යෙසායා 41
41
භය නො වන්න
1එම්බා මූදුබඩ දූපත්නි, නිහඬ ව සවන් දෙන්න!
ජනයෝ ඔවුන්ගේ ශක්තිය අලුත් කර ගනිත්වා!
ඔවුහු ළං වෙත්වා. ඉන්පසු කතා කරත්වා!
අපි එක් ව විනිශ්චය සඳහා ළඟා වෙමු.
2දමිටුකමින් තමාගේ සේවයට කැඳවාගෙන කෙනකු
පෙරදිගින් කැලඹුවේ කවුරු ද?
රජුන් පයින් පාගන පිණිස
ඔහු තමන් ඉදිරියේ ජාතීන් පාවා දෙයි.
තම අසිපතින් ඔවුන් දූලි බවට පමුණු වන ඔහු
තම දුන්නෙන් බොල් පොතු සේ ඔවුන් ගසා යවනු ඇත.
3කලින් තමා පා නො තැබූ මාවතක් ඔස්සේ ඔවුන් ලුහුබඳිමින්,
ඔහු නිරුපද්‍රිත ව, පෙරට ම යයි.
4පටන් ගැන්මේ සිට පරම්පරාවලට හඬ ගසමින්, මෙය ඉටු කළේ කවරෙක් ද?
එය මුදුන් පත් කළේ කවුරු ද? මම ය.
ස්වාමින්වහන්සේ ය. පළමු වැන්නා ය.
මම අන්තිමයන් සමඟ ද වන්නෙමි. මම උන්වහන්සේ ය.
5මූදුබඩ දිවයින් එය දැක භය විණ.
පොළෝ සීමා වෙවුලයි.
ඔවුහු ළඟා වී, ඉදිරියට පැමිණෙති.
6හැම කෙනෙක් ම අනෙකාට උපකාර කරමින්,
“සවිමත් වන්නැ” යි තම සහෝදරයාට කියයි.
7වඩුවා රන්කරුවාට අනුබල දෙයි.
මිටියෙන් මටසිලුටු කරන්නා,
කිණිහිරයෙන් තලන්නා දිරිගන්වයි.
“එය කදිම යැ” යි පෑස්සීම ගැන ඔහු කියයි.
එය පෙරළී නො වැටෙන පිණිස, ඔහු එය ඇණ ගසා සවි කරයි.
8එහෙත් නුඹ, ඉශ්රායෙල් මගේ සේවකය,
යාකොබ් මා තෝරාගත් තැනැත්ත,
මා මිත්‍ර ආබ්‍රහම්ගේ වංශය,
9පොළෝ අන්ත වෙතින් මම ඔබ ගත්තෙමි.
එහි ඈත සීමා වෙතින් මම ඔබ කැඳවා ගත්තෙමි.
“ඔබ මගේ සේවකයා ය; මම ඔබ තෝරා ගතිමි;
මම ඔබ ඉවත නො දමමි” යි ඔබට කීවෙමි.
10එබැවින් භය නො වන්න. මන්ද මම ඔබ සමඟ සිටිමි.
නො කැලඹෙන්න. මන්ද මම ඔබේ දෙවියන්වහන්සේ ය.
මම ඔබ ශක්තිමත් කර, ඔබට උපකාර කරන්නෙමි.
මගේ දමිටුකමේ දකුණතින්, මම ඔබ උසුලන්නෙමි.
11ඔන්න, ඔබට එරෙහිව ප්‍රකෝප වන සියල්ලන්
ලජ්ජාවටත්, වියවුලටත් පත් වනු ඇත.
ඔබට විරුද්ධ ව ක්‍රියාකරන්නන්,
නැත්තට නැති වී, විනාශ වී යනු ඇත.
12ඔබ, ඔබේ සතුරන් සොයා යන නමුදු,
ඔබට ඔවුන් හමු නො වේ.
ඔබට එරෙහිව යුද වදින්නන්,
නිකමුන් වැන්න.
13මන්ද ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මම ය.
මම ඔබේ දකුණතින් අල්ලාගෙන,
“භය නො වන්න. මම ඔබට පිහිට වෙමි” යි
ඔබට කියන්නේ මම ය.
14භය නො වන්න. එම්බා යාකොබ්, ගැඩ පණුව,
එම්බා ඉශ්රායෙල් මිනිසුනි,
ඔබට පිහිට වන තැනැත්තා මම යැයි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
ඔබේ මිදුම්කරුවාණන් ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැන්වහන්සේ ය.
15මෙන්න! මම මුවහත්, දැති රාශියක් ඇති
අලුත් ගොයම් මඩින යන්ත්‍රයක් ඔබගෙන් සාදන්නෙමි.
ඔබ, කඳු මැඩ, ඒවා තලා, පොඩිකර,
හෙල්, බොල් පොතු බවට පමුණුවනු ඇත.
16ඔබ ඒවා පොළනු ඇත; සුළඟ ඒවා ඉවත ගසා ගෙන යනු ඇත.
සැඩ සුළඟ ඒවා විසුරුවා දමයි.
ස්වාමින්වහන්සේ තුළ ඔබ ප්‍රීති ප්‍රමෝද වනු ඇත.
ඉශ්රායෙල්හි ශුද්ධ තැනැන්වහන්සේ තුළ ඔබ උදම් අනනු ඇත.
17දුප්පතුන් හා හිඟකම් ඇති අය ජලය සොයා යති.
එහෙත් බිඳකුදු එහි නැත.
පිපාසයෙන් ඔවුන්ගේ දිව් වියළී යයි.
එහෙත් ස්වාමින්වහන්සේ වන මම ඔවුන්ට පිළිතුරු දෙමි.
ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන මා, ඔවුන් අත්හරින්නේ නැත.
18මුඩු කඳු මුදුන්හි ගංගා ද
මිටියාවත් මධ්‍යයේ දිය උල්පත් ද මම පැන නංවන්නෙමි.
කාන්තාරය දිය පොකුණක් ද
වියළි දේශය දිය උල්පත් ද කරන්නෙමි.
19මම වනාන්තරයේ
දේවදාර, අකේෂියා, මරඳ හා ඔලීව ගස් හටගන්වන්නෙමි.
කාන්තාර බිමෙහි
සයිප්‍රස්, පයින් හා තෂ්ෂූර් ගස් ද එකට ඇති කරන්නෙමි.
20එසේ කරන්නේ, ස්වාමින්වහන්සේගේ හස්තය, මෙය කළ වගත්,
ඉශ්රායෙල්හි ශුද්ධ තැනැන්වහන්සේ මෙය නිර්මාණ කළ වගත්
ඔවුන් දැක, එය දැනගන්නා පිණිස ය;
ඒ ගැන සිත් යොමා, එක් ව, වටහා ගන්නා පිණිස ය.
21“ඔබේ නඩුව ඉදිරිපත් කරන්නැ” යි
ස්වාමින්වහන්සේ කියන සේක.
“ඔබේ තර්ක-සාධක ගෙන හැර පාන්නැ” යි
යාකොබ්ගේ රජ්ජුරුවෝ කියන සේක.
22මතු සිදුවන දෑ අපට කියන්නට,
ඔබේ පිළිම කැඳවාගෙන එන්න.
පසුගිය දේවල් කෙලෙස විණි දැයි අපට කියන්න.
එකල, ඒවා ගැන සිතා බලා,
ඒවායේ අවසන් ප්‍රතිඵලය දැනගන්නට අපට හැකි වෙයි.
නැතහොත් මතු සිදුවන දෑ, අපට ප්‍රකාශ කරන්න.
23අනාගතය ගැන අපට කියන්න.
එවිට නුඹලා දෙවිවරුන් වග අපට දැනගත හැකි වෙයි.
අප තැති ගැන්වී, භයින් පිරෙනු පිණිස,
හොඳක් හෝ නරකක් හෝ යම් දෙයක් කරන්න.
24අහෝ නුඹලා නිෂ්ඵලකම ම ය.
තවද නුඹලාගේ වැඩ හිස්කමටත් වඩා අඩු ය.
නුඹලා තෝරාගත් අය කවුරු ද, ඔහු පිළිකුලකි.
25“උතුරෙන් කෙනකු මම පෙලඹවීමි.
හිරු නැග්මේ සිට ඔහු ඇවිත් සිටී. ඔහු මගේ නාමය කියා යදින්නෙකි.
කුඹල්කරු මැටි පාගන්නා සේ,
ඔහු රාජ්‍ය-පාලකයින් මැටි-බදාම සේ පාගා දමයි.
26අප දැනගන්නා පිණිස, මුල පටන් එය ප්‍රකාශ කළේ කවුරු ද?
‘ඔහු හරි යැ’ යි අපට කිව හැකි වන පිණිස, කල්තියා ම එය ප්‍රකාශ කළේ කවුරු ද?
සැබවින් ම එසේ කී කෙනකු නැත.
කිසිවකු එය ප්‍රකාශ කර නැත.
ඔබේ වචන ඇසූ කෙනකු ද නැත.
27‘මෙන්න ඔවුන්!’ යැයි සියොනට මුලින් ම කියන්නේ මම ය.
සුබ ආරංචි පණිවුඩකරුවකු යෙරුසලමට දෙන්නේ මම ය.
28එහෙත් මා බැලූ කල, කිසිවකු එහි නැත.
මා ඇසූ කල උපදෙසක් දීමට
ඔවුන් අතර කිසිවකු නැත.
29බලන්න! ඒ සියල්ලන් ම මායාවකි.
ඔවුන්ගේ වැඩ නිෂ්ඵල ය.
ඔවුන්ගේ ලෝහ පිළිම හිස්-සුළඟකි.
දැනට තෝරාගෙන ඇත:
යෙසායා 41: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: