සපුරාම නිහතමානී වන්න; මොළොක් ගුණයෙන් යුතු වන්න; ප්‍රේමයෙන් එකිනෙකා දරා ගනිමින්, ඉවසිලිමත් වන්න. ආත්මයාණන්වහන්සේගේ එක්සත්කම, සාමයේ බැම්මෙන් බැඳී පවත්වාගෙන යෑමට හැම උත්සාහයක් ම දරන්න. ඔබ කැඳවනු ලැබූ කල, කැඳවුම් ලද්දේ එක ම බලාපොරොත්තුවකට සේ ම, ඇත්තේ එක ම ශරීරය ය; එක ම ආත්මයාණෝ ය; එක ම ස්වාමින්වහන්සේ ය; එක ම ඇදහිල්ල ය; එක ම බව්තීස්මය ය; සියල්ලන්ට ම ඉහළින් සිටින, සියල්ලන්ට ම බලපවත්වන, සියල්ලන් තුළ සිටින හැමගේ ම එක ම පියාණන්වහන්සේ වන දෙවියන්වහන්සේ ය.
එපීස 4 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: එපීස 4:2-6
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ