2 සාමුවෙල් 17

17
1තවද අහිතොෆෙල්, අබ්සලොම්ට කතා කොට, “මිනිසුන් දොළොස් දහසක් තෝරා ගෙන, අද රෑ දාවිත් ලුහුබැඳ යන්නට මට අවසර! 2ඔහු වෙහෙස ව, දුර්වල ව සිටියදී මා ඔහුට පහර දී, ඔහු සන්ත්‍රාසයට පත් කරන්නම්. එවිට ඔහු සමඟ සිටින සියලු ජනයා පලා යනු ඇත. රජු පමණක් ගසා හෙළා, මම 3මුළු ජනතාව ඔබ වෙත ගෙනෙන්නෙමි. ඔබට ඕනෑ කරන මිනිසාගේ මරණය සියල්ලන්ගේ නැවත පැමිණීමට හේතු වනු ඇත; සියලු ජනයා සාමය ඇතුව සිටිනු ඇතැ#17:3 ග්‍රීක මුළු ජනතාව, තම සැමියා වෙත ගෙදර එන මනාලියක සේ ඔබ වෙත ගෙනෙන්නෙමි. ඔබට ඕනෑ කරන මිනිසාගේ මරණයෙන් සියලු ජනයා සාමයෙන් වෙසෙනු ඇත.” යි කී ය. 4එම සැලැස්ම යෙහෙකැයි අබ්සලොම්ටත්, ඉශ්‍රායෙල් වැඩිහිටියන් හැම දෙනාටත් හැඟී ගියේ ය.
5එහෙත් අබ්සලොම්, “අර්කීය හූෂයි ද කැඳවන්න; ඔහුට කීමට ඇත්තේ කුමක් දැයි එවිට අපට ඇසිය හැකි ය” යි කීවේ ය. 6හූෂයි, අබ්සලොම් වෙත පැමිණි කල, අබ්සලොම් ඔහු අමතමින්, “අහිතොෆෙල් මෙසේ කීවා. අපි ඔහු කී දේ කරමු ද? නැති නම් ඔබ අපට කියන්නැ” යි කීවේ ය.
7හූෂයි, අබ්සලොම්ට පිළිතුරු දෙමින්, “අහිතොෆෙල් මේ වතාවේ දී ඇති උපදෙස හොඳ නැහැ. 8ඔබගේ පියා ගැනත්, ඔහුගේ මිනිසුන් ගැනත් ඔබ දන්නවා. ඔවුහු සටන්කරුවෝ; තම පැටවුන් නැතිවුණු වනයේ වැලහින්නක සේ රුදුරුයි. ඒ ඇරත් ඔබගේ පියා පලපුරුදු යුද්ධ සටන්කරුවෙක්. ඔහු හේවායින් අතරේ රැය ගත කරන්නේ නෑ. 9ඔන්න මේ වන විටත් ඔහු කිසියම් ගුහාවක හෝ වෙන යම් තැනක සැඟවී ඇති. පළමු කොට ඔහු ඔබේ හේවායින්ට පහර දුන්නොත් ඒ ගැන අසන අය, ‘අබ්සලොම් පස්සේ යන හේවායින් ඝාතනයට පත් වෙලා’ යි කියනු ඇත. 10එවිට සිංහ හදක් බඳු හදක් ඇති වීර රණවිරුවකු වුවත් භයින් හැකිළී යනු ඇති. මන්ද ඔබේ පියා ශූර සටන්කරුවකු වගත්, ඔහු හා සමඟ සිටින අය වීර රණවිරුවන් වගත් ඉශ්‍රායෙල් කවුරුත් දන්නවා.
11“එබැවින් මා ඔබට උපදෙස් දෙන්නේ, දාන් පටන් බෙයර්ෂෙබා දක්වා වූ ඉශ්‍රායෙල් සැවොම මුහුදු වෙරළේ වැල්ල මෙන් ගැණිය නො හැකි තරමින්, ඔබ හා එකට එකතු වී, සටනට ඔබ ම පෞද්ගලික ව ඔවුන්ට නායකත්වය දෙන්න කියායි. 12එවිට ඔහු කොහි සිටියත් අපි ඔහුට පහර දෙන්නෙමු. පින්නෙන් පොළොව වසා ගන්නාක් මෙන් අපි ඔහු පිට පතිත වන්නෙමු. ඔහුටවත්, ඔහුගේ මිනිසුන් කවරකුටවත් දිවි ගලවාගත නො හැකි වනු ඇත. 13ඔහු කිසියම් පුරයකට පසු බැස්සහොත්, සියලු ඉශ්‍රායෙල්වරුන් එම පුරයට කඹ ගෙනවුත්, අප ඒ පුරය තැන්නට ඇද දමන්නේ ඉන් එක් කැබැල්ලක් හෝ දැකිය නො හැකි වන පරිද්දෙනි” යි කීවේ ය.
14එවිට අබ්සලොම් හා ඉශ්‍රායෙල් මිනිසුන් සැවොම, “අහිතොෆෙල්ගේ උපදෙසට වඩා, අර්කීය හූෂයිගේ උපදෙස අගෙයි” කීහ. මන්ද ස්වාමින්වහන්සේ අබ්සලොම් පිටට විපත්තිය පමුණු වන පිණිස, අහිතොෆෙල්ගේ හොඳ උපදෙස නිෂ්ඵල කිරීමට තීරණය කොට තිබූ බැවිනි.
15හූෂයි ඉන්පසු සාදෝක් හා අබියාතර් පූජකයින්ට කතා කොට, “අහිතොෆෙල්, අබ්සලොම්ටත්, ඉශ්‍රායෙල් වැඩිහිටියන්ටත් අසවල් විදියට උපදෙස් දුන්නේ ය. එහෙත් මා ඔවුන්ට උපදෙස් දුන්නේ මේ මේ අයුරු කරන්න කියායි; 16එබැවින් දැන් වහා පණිවුඩ යවා, දාවිත්ට මෙසේ සැලකරන්න. ‘පාළුකරයේ තොටුපොළවල් ළඟ රැය ගත නො කරන්න. කෙලෙස හෝ එතෙර වන්න. නැතහොත් රජුත්, ඔහු සමඟ සිටින සියලු ජනයාත් නැති-භංග වී යනු ඇතැ’ ” යි කීවේ ය.
17යොනාතාන් හා අහිමායස් නැවතී සිටියේ ඒන්-රොගේල් හිය. මෙහෙකාර තරුණියක් ඔවුන් වෙත ගොස්, කරුණු සැල කළ යුතු විණ. දාවිත් රජුට කීමට ඔවුන් යා යුතු වූයේ එලෙසිනි. මන්ද දකිනු ලැබීමේ අවදානම නිසා පුරවරයට ඔවුන් පිවිසුණේ නැත. 18එහෙත් තරුණයෙක් ඔවුන් දැක, අබ්සලොම්ට ඒ වග කීවේ ය. එබැවින් ඔවුන් දෙදෙන වහා පිටත් ව, බහූරීම්හි මිනිසකුගේ නිවසට ගියහ. ඔහුගේ ගෙවත්තේ ළිඳක් වූයෙන් ඔවුහු එතුළට බැස්සෝ ය. 19ගෙහිමියාගේ බිරිඳ ළිං කට වැසෙන සේ වැස්මක් එළා, ඒ මත ධාන්‍ය අතුළා ය. කිසිවකු ඒ ගැන කිසිවක් දැනගත්තේ නැත.
20අබ්සලොම්ගේ මිනිස්සු ඒ නිවසේ කාන්තාව වෙත අවුත්, “කෝ! අහිමායස් හා යොනාතාන් කොහේ දැ?” යි ඇසූහ.
කාන්තාව ඔවුන්ට පිළිතුරු දෙමින්, “ඔවුන් දිය ඇළෙන් එගොඩ වුණා#17:20 එගොඩ වුණා හෙවත් ඔවුන් බැටළු කොටුව පසු කර දිය දෙසට ගියා.” යි කීවා ය. ඔවුහු සෝදිසි කර බැලූ නමුදු කිසිවකුත් හමු නො වූ බැවින්, යෙරුසලමට ආපසු ගියහ.
21ඒ මිනිසුන් පිටත් ව ගිය පසු, ළිඳෙන් ගොඩ වූ ඔවුහු දෙදෙනා දාවිත් රජු වෙත ගොස්, “දැන් ම පිටත් වී, ගඟෙන් එගොඩ වන්න. අහිතොෆෙල් ඔබට එරෙහිව මේ මේ ලෙස උපදෙස් දී ඇතැ” යි කීහ. 22එබැවින් දාවිත් සහ ඔහු සමඟ වූ සැවොම යොර්දානෙන් එතෙර වූහ. දවස උදා වන විට යොර්දානෙන් එතෙර නො වී සිටි කිසිවකු හෝ නො වී ය.
23මේ අතර, අහිතොෆෙල් තමාගේ උපදෙස නො පිළිගැනුණු වග දුටු කල, තම බූරුවා ගමනට සූදානම් කොට, තම උපන් නගරයේ තම නිවස බලා පිටත් වුණේ ය. එහිදී තම නිවසේ කටයුතු පිළිවෙලක් කළ ඔහු එල්ලී මළේ ය. ඔහුගේ පියාගේ සොහොනෙහි ඔහු භූමදාන කරනු ලැබී ය.
අබ්සලොම්ගේ අවසානය
24දාවිත්, මහනයිම් බලා ගිය අතර, අබ්සලොම් සියලු ඉශ්‍රායෙල් මිනිසුන් සමඟ යොර්දාන් ගඟෙන් එතෙර විය. 25අබ්සලොම් හමුදාපති වශයෙන් යෝවාබ්ගේ තැනට අමාසා පත් කළේ ය. අමාසා ඉෂ්මායෙල් වංශික#17:25 ඉෂ්මායෙල් වංශික සමහර ග්‍රීක පිටපත්වලට සහ 1 ලේක 2;17 ට අනුව ය; හෙබ්‍රෙව් සහ වෙනත් ග්‍රීක පිටපත්වල ඉශ්‍රායෙල් වංශික ලෙස සඳහන් ව ඇත. යෙතෙර් නම් මනුෂ්‍යයකුගේ පුත්‍රයා ය. මේ යෙතෙර්ගේ බිරිඳ වූයේ යෝවාබ්ගේ මව වූ සෙරූයාගේ සහෝදරිය ද නාහාෂ්ගේ දියණියක ද වූ අබිගායිල් ය. 26ඉශ්‍රායෙල්වරු හා අබ්සලොම්, ගිලියාද් දේශයෙහි කඳවුරු බැඳ ගත්හ.
27දාවිත්, මහනයිම් වෙත පැමිණි විට, අම්මොන්වරුන්ගේ රබ්බාහි නාහාෂ්ගේ පුත් ෂෝබි ද ලෝ-දෙබාර්හි අම්මියෙල්ගේ පුත් මාකීර් ද රොගෙලීම්හි ගිලියාදීය බර්සිල්ලයි ද යන අය 28ඇඳන්, පාත්‍ර හා මැටි බඳුන් රැගෙන ආහ. තවද ඔවුහු තිරිඟු හා යව ද පිටි හා බැදපු ධාන්‍ය ද බෝංචි හා කොල්ලු ද 29මී පැණි හා මුදවපු කිරි ද බැටළුවන් හා එළකිරෙන් හැදූ කේජු ද දාවිත්ට හා ඔහුගේ ජනයාට ආහාර පිණිස ගෙන ආහ. මන්ද, “පාළුකරයේදී ජනයා සාගින්නටත්, විඩාවටත්, පිපාසයටත් පත් ව ඇතැ” යි ඔවුහු කීහ.

දැනට තෝරාගෙන ඇත:

2 සාමුවෙල් 17: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න