ද්විතීය 8
8
ස්වාමින්වහන්සේ සිහි නැති නො කිරීම
1ඔබ ජීවත් වන පිණිසත්, ගණනින් වැඩි වර්ධන වන පිණිසත්, ස්වාමින්වහන්සේ ඔබේ පියවරුනට දිවුරා පොරොන්දු වූ දේශයට පිවිස, එය අත්කර ගන්නා පිණිසත්, අද මා ඔබට දෙන සම්පූර්ණ ආඥාව ම පිළිපැදීමට වග බලා ගන්න. 2උන්වහන්සේගේ ආඥා ඔබ පිළිපදින්නේ ද නැද්දැයි දැනගන්නට ඔබ යටහත් කරමින් හා පරීක්ෂා කරමින්, මේ හතළිස් අවුරුද්ද පුරා පාළුකරයේ මේ මුළු දුර ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට කෙලෙස මග පෙන්වූසේක් දැයි සිහිපත් කරන්න. 3උන්වහන්සේ ඔබ යටහත් කරමින්, ඔබ සාගින්නට පමුණුවා, ඔබ හෝ ඔබේ පියවරුන් හෝ නො දැන සිටි මන්නාවලින් ඔබ පෝෂණ කළ සේක. එසේ කළේ, මිනිසා ජීවත් වන්නේ රොටි පමණකින් නො ව, ස්වාමින්වහන්සේගේ මුවින් නික්මෙන හැම වචනයකින් ම ය යන වග ඔබට උගන්වනු සඳහා ය. 4මේ හතළිස් වසර අතර තුර, ඔබ හැඳ සිටි ඇඳුම් පරණ වුණේවත්, ඔබගේ පා ඉදිමුණේවත් නැත. 5එබැවින් මිනිහෙක් තම පුතු හික්මවන්නා සේ, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබ හික්මවන වග ඔබේ හදවතින් වටහා ගන්න.
6ඔබ, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ ආඥා පිළිපැදිය යුත්තේ, උන්වහන්සේගේ මාර්ගවල ගමන් කරමින් හා උන්වහන්සේට ගෞරව කරමිනි. 7මන්ද ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ සරු සාර දේශයකට ඔබ ගෙන එන සේක. එය ඇළදොළ හා දිය පොකුණුවලින් ද මිටියාවත්වල හා කඳුවල ගලා හැලෙන දිය උල්පත්වලින් ද යුතු දේශයකි. 8එය තිරිඟු හා යව ද මිදි වැල් හා අත්තික්කා ගස් ද දෙළුම් ද ඔලීව තෙල් හා මී පැණි ද ඇති දේශයකි. 9එය, ආහාර හිඟ නො වන දේශයකි. ඔබට කිසිවකින් හිඟයක් නො වේ. ඒ දේශයේ ගල් පර්වත, යකඩ ය. එහි කඳු කැණ, ඔබට තඹ ලබා ගත හැකි ය.
10මෙසේ ඔබ කා, බී, සෑහීමට පත් වූ කල, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට දුන් අනගි දේශය ගැන උන්වහන්සේට ප්‍රශංසා කරන්න. 11අද දවසේ මා ඔබට ආඥා කරන උන්වහන්සේගේ ආඥා, උන්වහන්සේගේ නියමයන් හා උන්වහන්සේගේ නියෝග පිළිපැදීම පැහැර හැරීමෙන්, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අමතක නො කිරීමට පරෙස්සම් වන්න. 12නැතහොත් ඔබ කා, බී, සෑහී, හොඳ ගෙවල් තනා, පදිංචි වූ පසු, 13ඔබේ ගව හා එළු, බැටළු රංචු වැඩිදියුණු වී, ඔබට රන්, රිදී බහුල වී, ඔබට ඇති සියල්ල සඵල වූ කල, 14ඔබේ හදවත අහංකාර වී, ඊජිප්තුවෙන් පිටතට, වහල්කමේ දේශයෙන් පිටතට ඔබ ගෙන ආ ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට අමතක වනු ඇත. 15උන්වහන්සේ ඔබ ගෙන ආවේ, විසකුරු සර්පයින් හා ගෝනුස්සන්ගෙන් යුතු, වතුර නැති, ඒ පිපාසිත මහා රුදුරු පාළුකරය ඔස්සේ ය. කළු ගල් පර්වතයෙන් උන්වහන්සේ ඔබට වතුර දුන් සේක. 16පාළුකරයේදී උන්වහන්සේ ඔබ පෝෂ්‍ය කළේ, ඔබේ පියවරුන් කිසි කලෙක නො දැන සිටි මන්නාවලිනි. එසේ කළේ, කෙළවරදී ඔබට සෙත සැලසෙන පිණිස ඔබ යටත් කොට, ඔබ පරීක්ෂා කරනු පිණිස ය. 17ඇතැම් විට ඔබ, “මා මෙම සම්පත් සපයා ගත්තේ, මගේ බලයෙන් හා මගේ දෑතේ සවියෙන් යැ” යි ඔබට ම කිව හැකි ය. 18එහෙත්, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ සිහි කරන්න. මන්ද, අද දවසේ තිබෙන පරිදි මේ සම්පත් රැස් කර ගැන්මේ හැකියාව ඔබට දෙන්නේත්, ඔබේ ආදි පියවරුනට උන්වහන්සේ දිවුළ ගිවිසුම එමඟින් සහතික කරන්නේත් උන්වහන්සේ ම බැවිනි.
19යම් කලෙක ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අමතක කර, අන් දෙවි-දේවතාවුන් පසු පස ගොස්, ඔබ ඔවුන්ට මෙහෙ කොට, නමස්කාර කළහොත්, සත්තකින් ම ඔබ වැනසී යන බවට අද මම ඔබට එරෙහිව සාක්ෂි දරමි. 20ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට අකීකරුවීමේ හේතුවෙන්, ඔබ වැනසී යනු ඇත්තේ, ස්වාමින්වහන්සේ ඔබ ඉදිරියෙන් ජාතීන් විනාශ කර දැමූ පරිද්දෙනි.
දැනට තෝරාගෙන ඇත:
ද්විතීය 8: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: