2 සාමුවෙල් 22:1-7
2 සාමුවෙල් 22:1-7 සිංහල කාලීන පරිවර්තනය (SCV)
තමාගේ සියලු සතුරන් අතින් ද සාවුල් අතින් ද ස්වාමින්වහන්සේ තමා මුදා ලූ දවසේ දාවිත් මේ ගී පද ස්වාමින්වහන්සේට ගායනා කළේ ය. “ස්වාමින්වහන්සේ මගේ පර්වතය ය. මගේ බළකොටුව ය; මගේ මිදුම්කරුවාණෝ ය. මා පිළිසරණ ලබන මගේ දෙවියන්වහන්සේ, මගේ පර්වතය ය. මගේ පලිහ ය ය; මගේ ගැලවීමේ අඟ ය. උන්වහන්සේ මගේ සැඟවුම් පොළ ය; මගේ පිළිසරණය ය. මගේ ගැලවුම්කරු ය. සාහසිකයින්ගෙන් ඔබ මා ගලවන සේක. “ප්‍රශංසා ලැබීමට සුදුස්සාණන් වූ ස්වාමින්වහන්සේට මම හඬ ගසමි; එසේ, මගේ සතුරන්ගෙන් මම ගලවනු ලබමි. මරණයේ තරංග මා වටලා ගත්තේ ය; විනාශයේ ජල ප්‍රවාහ මා යට කර දැම්මේ ය. ෂෙයෝලයේ රැහැන් මා වටා එතිණ; මරණයේ උගුල් අබියසට ම පැමිණින. “මගේ විපත්තියේදී මම ස්වාමින්වහන්සේට හඬ ගැසීමි. මගේ දෙවියන්වහන්සේට මම මොර ගැසීමි. ස්වකීය මාලිගයේ සිට උන්වහන්සේ මගේ හඬ ඇසූ සේක. මගේ මොරගෑම, උන්වහන්සේගේ සවන් වැකිණ.
2 සාමුවෙල් 22:1-7 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ දාවිත්ගේ සියලු සතුරන් අතින්ද සාවුල්ගේ අතින්ද ඔහු ගැළවූ කල ඔහු මේ ගීතිකාවේ වචන ස්වාමීන්වහන්සේට කියනුයේ: ස්වාමීන්වහන්සේ මාගේ පර්වතයය මාගේ බලකොටුවය, මාගේ, මාගේම මිදුම්කාරයාණෝය; මාගේ පර්වතයවූ දෙවියන්වහන්සේය, උන්වහන්සේ කෙරෙහි විශ්වාසකරමි; උන්වහන්සේ මාගේ පලිහය, මාගේ ගැළවීමේ අඟය, මාගේ උස් කොටුවය, මාගේ රක්ෂාස්ථානයය; මාගේ ගැළවුම්කාරයාණෝය, බලාත්කාරකමෙන් ඔබ මා ගළවනසේක. ප්‍රශංසනීයවූ ස්වාමීන්ට අයැද සිටිමි. මෙසේ මාගේ සතුරන්ගෙන් ගැළවෙන්නෙමි. කුමක්හෙයින්ද මරණය නමැති තරංගයෝ මා වටකළෝය, අධර්මය නැමති ජලධාරාවෝ මා භයගැන්වූය. ෂෙයොලේ බැමි මා අවටින් විය, මරණයේ මලපත් මා පිටට ආයේය. මාගේ විපතේදී ස්වාමීන්ට අයැදීමි, එසේය, මාගේ දෙවියන්වහන්සේට මොරගැසීමි. උන්වහන්සේ තමන් මාලිගාවේ සිට මාගේ හඬ ඇසූසේක, මාගේ හඬ උන්වහන්සේගේ කණෙහි වැටුණේය.
2 සාමුවෙල් 22:1-7 Sinhala New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේ දාවිත්ගේ සියලු සතුරන් අතින් ද සාවුල් අතින් ද ඔහු මුදාගත් කල ඔහු සමිඳාණන් වහන්සේට ගැයූ ගීයේ වචන මෙසේ ය: සමිඳාණෝ මාගේ පර්වතය ය, මාගේ බලකොටුව ය, මාගේ මිදුම්කාරයාණෝ ය. මාගේ පර්වතය වන දෙවිඳාණෝ ය; මම එතුමාණන් සරණ කරගනිමි. එතුමාණෝ මාගේ පලිහ ය; මාගේ ගැළවීමේ බලය ය; මාගේ බලකොටුව ය; මාගේ රක්ෂස්ථානය ය; මාගේ විමුක්තිදායකයාණෝ ය; ඔබ බලහත්කාරකමෙන් මා ගළවන සේක. සියලු පැසසුම්වලට හිමිකම් ඇති සමිඳුන් මම අයැද සිටිමි. මෙසේ මාගේ සතුරන්ගෙන් මම ගැළවෙන්නෙමි. මන්ද, මරණය නමැති තරංගයෝ මා වට කළහ. අධර්මය නමැති ජලධාරාවෝ මා බියගැන්වූ හ. පාතාලයේ රැහැන් මා වෙළා ගති, මරණයේ මලපත් මට අටවා තිබිණි. මාගේ විපතේ දී මම සමිඳුන් යැදීමි. එසේ ය, මාගේ දෙවිඳුන්ට මොරගැසීමි. එතුමාණෝ සිය මාලිගාවේ සිට මාගේ හඬට සවන් දුන් සේක. මා යැදුම් එතුමන් වෙත නැඟිණි.
2 සාමුවෙල් 22:1-7 Sinhala New Revised Version 2018 (SNRV)

2 සාමුවෙල් 22:1-7 New International Version (NIV)
David sang to the LORD the words of this song when the LORD delivered him from the hand of all his enemies and from the hand of Saul. He said: “The LORD is my rock, my fortress and my deliverer; my God is my rock, in whom I take refuge, my shield and the horn of my salvation. He is my stronghold, my refuge and my savior— from violent people you save me. “I called to the LORD, who is worthy of praise, and have been saved from my enemies. The waves of death swirled about me; the torrents of destruction overwhelmed me. The cords of the grave coiled around me; the snares of death confronted me. “In my distress I called to the LORD; I called out to my God. From his temple he heard my voice; my cry came to his ears.