2 සාමුවෙල් 18
18
1දාවිත්, තමා සමඟ වූ මිනිසුන් එක් රැස් කරවා, දහසේ සේනාධිපතීන් ද සියයේ සේනාධිපතීන් ද පත් කළේ ය. 2දාවිත් හේවායින්ගෙන් තුනෙන් කොටසක් යෝවාබ්ගේ අණ යටතේ ද තවත් තුනෙන් කොටසක් සෙරූයාගේ පුත්‍ර, යෝවාබ්ගේ සහෝදර අබිෂයිගේ අණ යටතේ ද අනෙක් තුනෙන් කොටස ගිත්තීය ඉත්තයිගේ අණ යටතේ ද පිටත් කර යැවී ය. “මාත් සැබවින් ම ඔබ සමඟ පිටතට එනවා” යි රජු හේවායින්ට පැවසී ය.
3එහෙත් ඒ මිනිස්සු, “ඔබ පිටතට නො යා යුතුයි. අපට පලා යන්නට සිදු වූවත් ඔවුන් අප ගැන සලකන්නේ නැත. අපෙන් හරි අඩක් මැරුණත් ඔවුන් ගණන් ගන්නේ නැත. එහෙත් ඔබ අපගේ දස දහසක් මෙන් වටී. එබැවින් ඔබ පුරය තුළ ම සිට අපට ආධාර එවීම යෙහෙකැ” යි කීහ.
4“වඩා හොඳයයි ඔබට පෙනෙන දෙයක් මම කරන්නම්” යි රජු ඔවුන්ට පැවසී ය.
එබැවින් මුළු හමුදාව සියයේ හා දහසේ සේනාංක වශයෙන් පිටතට ගමන් කරන තෙක්, රජු පුර දොරටුව පසෙක සිටගෙන සිටියේ ය. 5රජු යෝවාබ්ට, අබිෂයිට හා ඉත්තයිට අණ කරමින්, “මා වෙනුවෙන් අබ්සලොම් තරුණයාට මෘදු ලෙස සලකන්නැ” යි කීවේ ය. අබ්සලොම් සම්බන්ධයෙන් එක් එක් සෙන්පතියාට රජු දුන් නියෝගය සියලු හේවායින්ට ඇසුණි.
6හමුදාව ඉශ්රායෙල් හා සටනට රණබිමට ගමන් ගත්හ. එප්‍රායිම් වනයේදී යුද්ධය ඇරඹිණ. 7මෙහිදී දාවිත්ගේ මිනිසුන් විසින් ඉශ්රායෙල් හමුදාව පරාජය කෙරිණ. එදින මැරී ගියවුන්ගේ ගණන ඉමහත් ය; විසිදහසක් පමණ දෙනෙකි. 8සටන මුළු ගම-රට පුරා ම පැතිර ගියේ ය. ඒ දවසේ කඩුව වැනසූ ජීවිතවලට වඩා වැඩි ගණනක් වනාන්තරය වැනසී ය.
9මේ අතර දාවිත්ගේ මිනිසුන්ට අබ්සලොම් මුණ ගැසිණ. අබ්සලොම් තම කොටළුවා පිට යද්දී කොටළුවා ඝන අතු සහිත මහ ඒලා ගසක් යටින් ගමන් ගත්තේ ය. අබ්සලොම්ගේ හිස එහි අතුවල පටැලිණි. ඔහු අහසත්, පොළොවත් අතර එල්ලී සිටියදී ඔහු නැගී ගිය කොටළුවා දිගට ම යන්නට ගියේ ය.
10ඒ දුටු එක් මිනිහෙක් යෝවාබ්ට ඒ වග දන්වමින්, “අන්න, අබ්සලොම් ඒලා ගසක එල්ලී සිටිනවා මා මේ දැන් දුටුවා” යි කීවේ ය.
11තමාට එසේ කී මිනිසා ඇමතූ යෝවාබ්, “මොනවා! ඔබ ඔහු දුටුවා? එසේ නම් ඔබ එතැනදී ම ඔහුට පහර දී බිම හෙළුවේ නැත්තේ ඇයි? එසේ කළා නම් මා ඔබට රිදී ෂෙකෙල් දහයකුත් වීර-ඉඟ පටියකුත් දෙනවා නො වේ දැ” යි කීවේ ය.
12එහෙත් ඒ මිනිසා පිළිතුරු දෙමින්, “රිදී ෂෙකෙල් දහසක් මගේ දෝතට දුන්නත්, රජුගේ පුතුට එරෙහිව මා මගේ අත ඔසවන්නේ නෑ. අප අසා සිටියදී ම රජු ඔබටත්, අබිෂයිටත්, ඉත්තයිටත් නියෝග කරමින්, ‘මා උදෙසා#18:12 මා උදෙසා හෙබ්‍රෙව් පිටපත්වල ස්වල්පයක්, ග්‍රීක, ලතින් සහ සිරියැක් අනුව ය; බොහෝ හෙබ්‍රෙව් පිටපත්වල ඔබ කවුරුන් වුවත් ලෙස ඇත. අබ්සලොම් තරුණයා රැකගන්නැ’ යි කීවා. 13ඇරත් මා ඔහුගේ ජීවිතයට එරෙහිව ද්‍රෝහි ව#18:13 ද්‍රෝහි ව හෙවත් මගේ ජීවිතය අවදානමට ලක්කර ගත්තේ නම් ක්‍රියා කළේ නම්, ඔබ පැත්තකට වී සිටීවි. රජුගෙන් මේ කිසිවක් සැඟවී නැතැ” යි කීවේ ය.
14එවිට යෝවාබ්, “මෙතැන නුඹ සමඟ කාලය නාස්ති කළ නො හැකැ” යි කියමින් හෙල්ල තුනක් අතින් ගෙන, ඕක් ගසේ එල්ලී, තවමත් පණ පිටින් සිටි අබ්සලොම්ගේ හදවතට ඇන්නේ ය. 15යෝවාබ්ගේ අවි ගෙන යන තරුණයන් දස දෙනෙක් ද වට වී අබ්සලොම්ට පහර දී ඔහු මරා දැමූහ.
16ඉන්පසු යෝවාබ් හොරණෑව හැඬවූයෙන් හමුදාව ඉශ්රායෙල් ලුහුබැඳීම නැවැත්වූහ. මන්ද යෝවාබ් ඔවුන් වැළැක්වූවේ ය. 17ඔවුහු අබ්සලොම් ගෙන, කැලයේ මහ වළක හෙළා, ඔහු පිට විශාල ගල් ගොඩක් ගොඩ ගැසූහ. මේ අතර ඉශ්රායෙල්වරු සියල්ලෝ එකිනෙකා තම තමාගේ ගෙවලට පලා ගියහ.
18අබ්සලොම් ජීවත් ව සිටියදී, “මගේ නම ගෙන යන්නට මට පුතකු නැතැ” යි කියමින් තමා සිහිගැන්වීමට සැමරුම් කණුවක් රජුගේ මිටියාවතේ ඉදිකර තිබිණ. ඔහු එම කණුවට තමාගේ ම නම තැබී ය. අද දවස දක්වාත් එය අබ්සලොම් ස්මාරකය නමින් හැඳින් වේ.
පියකුගේ වැලපීම
19සාදෝක්ගේ පුත් අහිමායස් කතා කරමින්, “එතුමන්ගේ සතුරන් අතින් ස්වාමින්වහන්සේ එතුමා මිදූ පුවත රැගෙන රජු වෙත දුවන්නට මට අවසර” යි ඉල්ලී ය.
20යෝවාබ් ඔහුට පිළිතුරු දෙමින්, “අද දවසේ ආරංචිය ගෙන යන්නේ ඔබ නො වේ. වෙනත් දවසක ඔබට ආරංචි ගෙන යා හැකියි. රජුගේ පුත්‍රයා මියැදුණු නිසා, අද දවසේ ඔබ කිසි ආරංචියක් ගෙන යන්නේ නැතැ” යි කීවේ ය.
21ඉන්පසු කූෂ් ජාතිකයකු ඇමතූ යෝවාබ්, “යනු, නුඹ දුටු දෑ රජුට දන්වනු” යි පැවසී ය. කූෂීයයා නැමී, යෝවාබ්ට වැඳ දුවන්නට වන්නේ ය.
22සාදෝක්ගේ පුත් අහිමායස් යළි යෝවාබ් අමතමින්, “කුමක් වුවත්, කූෂීයයා පසු පස දුවන්නට මටත් අවසර දෙන්නැ” යි ඉල්ලී ය.
යෝවාබ් පිළිතුරු දෙමින්, “තෑගි ලැබෙන ආරංචියක් නැතිව දුවන්නට ඔබට ඇති ඕනෑකම මොකක් ද මා පුත?” යි පැවසී ය.
23“කුමක් සිදු වෙතත් මම දුවන්නෙමි” යි ඔහු කීවේ ය.
“දුවන්නැ” යි එවිට යෝවාබ් කීවේ ය. එවිට දුවන්නට වන් අහිමායස් නිම්න මාවත ඔස්සේ කූෂීයයා පසු කරමින් දිව්වේ ය.
24මේ අතර දාවිත් පිටත හා ඇතුළු දොරටු අතර වාඩි වී සිටියදී, මුරකරු පවුරු දොරටු අසල පියස්සට නැග, දෑස් දල්වා බැලී ය. තනි මිනිසකු දුව එනවා එවිට ඔහු දුටුවේ ය. 25මුරකරු හඬතලමින් රජුට එපවත් දැන්වී ය.
රජු කතා කරමින්, “ඔහු තනියම නම්, ඔහු වෙත ආරංචි ඇතැ” යි කීවේ ය. ඔහු ළං ළං වී ආවේ ය.
26එවිට තවත් මිනිසකු දුව එනු දුටු මුරකරු, “අන්න! තවත් මිනිසකු තනි ව දුව එතැ” යි දොරටු පාලකයාට පැවසී ය.
“ඔහුත් ආරංචි ගෙනෙතැ” යි රජු පැවසී ය.
27“මට පෙනෙන හැටියට පළමු ව දුව එන්නාගේ දිවීම සාදෝක්ගේ පුත් අහිමායස් වැනි යැ” යි මුරකරු කීවේ ය.
“ඔහු හොඳ මිනිසෙක්, ඔහු එන්නේ සුබ ආරංචි අරගෙන යැ” යි රජු පැවසී ය.
28එවිට අහිමායස් රජු අමතමින්, “සියල්ල යහපතැ” යි මොර ගැසී ය. ඔහු පහතට නැමී, මුහුණ බිමට නමා, රජුට ගෞරව දැක්වී ය. “ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ප්‍රශංසා වේවා! මගේ ස්වාමියාණන් වන රජ්ජුරුවන්ට එරෙහිව අත එසවූ මිනිසුන් උන්වහන්සේ යටත් කර දුන් සේකැ” යි කීවේ ය.
29රජු ඔහු අමතමින්, “අබ්සලොම් තරුණයා සුරක්ෂිත දැ?” යි ඇසී ය.
අහිමායස් පිළිතුරු දෙමින්, “යෝවාබ් විසින් රජුගේ සේවකයාත්, ඔබගේ සේවකයාත් වූ මා පිටත් කර එවූ වේලේ මහ කලබලයක් දැක්කා. එහෙත් ඒ කුමක් දැයි මා දන්නේ නැතැ” යි කී ය.
30එවිට රජු, “පැත්තකට වී සිටින්නැ” යි කීවේ ය. එබැවින් ඔහු පසෙකට වී සිට ගත්තේ ය.
31එවිට ම එහි ළඟා වූ කූෂීයයා, “මගේ ස්වාමි වූ රජ්ජුරුවනි, මේ සුබ ආරංචිය අහන්න; ඔබට විරුද්ධ ව නැගී සිටි සියල්ලන්ගෙන් ස්වාමින්වහන්සේ අද දවසේ ඔබ ගැලවූ සේකැ” යි කීවේ ය.
32එවිට කූෂීයයා ඇමතූ රජු, “අබ්සලොම් තරුණයා සුරක්ෂිත දැ?” යි ඇසී ය.
කූෂීයයා පිළිතුරු දෙමින්, “මගේ ස්වාමින් වූ රජ්ජුරුවන්ගේ සතුරන් හා ඔබට වින කරන්නට නැගිටින සියල්ලන් ඒ තරුණ මිනිසා මෙන් වේවා” යි කීවේ ය.
33එවිට රජු දැඩි ලෙස කැලඹී, දොරටුවට ඉහළින් කුටියට වැදී, හඬා වැටුණේ ය. “අහෝ මා පුත අබ්සලොම්; මා පුත, අබ්සලොම් මා පුත, නුඹ වෙනුවට මා මිය ගියා නම්! මා පුත, අහෝ මා පුත අබ්සලොම්” කියමින් හැඬුවේ ය.
දැනට තෝරාගෙන ඇත:
2 සාමුවෙල් 18: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: