එසකියෙල් 22:6-7
එසකියෙල් 22:6-7 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“ ‘බලනු! නුඹ අතරෙහි සිටින ඉශ්රායෙල් අධිපතීන් හැම කෙනකු ම ලේ හැලුමට තම බලය පාවිච්චි කරන හැටි! නුඹ අතරෙහි ඔවුන් තම මව් පියනට සැලකූයේ නින්දිත අයුරිනි. නුඹ අතරෙහි ඔවුහු විදෙස්සන්ට හිංසා-පීඩා කළහ; පියා නැති අනාථ දරුවන්ට හා වැන්දඹුවනට ද නුඹ අතරෙහි ඔවුන් සැලකූයේ අයුතු ලෙසිනි.
එසකියෙල් 22:6-7 Sinhala Revised Old Version (SROV)
ඉශ්රායෙල් අධිපතීන් නුඹ තුළ සිටියේ එක එකා තම තමාගේ බලය ලෙස ලේ වගුරුවන පිණිසය. නුඹ තුළ ඔව්හු පියාත් මවුත් සුළුකළෝය; නුඹ ඇතුළෙහි විදේශියාට බලාත්කාරයෙන් ක්රියාකළෝය. නුඹ තුළ පියා නැත්තාට සහ වැන්දඹුවටත් පීඩාකළෝය.
එසකියෙල් 22:6-7 Sinhala New Revised Version (NRSV)
නුඹ සමඟ විසූ ඉශ්රායෙල් අධිපතීහු සියලු දෙන එක් කෙනෙකු වත් නෑර සිය බලය ලේ වගුරුවන පිණිස පාවිච්චි කළහ. නුඹ සමඟ වසන අය දෙමව්පියන්ට අවමන් කර ඇත. නුඹ සමඟ සිටින විදේශිකයාට බලහත්කාරයෙන් ක්රියා කර ඇත. නුඹ තුළ පියා නැත්තාටත්, වැන්දඹුවටත් පීඩා කර ඇත.
එසකියෙල් 22:6-7 Sinhala New Revised Version 2018 (SNRV)
නුඹ සමඟ විසූ ඉශ්රායෙල් අධිපතීහු සියලු දෙන එක් කෙනෙකු වත් නෑර සිය බලය ලේ වගුරුවන පිණිස පාවිච්චි කළහ. නුඹ සමඟ වසන අය දෙමව්පියන්ට අවමන් කර ඇත. නුඹ සමඟ සිටින විදේශිකයාට බලහත්කාරයෙන් ක්රියා කර ඇත. නුඹ තුළ පියා නැත්තාටත්, වැන්දඹුවටත් පීඩා කර ඇත.
එසකියෙල් 22:6-7 New International Version (NIV)
“ ‘See how each of the princes of Israel who are in you uses his power to shed blood. In you they have treated father and mother with contempt; in you they have oppressed the foreigner and mistreated the fatherless and the widow.