එසකියෙල් 31
31
ලෙබනොන්හි දේවදාර ගස
1එකොළොස් වන අවුරුද්දේ තුන් වන මාසයේ පළමු දවසේ, ස්වාමින්වහන්සේගේ වචනය මා වෙත පැමිණ කියනුයේ, 2“මනුෂ්‍ය පුත්‍රය, ඊජිප්තුවේ රජු වූ පාරාවෝටත්, ඔහුගේ සමූහයාටත් මෙසේ කියන්න:
“ ‘ශ්‍රේෂ්ඨත්වයෙන් ඔබට සමාන අන් කවුරු ද?
3වනාන්තරය සෙවණ කරමින්, අලංකාර අතුවලින් යුතු ව,
වරක් ලෙබනොන්හි දේවදාර ගසක් වන් අසිරියාව ගැන සිතන්න.
එහි මුඳුනත, වන-පියස්සටත් වඩා උස් ව,
ඉහළ නැගිණ.
4ජල ධාරා එය පෝෂ්‍ය කළේ ය.
ගැඹුරු උල්පත් එය උසින් වඩවාලී ය.
ඒවායේ දිය දහරා
එහි මුල් වටේට ගලා,
වන පෙතේ සියලු ගස්වලට
දිය පහර යැවී ය.
5වන පෙතේ සියලු ගස්වලට වඩා
එය උසින් වැඩිණ.
ජල බහුලත්වය නිසා
එහි අතු වැඩි විණ;
එහි ඉති දිගින් වැඩී පැතිරිණ.
6සියලු අහස් පක්ෂීහු
එහි අතුවල කැදලි තැනූහ.
වනයේ සියලු සත්තු
එහි ඉති යට පැටවුන් ගැසූහ.
සියලු මහ ජාතීහු
එහි සෙවණේ වාසය කළහ.
7විහිදෙන අතු පතරින් යුතු එය
අලංකාරයෙන් තේජවත් විණ.
මන්ද එහි මුල්,
බහුල ජලය වෙත යටට ඇදී ගියේ ය.
8දෙවියන්වහන්සේගේ උයනේ දේවදාර ගස්වලට
එය හා තරඟ කළ නො හැකි විණ.
සයිප්‍රස් ගස් එහි අතුවලටවත්
සමාන කළ නො හැකි විණ.
එර්මෝන් ගස් ද
එහි ඉතිවලට හෝ සම කළ නො හැකි විණ.
දෙවියන්වහන්සේගේ උයනේ කිසි ම ගසක්
අලංකාරයෙන් එය හා නො පෑහිණ.
9දෙවියන්වහන්සේගේ උයන වූ
ඒදන්හි සියලු ගස්වලට ඊර්ෂ්‍යාවක් කොට,
අතු ඉති සම්පත්තියෙන් යුතු ව
මම එය අලංකාර කළෙමි.
10“ ‘එබැවින් පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: ඝන වන-පියස්සටත් වඩා උසින් එය ඉහළ නැගි බැවින් හා එහි උස ගැන එය අහංකාර වූ බැවින්, 11එහි දුෂ්ටකමට සරිලන සේ කටයුතු කරන පිණිස, ජාතීන්ගේ පාලකයා අතට මම එය බාර දුනිමි. මම එය ඉවත හෙළීමි. 12විදෙස්සන් අතර රුදුරුතමයින් වූ විදෙස්සෝ එය කපා හෙළා, හැර දැමූහ. එහි අතු කඳු මත ද සියලු මිටියාවත්වල ද වැටිණ. එහි ඉති දේශයේ සියලු දෙණි-කඳුරුවල කඩා වැටී තිබේ. පොළොවේ සියලු ජාතීහු එහි සෙවණ යටින් ඉවත් ව, එය හැර ගියහ. 13සියලු අහස් පක්ෂීහු වැටුණු ගස පිට ලැග්ගෝ ය. වනයේ සියලු සත්තු එහි අතුවල වූහ. 14එබැවින් ජල අසල වූ අන් කිසිදු ගසක්, ගන වන පියස්සට උඩින් ඉහළ නැගෙන්නේ නැත. මනාව ජලය සැපයුණු අන් කිසිදු ගසක් කිසි දින එතරම් උසින් වැඩුණේ නැත. මන්ද මැරෙන සුළු මිනිසුන් අතරේ නරාවළට බැස යන්නවුන් සමඟ ඒවා සියල්ල ම මරණයට කැප ය; පාතාලයට නියමිත ය.
15“ ‘පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: එය ෂෙයෝලයට#31:15 පාතාලයට හෙවත් මළවුන්ගේ ස්ථානයට 17 වෙනි පදයේ ද එසේ ම ය. බස්සවනු ලැබූ දවසේ, ඊට විලාපයක් කොට ගැඹුරු උල්පත් මම වසා දැමුවෙමි. මම ඒවායේ දිය පාරවල් වැළැක්වූවෙමි. එවිට බහුල වූ එහි ජලය නැවතුණේ ය. එය නිසා ලෙබනොනය දොම්නසින් පැලඳුවෙමි. වනයේ සියලු ගස් ද මැලවී ගියේ ය. 16නරාවළට බැස යන්නවුන් සමඟ පාතාල මිනී වළට මම එය පමුණු වන කල, එහි වැටීමේ ශබ්දයට ජාතීන් වෙවුලන්නට මම සැලැස්වීමී. එකල ඒදන්හි සියලු ගස්, ලෙබනොන්හි වඩා සාරවත්, අනගිතම ගස් යන මනාව ජලය සැපයුණු ගස් පොළොවෙන් යටදී සැනසිල්ලට පත් කෙරිණ. 17එය හා සමඟ එහි සෙවණෙහි විසූවන් වූ ජාතීන් අතරේ වූ එහි මිත්‍ර පාක්ෂිකයෝ ද කඩුවෙන් මැරුම් කෑවුන් ද සමඟ ෂෙයෝලයට බැස ගියෝ ය.
18“ ‘ශෝභාලංකාරයෙන් හා ශ්‍රේෂ්ඨත්වයෙන් නුඹ හා සසැඳිය හැක්කේ ඒදන්හි කවර ගස ද? එසේ වුව ද නුඹත් ඒදන්හි ගස් සමඟින් පොළොවෙන් බස්සවනු ලැබේ. කඩුවෙන් මැරුම් කෑවුන් අතරේ, චර්ම-අඡේදිතයින් අතරේ නුඹත් වැදහොවිනු ඇත.
“ ‘මේ නම් පාරාවෝ ද ඔහුගේ සියලු සමූහයා ද වේ යැයි පරමාධිපති ස්වාමින්වහන්සේ පවසන සේක.’ ”
දැනට තෝරාගෙන ඇත:
එසකියෙල් 31: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: