එසකියෙල් 15
15
නිෂ්ප්‍රයෝජන මිදි වැල
1 ස්වාමින්වහන්සේගේ වචනය මා වෙත පැමිණ කියනුයේ: 2“මනුෂ්‍ය පුත්‍රය, වනයේ කවර හෝ ගසක අත්තක ලීයට වඩා මිදි වැලේ ලීය හොඳ වන්නේ කෙසේ ද? 3වැඩකට ඇති දෙයක් සාදන්නට එයින් ලී ගත හැකි ද? යමක් එල්ලන ඇණයක්වත් ඉන් සාදාගත හැකි ද? 4එය ගින්නට දර පිණිස දැමූ කල එහි දෙකොන ම ගින්නෙහි දැවී, එහි මැද කොටස අඟුරක් වූ කල, ඉන් වැඩක් ගත හැකි ද? 5එය අංග සම්පූර්ණ ව තිබියදී කිසි ප්‍රයෝජනයක් නො තිබිණි නම්, ගින්නට හසුව අඟුරක් වූ කල ඉන් කවර නම් ප්‍රයෝජනයක් ද?
6“එබැවින් පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: වනයේ ගස් අතරේ වූ මිදි වැලේ ලීය, මා ගින්නට දර පිණිස දී ඇති පරිදි යෙරුසලමෙහි වෙසෙන ජනයාට ද කරන්නෙමි. 7මම මගේ මුහුණ ඔවුන්ට එරෙහිව යොමන්නෙමි. ඔවුන් ගින්නෙන් පිටතට පැමිණිය ද, ගින්න කොහොමටත් ඔවුන් දවාලන්නේ ය. ඔවුන්ට එරෙහිව මා මගේ මුහුණ යොමු කළ කල්හි ස්වාමින්වහන්සේ මා වග ඔබ දැනගනු ඇත. 8මගේ ජනයා මට අවිශ්වාසවන්ත වූ බැවින් මම දේශය පාළුවක් කරන්නෙමියි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක” යනුවෙනි.
දැනට තෝරාගෙන ඇත:
එසකියෙල් 15: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: