එසකියෙල් 13
13
බොරු දිවැසිවරුන්ට එරෙහිව
1 ස්වාමින්වහන්සේගේ වචනය මා වෙත පැමිණ කියනුයේ: 2“මනුෂ්‍ය පුත්‍රය, දැන් දිවැසි වැකි පවසන ඉශ්‍රායෙල් දිවැසිවරුන්ට එරෙහිව දිවැසි වැකි පවසන්න. තමන් ම සිතින් මවා ගත් දිවැසි වැකි පවසන්නවුන්ට මෙසේ කියන්න: ‘ස්වාමින්වහන්සේගේ වචනය අසනු! 3පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක. කිසිවක් නො දැක, තමන්ගේ ම මානසිකත්වයට අනුව යන අනුවණ දිවැසිවරුන්ට දුක් වේ! 4එම්බා ඉශ්‍රායෙල්, නුඹේ දිවැසිවරුන් නටබුන් අතරේ සිවලුන් වැන්න. 5ස්වාමින්වහන්සේගේ දවසේ සංග්‍රාමයේදී නො සැලී සිටිනු හැකි වන පරිදි ඉශ්‍රායෙල් වංශය උදෙසා පවුරේ කපොලු පිළිසකර කරන්නට නුඹලා ගියේ නැත. 6ඔවුන්ගේ දර්ශන බොරු ය. ඔවුන්ගේ පේනකීම් මුසා ය. ස්වාමින්වහන්සේ ඔවුන් නො යැවූ නමුදු, “ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේකැ” යි කියා ඔවුන්ගේ වචන උන්වහන්සේ ඉටු කරතැයි අපේක්ෂා කරති. 7මා කතා නො කළ විටෙක, “ස්වාමින්වහන්සේ ප්‍රකාශ කළ සේකැ” යි කීමෙන් ඔබ බොරු දර්ශන දැක, මුසා පේන පැවසුවා නො වේ ද?
8“ ‘එබැවින් පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ඔබගේ මිථ්‍යා වචන හා මුසා දර්ශන නිසා, මම ඔබට එරෙහිව සිටිමියි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. 9බොරු දර්ශන දකින, මුසා පේන පවසන දිවැසිවරුන්ට මගේ හස්තය විරුද්ධ වනු ඇත. ඔවුන් මගේ ජනතාවගේ මන්ත්‍රණ සභාවට අයත් වන්නේවත්, ඉශ්‍රායෙල් වංශයේ වාර්තා ලේඛනවලට ඇතුළු වන්නේවත්, නැත. ඉශ්‍රායෙල් භූමියට ඔවුන් ඇතුළත් ද නැත. පරමාධිපති ස්වාමින්වහන්සේ මා වග එවිට නුඹලා දැනගනු ඇත.
10“ ‘සාමයක් නැති කල, “සාමය ය” කියමින්, ඔවුන් මගේ ජනයා නොමග යවන බැවින් ද ජනයා තාප්පයක් ගොඩ නැගූ කල, මේ දිවැසිවරු සුදු හුණු ගා වසන් කරන බැවින් ද 11එය ගරා වැටෙන වග සුදු හුණෙන් එය වසන් කරන්නවුන්ට කියන්න. වර්ෂාව මහෝඝයක් වී පැමිණේ. මම හිම කැට කඩා හෙළන්නෙමි. සැඩ සුළඟක් සැහැසි ව හැමේ. 12තාප්පය බිඳ වැටෙන කල, “නුඹලා එහි ගෑ සුදු හුණු කොහේ දැ?” යි ජනයා නුඹලාගෙන් නො අසාවි ද?
13“ ‘එබැවින්, පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: මම මගේ උදහසින් යුතු ව සැඩ සුළඟක් මුදා හරින්නෙමි. තවද මගේ කෝපයෙන් යුතු වූ හිම කැට හා වර්ෂා මහෝඝ විනාශකාරී වියරුවකින් කඩා හැලෙනු ඇත. 14නුඹලා සුදු හුණෙන් වැසූ තාප්පය මම බිඳ හෙළන්නෙමි. එහි අත්තිවාරම් පෙනෙන්නට වන පරිදි මම එය පොළොවට සමතලා කරන්නෙමි. එය වැටෙනා කල, නුඹලා ද ඒ මධ්‍යයේ වැනසී යනු ඇත. එවිට ස්වාමින්වහන්සේ මා වග නුඹලා දැනගනු ඇත. 15මෙසේ පවුරට එරෙහිවත්, සුදු හුණෙන් එය වසන් කළවුන්ට එරෙහිවත් මගේ උදහස වගුරා, ඔබට මෙසේ පවසන්නෙමි: “පවුර නැති වී ගොසිනි. එහි සුදු හුණු ගෑවුන් වන 16යෙරුසලමට දිවැසි වැකි පැවසූ, සාමයක් නැති කල ඇය උදෙසා සාමයේ දර්ශන දුටු ඉශ්‍රායෙල්හි දිවැසිවරුන් ද නැති වී ගොසිනි” යි’ පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
17“දැන් මනුෂ්‍ය පුත්‍රය, තමන්ගේ ම සිතින් මවා ගත් දිවැසි වැකි පවසන, ඔබේ ම ජනතාවගේ දූවරුන්ට එරෙහිව ඔබගේ මුහුණ යොමු කරන්න. ඔවුනට එරෙහිව දිවැසි වැකි පවසමින්, 18මෙසේ කියන්න: ‘පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: ජනතා ජීවිත දඩයම් කර ගන්නා පිණිස, තම අත්පුරා බැඳෙන වශී බන්ධන පට මහන, තමන්ගේ හිස්වලට නා නා තරාතිරම්වල වැසුම් වේල් පට සකස් කරන ස්ත්‍රීන්ට දුක් වේ. නුඹලා මගේ ජනයාගේ ජීවිත දඩයම් කරමින්, නුඹලාගේ ජීවිත ආරක්ෂා කර ගන්නවා ද? 19යව අහුරකට-දෙකකටත්, රොටි කැබලි කීපයකටත් නුඹලා, මගේ ජනයා අතරෙහි මා කෙලෙසා දැමූහ; මුසාව අසා සිටි මගේ ජනයාට නුඹලාගේ මුසා පැවසීමෙන් නුඹලා මිය යා යුතු නැති අය මරා දැමූහ. ජීවත් විය යුතු නැති අය ඉතිරි කළහ.
20“ ‘එබැවින්, පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: කුරුල්ලන් සේ මිනිසුන් දඩයම් කරන නුඹලාගේ වශී බන්ධන පටවලට මම එරෙහි වෙමි. නුඹලාගේ බාහුවෙන් ඒවා ඉරා, කුරුල්ලන් සේ නුඹලා දඩයම් කර ගත් ජනයා, මම නිදහස් කර හරින්නෙමි. 21මම නුඹලාගේ වේල් පට ඉරා, නුඹලාගේ අතින් මගේ ජනයා මුදා ගන්නෙමි. ඔවුන් මින් මතු නුඹලාගේ බලය යටතට උගුලේ වැටෙන්නේ නැත. එවිට, ස්වාමින්වහන්සේ මා වග නුඹලා දැනගන්නවා ඇත. 22මවිසින් ඔවුනට ශෝකය නො පමුණුවා තිබියදී නුඹලාගේ මුසා මගින් නුඹලා ධාර්මිකයින් අධෛර්යට පත් කළ බැවින් හා තම ජීවිත ගලවා ගන්නා පිණිස දුෂ්ටයින්ට ඔවුන්ගේ දුෂ්ට මාර්ගවලින් ඉවත නොහැරෙන ලෙසට නුඹලා ඔවුන් දිරිමත් කළ බැවින් ද 23නුඹලා තවදුරටත් බොරු දර්ශන දකින්නේවත්, පේන කියන්නේවත් නැත. නුඹලාගේ අත්වලින් මම මගේ ජනයා මුදා ගන්නෙමි. එවිට ස්වාමින්වහන්සේ මා වග නුඹලා දැනගන්නවා ඇත.’ ”
දැනට තෝරාගෙන ඇත:
එසකියෙල් 13: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: