2 සාමුවෙල් 12:20-23

2 සාමුවෙල් 12:20-23 SCV

එවිට දාවිත් බිමින් නැගිට, දෝවනය කර, ආලේපන ගල්වා, වෙනත් ඇඳුම් ඇඟ ලා, ස්වාමින්වහන්සේගේ ගෘහයට ඇතුල් ව, නමස්කාර කළේ ය. ඉන්පසු ඔහු තමාගේ නිවසට ගියේ ය. ඔහුගේ ඉල්ලීම පිට, ඔවුහු ඔහුට ආහාර පිළිගැන් වූහ. ඔහු අහර ගත්තේ ය. එවිට ඔහුගේ සේවකයෝ ඔහු අමතමින්, “ඔබ මෙලෙස හැසිරෙන්නේ මොකද? දරුවා ජීවත් ව සිටියදී ඔබ නිරාහාර ව හැඬුවා. ඒත් දැන් දරුවා මියැදී ඇති විට ඔබ නැගිට ආහාර ගනී!” යි කීහ. ඔහු පිළිතුරු දෙමින්, “දරුවා ජීවත් ව සිටියදී මම නිරාහාර ව හැඬුවෙමි. එසේ කළේ, ‘ස්වාමින්වහන්සේ මට කාරුණික වී, දරුවාට ජීවිත දානය දේවි ද කියා දන්නේ කවුරු ද?’ කියා මා සිතූ නිසයි. එහෙත් දැන් ඔහු මිය ගොසින්. මා නිරාහාර ව සිටින්නේ කුමට ද? ඔහු නැවත ගෙනෙන්නට මට පුළුවන් ද? මා ඔහු ළඟට යනවා විනා, ඔහු මා ළඟට ආපසු එන්නේ නැතැ” යි කීවේ ය.

මෙයට අදාළ වීඩියෝ