2 සාමුවෙල් 19
19
ශෝකය හා වගකීම
1“අන්න! රජු අබ්සලොම් උදෙසා වැලපෙමින්, ශෝක වන්නේ යැ” යි යෝවාබ්ට දන්වන ලදී. 2“රජු තම පුතු ගැන දුක් වේ යැ” යි කියනු හේවායින්ට ඒ දවසේ ඇසුණු බැවින්, ඒ දවසේ ලද ජයග්‍රහණය මුළු හමුදාවට ම ශෝකයක් බවට හැරිණ. 3මිනිසුන් ඒ දවසේ පුරවරයට ඇතුළු වූයේ, යුද්ධයෙන් පැරදී පලා අවුත්, ලජ්ජාවෙන් යුතු ව හොර රහසේ පුරවරයට ඇතුළු වන්නා සේ ය. 4රජු මුහුණ වසාගෙන හඬ නගා හඬන්නට වූයේ, “මා පුත, අබ්සලොම්, අහෝ අබ්සලොම් මා පුත, මා පුත” යි කියමිනි.
5ඉන්පසු යෝවාබ් ගෘහයට රජු වෙත අවුත්, “ඔබේ ජීවිතයත්, ඔබේ පුතුන්ගේ හා ඔබේ දූවරුන්ගේ ජීවිතත්, ඔබේ භාර්යාවන්ගේ හා අතිරේක භාර්යාවන්ගේ ජීවිතත් ගැලවූ ඔබේ සේවක සියල්ලන්ගේ මුහුණු අද දවසේ ඔබ ලජ්ජාවට පත් කළා. 6ඔබ, කරන්නේ ඔබට වෛර කරන්නන්ට ප්‍රේම කරමින්, ඔබට ප්‍රේම කරන්නන්ට වෛර කිරීමයි. සෙන්පතීන් හා ඔවුන්ගේ මිනිසුන් ගැන ඔබට තැකීමක් නැති වග අද දවසේ ඔබ පැහැදිලි ව පෙන්නුම් කළා. මට පෙනෙන්නේ අද දවසේ අබ්සලොම් ජීවත් ව, අප හැම මැරුණා නම් ඔබ සතුටු වන වගයි. 7දැන් නැගිටින්න, පිටතට ගොස්, ඔබේ මිනිසුන් ධෛර්යවත් කරන්න. ස්වාමින්වහන්සේ තුළ මා දිවුරා කියන්නේ, ඔබ පිටතට නො ගියහොත් රෑ බෝ වන විට එක මිනිසකුදු ඔබ සමඟ නො සිටින වගයි. එසේ වූවොත්, ඔබේ යෞවනයේ පටන් මේ දක්වා ඔබ පිට පැමිණි සියලු විපත්තිවලට වඩා මෙය බෙහෙවින් බරපතළ වනු ඇතැ” යි කීවේ ය.
8එබැවින් දාවිත් නැගිට, පුර දොරකඩ වූ තම අසුනේ හිඳ ගත්තේ ය. එවිට, “අන්න, රජ්ජුරුවෝ දොරකඩ හිඳ සිටිති” යි මිනිසුන්ට දන්වන ලද්දේ ය. ඔවුහු සියල්ලෝ ඔහු හමුවට ආහ.
මේ අතර ඉශ්‍රායෙල්වරු තම තමන්ගේ ගෙවලට පලා ගොස් සිටියහ.
ආපසු යෙරුසලමට
9ඉශ්‍රායෙල් ගෝත්‍ර වංශ මුළුල්ලෙහි ජනයා සැවොම තම තමන් අතරේ තර්ක කරමින්, “අපේ සතුරන් අතින් අප මුදා ගත්තේ රජතුමායි; පිලිස්තිවරුන් අතින් අප ගලවා ගත්තේ එතුමායි. එහෙත් දැන් අබ්සලොම් නිසා ඔහු රටින් පලා ගොසින්; 10ඒ ඇරත් අපේ රජු වශයෙන් අප අභිෂේක කළ අබ්සලොම් සටනේදී මැරුණා. එනිසා රජ්ජුරුවන් ආපසු ගෙන ඒම ගැන නිශ්ශබ්ද මන්දැ?” යි කීහ.
11දාවිත් රජු සාදෝක් සහ අබියාතර් යන පූජකයින්ට පණිවුඩ යවමින්, “යූදා වැඩිහිටියන්ගෙන් මෙසේ අහන්න: ‘ඉශ්‍රායෙල් මුළුල්ලේ පැවසෙන දෑ රජුට සැල වී තිබියදී, රජ මැදුරට රජතුමන් ආපසු කැඳවා ඒමට ඔබ අන්තිමයන් වන්නේ මන්ද? 12නුඹලා මගේ ම සහෝදරයොයි. මගේ ඇට හා මසයි. එබැවින් රජ්ජුරුවන් ආපසු කැඳවාගෙන ඒමට නුඹලා අන්තිමයන් වන්නේ මන්දැ?’ යි අසන්න. 13තවද අමාසාට කතා කොට, ‘නුඹ මගේ ඇට හා මස නො වේ ද? මෙතැන් පටන් යෝවාබ් වෙනුවට මගේ හමුදාවේ සේනාධිපතියා වන්නේ නුඹ නො වේ නම්, දෙවියන්වහන්සේ ඊට වඩා දැඩි ලෙස මට කරන සේක්වා!’ කියා පවසන්නැ” යි කියා යැවී ය.
14ඔහු යූදාහි සියලු මිනිසුන්ගේ සිත් එක් කෙනකුගේ සිත මෙන් දිනා ගත්තේ ය. ඔවුහු රජුට පණිවුඩ යවමින්, “ඔබත් ඔබගේ මිනිසුන් හැමදෙනාත් ආපසු එන්නැ” යි දන්වා යැවූහ. 15ඉන්පසු ආපසු පැමිණි රජු, යොර්දාන් දක්වා ගියේ ය.
මේ අතර යූදා මිනිස්සු රජු මුණ ගැසී යොර්දානෙන් මෙතෙරට රජු කැඳවාගෙන ඒම සඳහා ගිල්ගාල් වෙත පැමිණියහ. 16බහූරීම්හි බෙන්යමින් වංශික ගේරාගේ පුත් ෂිමෙයි ද යූදා මිනිසුන් සමඟ දාවිත් රජු හමුවීමට වහ වහා ගියේ ය. 17ඔහු සමඟ බෙන්යමින්වරු දහසක් වූහ. සාවුල්ගේ ගෘහ වාසීන්ගේ භාරකාර සීබා ද ඔහුගේ පුතුන් පහළොස්දෙනා හා සේවකයින් විසිදෙනා ද ඒ අතරේ වූහ. රජු ළඟා වී සිටි යොර්දාන් නදිය වෙත ඔවුහු ලහි ලහියේ දිව ගියෝ, 18රජුගේ ගෘහ වාසීන් මෙගොඩ කරන්නට හා ඔහු කියන්නක් කරන්නටත් තොටුපොළ එතෙර මෙතෙර වූහ.
ගේරාගේ පුත් ෂිමෙයි යොර්දානෙන් එතෙර වූ කල්හි රජු අබියස මුණින් තලා වැඳ වැටුණේ ය. 19ඔහු රජු අමතමින්, “මා ස්වාමියාණන් මා වරදකරුවකැයි නො සලකත්වා! මගේ ස්වාමියාණන් වන රජ්ජුරුවන් යෙරුසලම හැරගිය දවසේ ඔබේ සේවක මා වැරදි කළ අයුරු සිහි නො කළ මැනවි. රජ්ජුරුවෝ සිතින් එය ඉවත් කර ගනිත්වා! 20මන්ද මා පව් කළ වග ඔබේ සේවක මම දනිමි. එහෙත් මෙන්න, මා ස්වාමියාණන් වන රජ්ජුරුවන් හමුවීමට යෝසෙප් වංශික සියල්ලන් අතරින් පළමු වැන්නා ව මම ආවෙමි” යි කීවේ ය.
21එවිට සෙරූයාගේ පුත් අබිෂයි, “මේ ගැන ෂිමෙයි මරණයට පත් කළ යුතු නො වේ ද? ස්වාමින්වහන්සේගේ අභිෂේක ලද්දාණන්ට ඔහු ශාප කළේ යැ” යි කී ය.
22දාවිත් පිළිතුරු දෙමින්, “සෙරූයාගේ පුත්‍රයිනි, මට නුඹෙන් ඇති කාරිය කිම? අද දවසේ නුඹලා මට එදිරිවාදීන් වී ද? අද දවසේ ඉශ්‍රායෙල්හි කවරකු හෝ මරණයට පත් කළ යුතු ද? මා අද ඉශ්‍රායෙල්හි රජ වී සිටින වග මම නො දන්නෙමි දැ?” යි කී ය. 23රජු ඉන්පසු ෂිමෙයිට කතා කොට, “ඔබ මියෙන්නේ නැතැ” යි කීවේ ය. මෙසේ ඔහු දිවිරීමකින් පොරොන්දු විය.
24සාවුල්ගේ මුනුපුරු මෙෆීබොෂෙත් ද රජු හමුවීමට පෙර මඟට ආවේ ය. රජු බැහැර වූ දවසේ පටන් ආපසු නිරුපද්‍රිත ව පැමිණි දවස දක්වා මෙෆීබොෂෙත් තම පාද ගැන කිසි සැලකිල්ලක් දැක්වූයේ නැත. තම උඩු රැවුල මනාව කපා, සකසා ගත්තේ නැත. ඔහු තම ඇඳුම් සෝදා ගත්තේ ද නැත. 25ඔහු යෙරුසලමේ සිට රජු හමුවීමට පැමිණි කල, රජු ඔහු අමතා, “ඔබ මා සමඟ නො ගියේ මන්ද මෙෆීබොෂෙත්?” යැයි ඇසී ය.
26ඔහු පිළිතුරු දෙමින්, “මා ස්වාමියාණන් වන රජ්ජුරුවනි, මගේ සේවක සීබා මා රැවටුවා. ඔබගේ සේවක වන මා කොරකු බැවින්, ‘රජු සමඟ පිටත් ව යන පිණිස මට නැගී යන්නට මගේ බූරුවා ලැහැස්ති කර දෙන්නැ’ යි මා කීවා. එහෙත් 27ඔහු මගේ ස්වාමියාණන් වූ රජ්ජුරුවන්ට ඔබගේ සේවක මා ගැන අපවාද නැගුවා. මගේ ස්වාමියාණන් වන රජ්ජුරුවෝ දෙවියන්වහන්සේගේ දූතයකු වගෙයි. එබැවින් ඔබට හොඳ යැයි හැඟෙන සේ කරන්න. 28මගේ පියවංශ පරපුර මගේ ස්වාමියාණන් වූ රජ්ජුරුවන් අතින් මරණය ලැබිය යුත්තන් වුවත්, ඔබ ඔබගේ මේ සේවකයාට ඔබගේ භෝජන මේසයට වාඩිවන්නන් අතර අසුනක් දුන්නා. එනිසා රජුගෙන් තවත් අයැදීමක් කරන්නට මට ඇති අයිතිය මොකක් දැ?” යි කීවේ ය.
29රජු ඔහුට පිළිතුරු දෙමින්, “ඔබ මේ ගැන තව කතා කරන්නේ කුමට ද? ඔබත්, සීබාත් අතර ඉඩම් බෙදීමට මම නියෝග කරමි” යි කීවේ ය.
30මෙෆීබොෂෙත් රජු අමතමින්, “මගේ ස්වාමියාණන් වන රජ්ජුරුවන් දැන් සුරක්ෂිත ව ගෙදර අවුත් සිටින බැවින්, ඒ සියල්ල ම වූවත් ඔහු ගත්තා වේ” යි කී ය.
31මේ අතර ගිලියාදීය බර්සිල්ලයි ද රොගෙලීම්හි සිට පැමිණ, රජු ඇරලවනු පිණිස, රජු සමඟ යොර්දානෙන් එතෙරට යන්නට ආවේ ය. 32අසූ වියැති, බොහෝ වියපත් මිනිසකු වූ බර්සිල්ලයි මහ ධනවතකු වූ බැවින් රජු මහනයිම්හි ගත කළ කාලයේදී රජුගේ අවැසිතා සපයා දුන්නේ ය. 33රජු බර්සිල්ලයි අමතමින්, “එතෙර ගොස් මා සමඟ යෙරුසලමේ නවතින්න; මම ඔබ බලා ගන්නෙමි” යි කීවේ ය.
34එහෙත් බර්සිල්ලයි, රජුට පිළිතුරු දෙමින්, “රජතුමන් සමඟ යෙරුසලමට ගොස් මට ජීවත් වන්නට ඇත්තේ තව අවුරුදු කීය ද? 35මට දැන් අවුරුදු අසූවක්; මනරම් දේත්, එසේ නැති දේත් අතර වෙනස මට හැඳිනගන්නට පුළුවන් ද? කන-බොන දේවල රස විඳින්නට ඔබේ සේවකයාට පුළුවන් ද? ගායක ගායිකාවන්ගේ ගී නාද මට තවමත් ඇසිය හැකි ද? එසේ තිබියදී ඔබේ මේ සේවකයා, මගේ ස්වාමියා වන රජ්ජුරුවන්ට අතිරේක බරක් වන්නේ කුමට ද? 36ඔබගේ සේවකයා රජ්ජුරුවන් සමඟ යොර්දානෙන් එතෙරට ටික දුරක් එනවා. රජතුමා මේ අයුරින් මට ඉටු විපාක දෙන්නේ කුමට ද? 37මගේ පියාගේත්, මවගේත් සොහොන කිට්ටුවෙන් උපන් ගමේ ම මියැදෙන පිණිස ඔබේ සේවකයාට ආපසු ඒමට ඉඩ දෙන්න; එසේ වුවත් මෙන්න, ඔබේ සේවක කිම්හාම්. ඔහු, මගේ ස්වාමියාණන් වන රජ්ජුරුවන් සමඟ එතෙර ගියා වේ. ඔබගේ මනාපය පරිද්දෙන් ඔහුට සලකනු මැනවි” යි කීවේ ය.
38රජු පිළිතුරු දෙමින්, “කිම්හාම් මා සමඟ එතෙර ව යනු ඇත. ඔබගේ මනාපය පරිද්දෙන් මා ඔහුට සලකනවා. මගෙන් ඔබ අපේක්ෂා කරන කවර දෙයක් වුව මා ඔබ වෙනුවෙන් කරන්නෙමි” යි කීවේ ය.
39ඉන්පසු සියල්ලෝ යොර්දානෙන් එතෙර වූහ. රජු ද එතෙර විය. රජු බර්සිල්ලයි සිප, ඔහුට ආශිර්වාද කළේ ය. ඉන්පසු බර්සිල්ලයි තම නිවසට හැරී ගියේ ය.
40රජු ගිල්ගාල් වෙත එතෙරට ගිය කල, කිම්හාම් ද ඔහු සමඟ එතෙර වූයේ ය. යූදා හේවායින් සියල්ලෝ ද ඉශ්‍රායෙල් හේවායින්ගෙන් අඩක් ද එතෙරට රජු කැටිව ගියහ.
41එවිට සියලු ඉශ්‍රායෙල් ජනයා රජු වෙත එන්නට වී, ඔහු අමතමින්, “අපගේ සහෝදර යූදා ජනයා හොරෙන් ම රජ්ජුරුවන් ගෙන අවුත්, රජුත්, රජුගේ ගෘහවාසීනුත් රජුගේ සියලු මිනිසුන් සමඟ යොර්දානෙන් මෙතෙරට ගෙන ආවේ මන්දැ?” යි ඇසූහ.
42සියලු යූදා ජනයා ඉශ්‍රායෙල් ජනයාට පිළිතුරු දෙමින්, “එසේ කළේ රජු අපේ ම ළඟ නෑයකු නිසයි. නුඹලා ඒ ගැන තරහ ගන්නේ මන්ද? මොකෝ! රජුගේ සලාකයෙන් අප කෑවා ද? ඔහු අපට තෑගි-බෝග දුන්නා දැ?” යි ඇසූහ.
43එවිට ඉශ්‍රායෙල් ජනයා යූදා ජනයාට පිළිතුරු දෙමින්, “රජුගෙන් දස ගුණයක් ම ඇත්තේ අපටයි. නුඹලාට වඩා දාවිත් ගැන වැඩි අයිතියක් ඇත්තේ අපටයි. එසේ නම් නුඹලා අප ගැන සුළු කොට සැලකුවේ මන්ද? අපේ රජතුමන් ආපසු කැඳවාගෙන ඒමට මුලින් ම යෝජනා කළේ අප නො වේ දැ?” යි කීහ.
එනමුත් යූදා ජනතාවගේ ප්‍රතිචාරය ඉශ්‍රායෙල් ජනතාවගේ වචනවලට වඩා සැර ව තිබුණි.
දැනට තෝරාගෙන ඇත:
2 සාමුවෙල් 19: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: