එසකියෙල් 14
14
රූප වන්දනාව
1ඉශ්‍රායෙල් ප්‍රජා මූලිකයින් ඇතැම් දෙනෙක් මා වෙත අවුත්, මා ඉදිරිපිට හිඳ ගත්හ. 2එවිට, ස්වාමින්වහන්සේගේ වචනය මා වෙත පැමිණියේ ය: 3“මනුෂ්‍ය පුත්‍රය, මේ මිනිස්සු තමන්ගේ හදවත්වල තම දේව රූප පිහිටුවා ගෙන, තමන් ඉදිරියෙහි දුෂ්ටකමට පමුණු වන බාධකයක් පනවා ගත්හ. මගෙන් විචාරන්නට මා ඔවුන්ට කොහෙත් ම ඉඩ දිය යුතු ද? 4එබැවින් ඔවුන්ට කතා කොට මෙසේ කියන්න: ‘පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ඉශ්‍රායෙල් වංශික යම් මිනිසෙක් තම හදෙහි තම දේව රූප පිහිටුවා ගෙන, තමන් ඉදිරියෙහි දුෂ්ටකමට පමුණු වන බාධකයක් පනවා ගෙන, ඉන්පසු දිවැසිවරයා වෙත පැමිණියහොත්, ඔහුගේ පිළිම රාශියේ හැටියට ස්වාමින්වහන්සේ වන මම ඔහුට පිළිතුරු දෙන්නෙමි. 5එසේ කරන්නේ, තම දේව පිළිම සියල්ල නිසා, මා අත්හැර ගිය ඉශ්‍රායෙල් ජනයාගේ හදවත් යළි හරවා ගන්නා පිණිස ය.’
6“එබැවින් ඉශ්‍රායෙල් වංශයට මෙසේ කියන්න. ‘පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: පසුතැවිලි වන්න; ඔබේ දේව පිළිම වෙතින් ඉවත හැරෙන්න. ඔබේ පිළිකුල් සහගත ක්‍රියා මාර්ග සියල්ල අත්හරින්න.
7“ ‘යම් ඉශ්‍රායෙල් වංශිකයකු හෝ ඉශ්‍රායෙල්හි වාසය කරන විදේශිකයකු මගෙන් වෙන් ව තම හදෙහි දේව පිළිම පිහිටුවා ගෙන, තම මුහුණ ඉදිරිපිට දුෂ්ටකමට පමුණු වන බාධකයක් පනවා ගෙන, ඉන්පසු මගෙන් විචාරන පිණිස දිවැසිවරයා වෙත යන කල, ස්වාමින්වහන්සේ වන මම ම ඔහුට පිළිතුරු දෙන්නෙමි. 8මම ඒ මිනිසාට එරෙහිව මගේ මුහුණ යොමා, ඒ මිනිසා උපහැරණයක් ද උපදේශයක් ද වන්නට සලසමි. මගේ ජනතාව වෙතින් මම ඔහු සිඳ දමන්නෙමි. එවිට ස්වාමින්වහන්සේ මා වග නුඹලා දැනගන්නවා ඇත.
9“ ‘දිවැසි වැකියෙන් පැවසීමට එම දිවැසිවරයා පොලඹවනු ලද්දේ නම්, එම දිවැසිවරයා පොලඹවන ලද්දේ ස්වාමින්වහන්සේ වන මා විසිනි. මම ඔහුට එරෙහිව මගේ හස්තය දිගු කොට මගේ ජනයා වන ඉශ්‍රායෙල් අතරින් ඔහු සිඳ දමන්නෙමි. 10ඔවුන්ගේ වරද ඔවුන් පිට ම වන්නේ ය. දිවැසිවරයා ද ඔහුගෙන් විචාරන්නා ද එක සේ වරදකරුවකු වන්නේ ය. 11එකල ඉශ්‍රායෙල් ජනතාව තවදුරටත් මවෙතින් ඈත් ව මංමුළා ව නො යනු ඇත. තම පාප සියල්ලෙන් ඔවුන් තවත් අපවිත්‍ර නො වනු ද ඇත. ඔවුහු මගේ ජනතාව වන්නෝ ය. මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමියි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.’ ”
ගැලවිය නො හැකි විනිශ්චය
12 ස්වාමින්වහන්සේගේ වචනය මා වෙත පැමිණ කියනුයේ: 13“මනුෂ්‍ය පුත්‍රය, යම් රටක් අවිශ්වාසවන්තවීමෙන් මට එරෙහිව පව් කරන්නේ නම්, මම මගේ හස්තය ඊට එරෙහිව දිගු කොට, එහි ආහාර සැපයුම සිඳ දමන්නෙමි. සාගතය එහි යවා එහි මිනිසුන් ද ඔවුන්ගේ සතුන් ද මරා දමන්නෙමි. 14නෝවා, දානියෙල් හා යෝබ් යන තිදෙන එහි සිටින්නේ වුව ද තමන්ගේ දමිටුකමෙන් ඔවුන්ට ගලවාගත හැකි වන්නේ තමන්ගේ ම ජීවිත පමණකැයි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
15“නැතහොත්, මවිසින් රට මුළුල්ලෙහි වන මෘගයින් යවනු ලැබ, ඒ මෘගයින් නිසා කිසිවකුත් රට හරහා ගමන් කිරීමට නො හැකි වන සේ උන් එය ඔබේ දරුවන්ගෙන් තොර කෙරෙනු ඇත. එය පාළුවට යන කල, 16මෙම තුන් දෙනා රට තුළ සිටින්නේ වුව ද පරමාධිපති ස්වාමින්වහන්සේ වන මා ප්‍රකාශ කරන්නේ, මා ජීවත් වන වග සැබෑ සේ ම, තමන්ගේ දූ පුතුන් වුව ගලවා ගැනීමට ඔවුනට නො හැකි වග ය. ඔවුන් පමණක් ගැලවී යනු ඇත. දේශය පාළුවක් ම වන්නේ ය.
17“එසේ නැතහොත්, එම රටට එරෙහිව මා අසිපතක් ගෙනැවිත්, ‘දේශය මුළුල්ලෙහි අසිපත යේවා’ යි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කර සිටින්නේ, 18මා ජීවත් වන වග සැබෑ සේ ම මෙම මිනිසුන් තුන් දෙනා රට තුළ සිටින්නේ වුව ද ඔවුන්ට තමන්ගේ ම දූ පුතුන් වුව ගලවා ගැනීමට නො හැකි වග ය. ඔවුන් පමණක් ගැලවී ගනු ඇත.
19“එසේ ද නැතහොත්, මා ඒ දේශය තුළට වසංගතයක් එවා ලේ වැගිරීමකින් එරට මිනිසුන් ද ඔවුන්ගේ සතුන් ද මරා දමමින්, මගේ උදහස ඒ පිට වගුරු වන කල, 20නෝවා, දානියෙල් හා යෝබ් යන මිනිසුන් තිදෙනා එරට තුළ සිටින්නේ වුව ද පරමාධිපති ස්වාමින්වහන්සේ වන මා ප්‍රකාශ කර සිටින්නේ, මා ජීවත් වන වග සැබෑ සේ ම ඔවුන්ට පුතකුවත්, දුවකවත් ගලවාගත නො හැකි වන වග ය. තමන්ගේ දමිටුකමින් ඔවුන්ට තුමූම පමණක් ගැලවීගත හැකි වනු ඇත.
21“මන්ද පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: එසේ නම් මගේ මාරක විනිශ්චයන් හතර ම වන අසිපත ද සාගතය ද වන මෘගයින් හා වසංගතය ද යෙරුසලමට එරෙහිව එහි මිනිසුන් ද ඔවුන්ගේ සතුන් ද මරා දමන පිණිස එවන කල, එය කොතෙක් නම් බරපතළ වේ ද! 22එසේ වුව ද, ඉන් පිටතට ගෙනෙනු ලබන පුතුන් ද දූවරුන් ද යන ඇතැම් දෙනෙක් ඉතිරි ව ජීවත් වනු ඇත. ඔවුහු ඔබ වෙත එන්නෝ ය. ඔවුන්ගේ හැසිරීම හා ක්‍රියා කලාපය ඔබ දුටු කල යෙරුසලම පිටට මා පැමිණ වූ විපත්තිය ගැන, ඒ පිටට මා පැමිණ වූ හැම විපත්තියක් ම ගැන, ඔබට අස්වැසිල්ලක් ලැබෙනු ඇත. 23ඔවුන්ගේ හැසිරීමත්, ඔවුන්ගේ ක්‍රියා කලාපයත් ඔබ දුටු කල ඔබ අස්වසනු ලැබේ. මන්ද හේතු රහිත ව මා කිසිවක් නො කළ වග ඔබ දැනගනු ඇතැයි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක” යනුවෙනි.
දැනට තෝරාගෙන ඇත:
එසකියෙල් 14: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: