යෙසායා 39
39
බබිලෝනි තානාපතීන්
1ඒ කාලයේ බලදාන්ගේ පුත්, බබිලෝනියේ රජු වූ මොරොදක්-බලදාන්, හෙසකියා රෝගී ව සිට සුවපත් වූ වග ඇසූ හෙයින්, හෙසකියා වෙත ලිපි ද ත්‍යාගයක් ද එවී ය. 2පණිවුඩකරුවන් සොම්නසින් පිළිගත් හෙසකියා, තම ගබඩා ගෙවල තිබූ දෑ වන රිදී, රන් හා කුළු බඩු ද අගනා තෙල් ද තම සියලු අවි-ආයුධ ද තම ගබඩාවල වූ හැම දෙයක් ම ද ඔවුනට පෙන්වී ය. හෙසකියා ඔවුනට නො පෙන් වූ කිසිවක් ඔහුගේ රජ මැදුරේ වත්, ඔහුගේ මුළු රාජ්‍යයෙහි වත් නො වී ය.
3එවිට දිවැසිවර යෙසායා, හෙසකියා රජු වෙත ගොස්, “ඒ මිනිසුන් කීවේ මොනවා ද? ඔවුන් ආවේ කොහි සිට දැ?” යි ඇසී ය.
හෙසකියා පිළිතුරු දෙමින්, “ඔවුන් මා වෙත ආවේ දුර රටකිනි; බබිලෝනිය වෙතිනි” යි කීවේ ය.
4“ඔබේ මාලිගය තුළ ඔවුන් දැක්කේ මොනවා දැ?” යි යෙසායා ඇසී ය.
“මගේ මාලිගයේ ඇති හැම දෙයක් ම ඔවුන් දැක්කා; මා ඔවුන්ට නො පෙන් වූ කිසිවක් මගේ ගබඩා ගෙවල් අතර නැතැ” යි හෙසකියා පැවසී ය.
5එවිට හෙසකියා ඇමතූ යෙසායා, “සේනාංකවල ස්වාමින්වහන්සේගේ වචනයට සවන් දෙන්න: 6ඔන්න, ඔබේ ගෘහයේ ඇති හැම දේත්, මේ දවස දක්වා ඔබේ පියවරුන් විසින් එක් රැස් කරන ලද සියල්ලත් බබිලෝනියට ගෙන යනු ලබන කාලය එළැඹෙන්නේ ම ය. එයින් කිසිවක් ම ඉතිරි නො වනු ඇතැයි ස්වාමින්වහන්සේ පවසන සේක. 7ඔබෙන් පැවත එන්නන් වන ඔබට දාව උපදින ඔබේ ම පුතුන් ඇතැම් දෙනකු, ගෙන යනු ලැබ, ඔවුන් බබිලෝනියේ රජුගේ මාලිගයේ නපුංසකයින් බවට පත් වන්නේ යැ” යි පැවසී ය.
8හෙසකියා පිළිතුරු දෙමින්, “ඔබ පැවසූ ස්වාමින්වහන්සේගේ වචනය යහපතැ” යි යෙසායාට කීවේ ය. මන්ද, “මගේ ජීවිත කාලය තුළ සාමයත්, සුරක්ෂිත භාවයත් පවතිනු ඇතැ” යි ඔහු සිතී ය.
දැනට තෝරාගෙන ඇත:
යෙසායා 39: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: