දානියෙල් 2:29-36
දානියෙල් 2:29-36 SCV
“අහෝ රජතුමනි, ඔබ ඔබේ යහනේ දිගා වී සිටියදී, ඔබේ සිතුවිලි, මෙයින් පසු සිදුවන දෑ වෙත හැරිණි. සිදු වන්නට යන දෑ කවරේදැයි අබිරහස් එළිදරවුකරුවාණන් ඔබට පෙන්වා දී ඇත. මේ අබිරහස මට එළිදරවු කරනු ලැබ ඇත්තේ, ජීවත් වන අනෙක් මිනිසුන්ට වඩා මහා ප්‍රඥාවක් මට ඇති නිසා නො වේ. අහෝ රජතුමනි, මෙහි අර්ථය ඔබ දැනගන්නා පිණිසත්, ඔබේ මනසේ මැවුණු දෑ කවරේදැයි ඔබ වටහා ගන්න පිණිසත් ය. “ඔබ බලා සිටින විට අහෝ රජතුමනි, මෙන්න විසල් පිළිමයක්! එම පිළිමය ප්‍රබල, අතිශය දීප්තියකින් යුතු ව ඔබ ඉදිරිපිට සිටගෙන. එහි පෙනුම භයංකරයි. පිළිමයේ හිස අමිශ්‍ර රනෙනි; එහි ළය හා අත් රිදීයෙනි; එහි උදරය හා කලවා ලෝකඩයෙනි. එහි කකුල් යකඩිනි. එහි පාද කොටසක් යකඩින් හා කොටසක් මැටියෙනි. ඔබ බලා සිටියදී මිනිස් අතින් තොර ව, කන්දෙන් ගල්-කුට්ටියක් කැපී අවුත්, යකඩ හා මැට්ටෙන් සැදුණු පිළිම-පාවලට ගසා, ඒවා පොඩි පට්ටම් කර දැමී ය. එවිට යකඩ ද මැටි ද ලෝකඩ ද රිදී ද රන් ද එක ම විටෙක කැබලි කරනු ලදුව, ගිම්හානයේ කමතක බොල් පොතු මෙන් විණි. සුළඟ ඒවා ඉවත ගසා ගෙන ගියේ, එහි අංශු මාත්‍රයකුදු ඉතිරි නො කරමිනි. එහෙත් පිළිමයට ගැසූ ගල, මහා කන්දක් බවට පත් ව, මුළු පොළෝ තලය ම පුරවාලී ය. “සිහිනය වූයේ එයයි; දැන් අපි රජුට එහි අරුත පහදා දෙන්නෙමු.

