එසකියෙල් 22:6-7
එසකියෙල් 22:6-7 SCV
“ ‘බලනු! නුඹ අතරෙහි සිටින ඉශ්‍රායෙල් අධිපතීන් හැම කෙනකු ම ලේ හැලුමට තම බලය පාවිච්චි කරන හැටි! නුඹ අතරෙහි ඔවුන් තම මව් පියනට සැලකූයේ නින්දිත අයුරිනි. නුඹ අතරෙහි ඔවුහු විදෙස්සන්ට හිංසා-පීඩා කළහ; පියා නැති අනාථ දරුවන්ට හා වැන්දඹුවනට ද නුඹ අතරෙහි ඔවුන් සැලකූයේ අයුතු ලෙසිනි.

