැනව! අපි සියල්ලෝ ම ඔබේ සෙනඟ ය. ඔබේ ශුද්ධ නගරය පාළුකරයක් මෙන් වී ඇත. ජෙරුසලම පාළු නටබුන් නගරයක් වී ඇත. අපේ මුතුන්මිත්තන් ඔබට පැසසුම් පැවැත්වූ ස්ථානය වන අපේ අලංකාර දේව මාලිගාව ගිනිබත් වී ඇත. සියලු සුන්දර තැන් නටබුන් වී ඇත. සමිඳුනි, මේ ගැන ඔබ කම්පා වන්නේ නැද් ද? ඔබ නිශ්ශබ්ද ව සිට අප තද දුකට පමුණුවන සේක් ද?
යෙසායා 64:8-12 New International Version (NIV)
Yet you, LORD, are our Father. We are the clay, you are the potter; we are all the work of your hand. Do not be angry beyond measure, LORD; do not remember our sins forever. Oh, look on us, we pray, for we are all your people. Your sacred cities have become a wasteland; even Zion is a wasteland, Jerusalem a desolation. Our holy and glorious temple, where our ancestors praised you, has been burned with fire, and all that we treasured lies in ruins. After all this, LORD, will you hold yourself back? Will you keep silent and punish us beyond measure?
