යෙසායා 40
40
සැනසිල්ල
1මගේ ජනයා සනසන්න, ඔව්, සනසන්නැයි
ඔබේ දෙවියන්වහන්සේ පවසන සේක.
2යෙරුසලමට මෘදු බසින් කතා කර,
ඇගේ අසීරු සේවය නිම කරන ලද බවත්,
ඇගේ අපරාධ කමා කරන ලද බවත්,
ඇගේ සියලු පාපවලට ස්වාමින්වහන්සේ අතින්
ඇයට දෙගුණයක් ලැබුණු බවත්
හඬඟා ඇයට කියන්න.
3මෙසේ හඬ ගසන්නකුගේ කටහඬෙකි:
“පාළුකරයේ ස්වාමින්වහන්සේට
මාර්ගය පිළියෙල කරනු.
අපේ දෙවියන්වහන්සේට
කාන්තාරයේ මහ මාවතක් සෘජු ව සාදනු.
4හැම මිටියාවතක් ම ඔසවාලනු ලැබ,
හැම කන්දක් හා හෙලක් ම පහත් කරනු ලැබේ.
රළු පොළොව, සමතලා වනු ඇත.
විෂම තැන්, තැනිතලාවක් වනු ඇත.
5එකල ස්වාමින්වහන්සේගේ තේජෝ මහිමය එළිදරවු වනු ඇත.
සමස්ත මිනිස් වර්ගයා එක් ව, එය දකිනු ඇත.
මන්ද ස්වාමින්වහන්සේගේ මුවින් එය පවසා ඇත.”
6“කෑ මොර දෙන්නැ” යි කටහඬක් පවසයි.
“කුමක් කෑ මොර දෙම් දැ?” යි
මම ඇසීමි.
“සියලු මාංසිකයින් තණපත් වැන්න.
ඔවුන්ගේ මුළු අලංකාරය#40:6 අලංකාරය එනම් විශ්වසනීයත්වය හෝ ස්ථිරත්වය කෙත් වත්හි මල් වැන්න.
7තණපත් වියළෙයි; මල් පරවෙයි.
මන්ද ස්වාමින්වහන්සේගේ හුස්ම ඒවා පිට වැදේ.
සැබවින් ම ජනයා තෘණ ය.
8තණපත් වියළෙයි; මල් පරවෙයි.
එහෙත් අපගේ දෙවියන්වහන්සේගේ වචනය, සදහට පවතියි.”
9ඔබ, උස කන්දකට නගින්න එම්බා සියොන,
සුබ ආරංචිය ප්‍රකාශ කරන්න.
ඔබේ කටහඬින් ශක්තිමත් ව මොර හඬ නගන්න.
එම්බා යෙරුසලම, සුබ ආරංචිය ප්‍රකාශ කරන්න.
උස් හඬ නගන්න. භය නො වන්න.
“මෙන්න ඔබේ දෙවියන්වහන්සේ!” යි
යූදා නගරවලට පවසන්න.
10මෙන්න! පරමාධිපති ස්වාමින්වහන්සේ බලයෙන් යුතු ව එන සේක.
උන්වහන්සේගේ බාහුව උන්වහන්සේ වෙනුවෙන් පාලනයෙහි යෙදෙයි.
මෙන්න! උන්වහන්සේගේ ඉටු විපාක උන්වහන්සේ සමඟ ය.
උන්වහන්සේගේ පල විපාක උන්වහන්සේ අබියස ය.
11එඬේරකු මෙන් උන්වහන්සේ තම රංචුව රැක බලාගන්නා සේක:
උන්වහන්සේ බැටළු පැටවුන් දෝතට ගෙන,
පපුවට තද කර ගෙන යමින්,
ගැබ්බර දෙනුන් සෙමෙන් දක්කාගෙන යන සේක.
12මුහුදේ ජලය තම අත්ලෙන් මැන්නේ කවුරු ද?
අහසේ දිග පළල තම වියතින් ලකුණු කළේ කවුරු ද?
පොළොවේ දූවිලි, හුණ්ඩුවක දමා ගත්තේ කවුරු ද?
තරාදියකින් කඳු ද
තුලාවකින් හෙල් ද කිරා බැලුවේ කවුරු ද?
13 ස්වාමින්වහන්සේගේ ආත්මයාණන්ට මග පෙන්වූයේ කවරෙක් ද?
උන්වහන්සේගේ උපදේශකයා සේ උන්වහන්සේට උපදෙස් දුන්නේ කවරෙක් ද?
14අවබෝධය ලැබීමට උන්වහන්සේ උපදෙස් ගත්තේ කවරකුගෙන් ද?
උන්වහන්සේට යුක්තියේ මාවත් ඉගැන්වූයේ කවුරු ද?
උන්වහන්සේට දැනගැන්ම ඉගැන්වූයේ කවරෙක් ද?
නොහොත් තේරුම්ගැන්මේ මාර්ගය උන්වහන්සේට පෙන්වා දුන්නේ කවුරු ද?
15සැබවින් ම! ජාතීන් බාල්දියක දිය බිඳුවක් වැන්න.
ඔවුන් ගැනෙන්නේ තරාදියක දූවිලි පරිද්දෙනි.
මෙන්න, උන්වහන්සේ දිවයින් කිරා බලන්නේ, ඒවා සිහින් දූලි පොදක් සේ ඔසවමිනි.
16පූජාසනය ඇවිළීමට, ලෙබනොන් වනයේ ගස් මදි ය.
දවන යාග පූජාවකට, එහි මෘගයින් ද ප්‍රමාණවත් නැත.
17උන්වහන්සේ ඉදිරියෙහි සියලු ජාතීන් ශූන්‍යතාව වැන්න.
ඔවුන් ගණන් ගනු ලැබ ඇත්තේ, කිසිදු වටිනාකමක් නැතියවුන් සේ
බිංදුවටත් අඩු ලංසුවෙනි.
18එසේ නම් ඔබ, දෙවියන්වහන්සේ සසඳන්නේ කවරකුට ද?
ඔබ උන්වහන්සේ සම කරන්නේ කවර රුවකට ද?
19පිළිමයක්! කර්මාන්ත ශිල්පියකු එය වාත්තු කරයි.
රන්කරුවකු එය රනින් වසා,
ඊට රිදී මාල හැඩ ගස්වයි.
20එබඳු පඬුරක් පිදීමට බැරි දුගී කෙනෙක්,
නො දිරන ලීයක් තෝරා ගනියි.
ඉන්පසු පෙරළී නො වැටෙන පිළිමයක් ඉන් සිටුවා ගනු පිණිස,
ඔහු නිපුණ කැටයම් ශිල්පියකු සොයා ගනියි.
21ඔබ දන්නේ නැති ද?
ඔබ අසා නැති ද?
පටන් ගැන්මේ සිට ඒ වග ඔබට දන්වා නැති ද?
පොළොවේ අත්තිවාරම් ලූ තැන් පටන් ඔබ වටහා ගෙන නැද්ද?
22ඒ පෘථිවි චක්‍රයට ඉහළින්, හිඳ සිටින තැනැත්තාණන් ය.
එහි වාසය කරන්නන් පළඟැටියන් වැන්න.
අහස් කුස උඩු වියනක් සේ දිග හරින,
වාසය පිණිස ඒවා කූඩාරමක් සේ විහිදුවන තැනැත්තාණන් ය.
23උන්වහන්සේ අධිපතීන් බිංදුවට බස්සවන සේක.
පොළොවේ පාලකයින් හිස් බවට පමුණු වන සේක.
24ඔවුන් සිටුවනු ලැබූ විගස–
ඔවුන් වපුරනු ලැබූ විගස–
ඔවුන් පොළොවෙහි මුල් ඇද්ද විගස–
උන්වහන්සේ ඔවුනට පිඹින සේක. ඔවුහු වියළී යති.
සුළි සුළඟින් ඔවුන් ගසා ගෙන යනු ලබන්නේ බොල් පොතු පරිද්දෙනි.
25“එසේ නම් ඔබ මා සසඳනුයේ කවරකුට ද?
මා හා එක සමාන කවුරුන් දැ?” යි ශුද්ධ තැනැන්වහන්සේ අසන සේක.
26ඔබගේ ඇස් ඔසවා, අහස් කුස දෙස බලන්න.
මේ සියල්ල මැවුවේ කවුරු ද?
තරු මඬුල්ලෙහි එකින් එක පිටතට ගෙනැවිත්,
ඒ එකින් එකට නම් කියා හඬ ගසන තැනැත්තාණන් ය.
උන්වහන්සේගේ මහත් බලය හා ප්‍රබල ශක්තිය නිසා,
ඒ එකකුදු නැති වන්නේ නැත.
27“මගේ මාර්ගය ස්වාමින්වහන්සේගෙන් සඟවනු ලැබිණ;
මගේ අයිතිය, මගේ දෙවියන්වහන්සේ විසින් නො සලකන ලදී” යි
ඔබ කියන්නේ මන්ද? එම්බා යාකොබ්,
එසේ පවසන්නේ මන්ද? එම්බා ඉශ්‍රායෙල්,
28ඔබ දන්නේ නැති ද?
ඔබ අසා නැති ද?
ස්වාමින්වහන්සේ සදාතනික දෙවියන්වහන්සේ ය.
පොළෝ සීමා දක්වා මැවුම්කරුවාණන් ය.
උන්වහන්සේ වෙහෙසටවත්, මහන්සියටවත් පත් වන්නේ නැත.
උන්වහන්සේගේ දැනගැන්ම සොයා දැනගත නො හැක.
29ක්ලාන්තවූවන්ට උන්වහන්සේ බලය දෙන සේක.
ශක්තිය නැති අයට උන්වහන්සේ ශක්තිය වඩවන සේක.
30යෞවනයෝ පවා වෙහෙසට-මහන්සියට පත් වෙති.
තරුණයෝ අඩපණ වී වැටෙති.
31එහෙත් ස්වාමින්වහන්සේ තුළ අපේක්ෂාවෙන් බලා සිටින්නෝ,
තම ශක්තිය අලුත් කර ගන්නෝ ය.
ඔවුහු රාජාලීන් මෙන් පියාසලා, ඉහළ නගින්නෝ ය.
ඔවුහු දුවන නමුදු වෙහෙසට පත් නො වන්නෝ ය.
ඔවුහු ඇවිදින නමුදු ක්ලාන්ත නො වන්නෝ ය.
දැනට තෝරාගෙන ඇත:
යෙසායා 40: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: