2 සාමුවෙල් 22:1-7

2 සාමුවෙල් 22:1-7 SCV

තමාගේ සියලු සතුරන් අතින් ද සාවුල් අතින් ද ස්වාමින්වහන්සේ තමා මුදා ලූ දවසේ දාවිත් මේ ගී පද ස්වාමින්වහන්සේට ගායනා කළේ ය. “ස්වාමින්වහන්සේ මගේ පර්වතය ය. මගේ බළකොටුව ය; මගේ මිදුම්කරුවාණෝ ය. මා පිළිසරණ ලබන මගේ දෙවියන්වහන්සේ, මගේ පර්වතය ය. මගේ පලිහ ය ය; මගේ ගැලවීමේ අඟ ය. උන්වහන්සේ මගේ සැඟවුම් පොළ ය; මගේ පිළිසරණය ය. මගේ ගැලවුම්කරු ය. සාහසිකයින්ගෙන් ඔබ මා ගලවන සේක. “ප්‍රශංසා ලැබීමට සුදුස්සාණන් වූ ස්වාමින්වහන්සේට මම හඬ ගසමි; එසේ, මගේ සතුරන්ගෙන් මම ගලවනු ලබමි. මරණයේ තරංග මා වටලා ගත්තේ ය; විනාශයේ ජල ප්‍රවාහ මා යට කර දැම්මේ ය. ෂෙයෝලයේ රැහැන් මා වටා එතිණ; මරණයේ උගුල් අබියසට ම පැමිණින. “මගේ විපත්තියේදී මම ස්වාමින්වහන්සේට හඬ ගැසීමි. මගේ දෙවියන්වහන්සේට මම මොර ගැසීමි. ස්වකීය මාලිගයේ සිට උන්වහන්සේ මගේ හඬ ඇසූ සේක. මගේ මොරගෑම, උන්වහන්සේගේ සවන් වැකිණ.

මෙයට අදාළ වීඩියෝ

2 සාමුවෙල් 22:1-7 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය