එසකියෙල් 30
30
ඊජිප්තුව ගැන විලාපයක්
1 ස්වාමින්වහන්සේගේ වචනය මා වෙත පැමිණ කියනුයේ, 2“මනුෂ්‍ය පුත්‍රය, දිවැසි වැකි පවසමින්, මෙසේ කියන්න: ‘පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක:
“ ‘අහෝ! ඒ දවස!’ යි කියමින්,
විලාප නගන්න.
3මන්ද ඒ දවස ළඟ ය.
ස්වාමින්වහන්සේගේ දවස ළඟ ය.
වලාකුළෙන් බර දවසක්,
ජාතීන්ට විනාශයේ කාලයක්!
4ඊජිප්තුවට එරෙහිව අසිපතක් පැමිණේ.
කූෂ් රට පිට සන්තාපය පැමිණේ.
ඊජිප්තුව තුළ මැරුම් කෑවුන් වැටී යන කල,
එහි ධන සම්පත් ඉවත ගෙන යන කල,
එහි අත්තිවාරම ද බිඳ හෙළන කල එසේ සිදු වේ.
5කූෂ්හි හා පූට්හි ද ලූද්හි ද මුළු අරාබියාහි ද කූබ්හි හා ගිවිසුම් දේශයේ ජනයා ද ඊජිප්තුව සමඟ කඩු මුවහතින් වැටී යන්නේ ය.
6“ ‘ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක:
“ ‘ඊජිප්තුවේ ආධාරකරුවෝ වැටී යන්නෝ ය.
ඇගේ අහංකාර ශක්තිය හීන වී යන්නේ ය.
මිග්දෝල් සිට සෙවේනේ දක්වා,
ඇය තුළ ඔවුහු කඩු මුවහතින් වැටී යන්නෝ යැයි
පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
7පාළු වූ දේශ අතරෙහි
ඔවුන් පාළුවට යනු ඇත.
ඔවුන්ගේ නගර පුරවර,
ගරා වැටුණු පුරවර අතරේ වැතිර තිබෙනු ඇත.
8මා ඊජිප්තුව ගිනි අවුළා,
ඇගේ සහකාර සියල්ලන් පොඩිමට්ටම් කර දැමූ කල,
ස්වාමින්වහන්සේ මා වග ඔවුන් දැනගන්නවා ඇත.
9“ ‘නිරුපද්‍රිත ව පසු වන කූෂ් දේශය බිය ගන්වන්නට ඒ දවසේ මා වෙතින් පණිවුඩකරුවෝ නැව්වලින් පිටත් ව යන්නෝ ය. ඊජිප්තුවේ ඉරණම් දවසේ සන්තාපය ඔවුන් වෙළා ගනු ඇත. නිසැක ව ම එය පැමිණෙන්නේ ය.
10“ ‘පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක:
“ ‘ඊජිප්තු සමූහයා, බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙසර් අතින්
මම නිමාවකට පත් කරන්නෙමි.
11දේශය විනාශ කරන පිණිස, ජාතීන් අතරෙහි දරුණුතමයන් වූ
එම රජුත්, ඔහුගේ හමුදාවත් ගෙන එනු ලබති.
ඔවුන් ඊජිප්තුවට එරෙහිව තම අසිපත් ඇද,
මැරුම්කෑවුන්ගෙන් දේශය පුරවනු ඇත.
12මම නයිල් ගඟේ දිය දහරා හින්දවා,
දුෂ්ට මිනිසුන්ට දේශය විකුණන්නෙමි.
විදේශිකයින් අතින්
මම දේශයත්, එහි ඇති සියල්ලත් ආලාපාළු කරන්නෙමි.
ස්වාමින්වහන්සේ වන මම එසේ පැවසීමි.
13“ ‘පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක:
“ ‘මම පිළිම රූප විනාශ කරන්නෙමි.
මෙම්ෆිස්හි#30:13 මෙම්ෆිස්හි හෙබ්‍රෙව් නොෆ් දේව පිළිම ඉවරයක් කරන්නෙමි.
තවදුරටත් ඊජිප්තුවෙහි අධිපතියකු නො වන්නේ ය.
දේශය පුරා මම භය පතුරුවන්නෙමි.
14මම ඉහළ ඊජිප්තුව පාළුවක් කරන්නෙමි.
සොවන් පුර ගිනි තබන්නෙමි.
තීබ්ස්#30:14 තීබ්ස් හෙබ්‍රෙව් නෝ පුර පිටට දඬුවම පමුණු වන්නෙමි.
15ඊජිප්තුවේ බළකොටුව වන
සීන්#30:15 සීන් එනම් පෙලුසියම් පිට මගේ උදහස වගුරුවා,
තීබ්ස්හි සමූහයා සිඳ දමන්නෙමි.
16මම ඊජිප්තුවට ගිනි තබන්නෙමි;
සීන් දැඩි වේදනාවෙන් ගාවිනා විඳිනු ඇත.
තීබ්ස් බිඳලනු ඇත.
මෙම්ෆිස්හි විපත්තිය නිති පවතිනු ඇත.
17ඕන්#30:17 ඕන් හෙබ්‍රෙව් ආවෙන් එනම් හෙලියොපොලිස් හා පී-බෙසෙත්හි#30:17 පී-බෙසෙත්හි එනම් බුබස්ටිස්හි තරුණයෝ
අසිපතින් වැටී යන්නෝ ය.
එම පුරවර ද වාලට හසු වන්නේ ය.
18ඊජිප්තුවේ වියගහ මා බිඳ දමන කල,
තාපන්හේස්හි දවස අඳුරු වන්නේ ය.
එහිදී ඇගේ අහංකාර ශක්තිය අවසන් වන්නේ ය.
වලාකුළකින් ඇය වැසී යනු ඇත.
ඇගේ ගම් දනවු ද වාලට හසු වන්නේ ය.
19මෙසේ, මම ඊජිප්තුව පිට දඬුවම පමුණු වන්නෙමි.
ස්වාමින්වහන්සේ මා වග ඔවුන් දැනගනු ඇත.’ ”
බිඳුණු බාහුව
20එකොළොස් වන අවුරුද්දේ පළමු වන මස හත් වන දවසේ, ස්වාමින්වහන්සේගේ වචනය මා වෙත පැමිණ කියනුයේ, 21“මනුෂ්‍ය පුත්‍රය, ඊජිප්තු රජු වූ පාරාවෝගේ බාහුව, මම කඩා දැමුවෙමි. අසිපත දරන්නට තරම් එය සවිමත් වන පිණිස, එය සුව වන ලෙස බෙහෙත් බඳිනු ලැබුවේවත්, පතුරක් තබා වෙළනු ලැබුවේවත් නැත. 22එබැවින් පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: ඊජිප්තු රජු වන පාරාවෝට මම එරෙහිව සිටිමි. මම ඔහුගේ හොඳ බාහුවත්, කැඩුණු බාහුවත් යන දෙක ම කඩා දමා, ඔහුගේ අතින් අසිපත ගිලිහී වැටෙන්නට සලස්වමි. 23මම ඊජිප්තුවරුන් ජාතීන් අතර විසුරුවා, රට-රටවල ඔවුන් සී-සීකඩ යවමි. 24මම බබිලෝනි රජුගේ බාහුව ශක්තිමත් කොට, මගේ අසිපත ඔහු අත තබන්නෙමි. එහෙත් පාරාවෝගේ බාහුව මම කඩා දමන්නෙමි. ඔහු මරණීය තුවාල ලද්දකු සේ ඔහු ඉදිරියේ කෙඳිරිගානු ඇත. 25මෙසේ බබිලෝනි රජුගේ බාහුව මම ශක්තිමත් කරන්නෙමි. පාරාවෝගේ බාහුව එල්ලා වැටෙනු ඇත. මම බබිලෝනියේ රජු අතට මගේ අසිපත දුන් පසු ඔහු එය ඊජිප්තුවට එරෙහිව ලෙළවන කල, ස්වාමින්වහන්සේ මා වග ඔවුන් දැනගනු ඇත. 26මම ඊජිප්තුවරුන් ජාතීන් අතර විසුරුවා හැර, රට-රටවල ඔවුන් සී-සීකඩ යවමි. එවිට, ස්වාමින්වහන්සේ මා වග ඔවුන් දැනගනු ඇත.”
දැනට තෝරාගෙන ඇත:
එසකියෙල් 30: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: