1 සාමුවෙල් 13
13
සාවුල්ගේ දවන පූජාව
1සාවුල් රජකමට පත් වන විට තිස්#13:1 තිස් ඇතැම් පසුකාලීන ග්‍රීක සහ හෙබ්‍රෙව් අත් පිටපත්වල තිස් යන වචනය නො පෙනේ. අවුරුදු වයස් විය. ඔහු වසර හතළිස්#13:1 හතළිස් ඇතැම් පසුකාලීන ග්‍රීක සහ හෙබ්‍රෙව් අත් පිටපත්වල හතළිස් යන වචනය නො පෙනේ. දෙකක් ඉශ්රායෙල්හි රජකම් කළේ ය.
2සාවුල් ඉශ්රායෙල්වරුන් අතරින් මිනිසුන් තුන්දහසක් තෝරා ගත්තේ ය. එයින් දෙදහසක් මික්මාස්හි ද බෙතෙල් කඳු රටෙහි ද සාවුල් සමඟ සිටියහ. එක් දහසක් යොනාතාන් සමඟ බෙන්යමින් පෙදෙසේ ගිබෙයාහි වූහ. ඔහු සෙසු ජනයා ඔවුනොවුන්ගේ ගෙවලට ආපසු යැව්වේ ය.
3යොනාතාන් ගෙබාහි පිලිස්ති මුරපොළ පැරදවී ය. පිලිස්තිවරුනට එය අසන්නට ලැබිණ. එවිට සාවුල්, “හෙබ්රෙව්වනි අසත්වා!” කියමින් මුළු දේශය පුරා හොරණෑ හැඬවී ය. 4සාවුල් පිලිස්ති මුර පොළට පහර දී ඇති වගත්, දැන් ඉශ්රායෙල්වරුන් පිලිස්තිවරුනට පිළිකුලක් ව ඇති වගත් මුළු ඉශ්රායෙල් ජනතාවට ම අසන්නට ලැබිණ. ගිල්ගාල්හි දී සාවුල් සමඟ එක් වන ලෙසට ජනයා කැඳවන ලදහ.
5පිලිස්තිවරු යුද්ධ රථ තිස්දහසක්#13:5 තිස්දහසක් සමහර ග්‍රීක සහ සිරියැක් අත් පිටපත්වල තුන්දහසක් ලෙස සඳහන් වේ. ද අසරුවන් හයදහසක් ද මුහුදු වෙරළේ වැලි මෙන් ගණන් කළ නො හැකි තරමේ සේනාවක් සමඟ ඉශ්රායෙල්වරුන්ට එරෙහිව සටනට එක් රැස් වූහ. ඔවුහු අවුත්, බෙත්-ආවෙන්‍ට නැගෙනහිරින් මික්මාස්හි කඳවුරු බැන්දහ. 6ඉශ්රායෙල්වරු තමන්ගේ තත්වය අවදානම් වගත්, තම හමුදාව අසීරුවට පත් ව ඇති වගත් දුටු කල, ගුහා තුළත්, කුහර තුළත්, පර්වත අතරේත්, පතල්වල හා පාළු ළිංවල ද සැඟවුණහ. 7ඇතැම් හෙබ්‍රෙව්වෝ ගාද් දේශයටත්, ගිලියාද් දේශයටත් යොර්දාන් ගඟින් එතෙර ව ගියහ.
එහෙත් සාවුල්, ගිල්ගාල්හි රැඳී සිටියේ ය. ඔහු සමඟ වූ මුළු සෙබළ පිරිස භයින් වෙවුලූහ. 8සාමුවෙල් නියම කළ කාලය වන හත් දවසක් සාවුල් බලා සිටියේ ය. එහෙත් සාමුවෙල් ගිල්ගාල් වෙත ආවේ නැත. මිනිස්සු ඔහු වෙතින් විසිර යන්නට වන්හ. 9එබැවින් සාවුල්, “දවන යාග පූජාවත්, ශාන්ති පූජාවත් මෙහි මා ළඟට ගෙනෙන්නැ” යි කීවේ ය. මෙසේ සාවුල් දවන යාග පූජාව ඔප්පු කළේ ය. 10ඔහු දවන යාග පූජාව ඔප්පු කර නිම වනවාත් සමඟ ම, සාමුවෙල් පැමිණියේ ය. ඔහුට ආචාර කරන පිණිස ඔහු හමු වන්නට සාවුල් පිටතට ගියේ ය.
11“මොනවද ඔබ මේ කළේ?” යි සාමුවෙල් ඇසී ය. එබැවින් සාවුල් පිළිතුරු දෙමින්, “මිනිසුන් මා වෙතින් විසිර යනවා මා දුටු නිසාත්, නියම කර ගත් වෙලාවට ඔබ නො ආ නිසාත්, පිලිස්තිවරුන් මික්මාස්හි එක් රැස් වී සිටි නිසාත්, 12මා සිතුවේ පිලිස්තිවරුන් දැන් පිටත් ව, මට එරෙහිව ගිල්ගාල් වෙත එනු ඇති; මා ස්වාමින්වහන්සේගේ ප්‍රසාදය සෙව්වේ ද නැත කියායි. එනිසා දවන යාග පූජාව ඔප්පු කිරීමට මා තුළ බලකිරීමක් ඇති වුණා” යි කී ය.
13එවිට සාමුවෙල් කතා කරමින්, “ඔබ කර ඇත්තේ අනුවණ වැඩකි; උන්වහන්සේ ඔබට අණ කළ පරිදි ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ ආඥාව, ඔබ පිළිපැද්දේ නැහැ. පිළිපැද්දා නම්, උන්වහන්සේ ඔබගේ රාජ්‍යය ඉශ්රායෙල්හි සදහට ම ස්ථිර කරන්නට තිබුණි. 14එහෙත් දැන් ඔබගේ රාජ්‍යය දිගට ම පවතින්නේ නැත. ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ හදවතට එකඟ මනුෂ්‍යයකු සොයා, ස්වකීය ජනයාගේ අධිපතියා කොට ඔහු පත් කොට ඇත්තේ, ඔබ ස්වාමින්වහන්සේගේ ආඥාව පිළිපැද්දේ නැති නිසා යැ” යි කීවේ ය.
15ඉන්පසු සාමුවෙල් නැගිට, ගිල්ගාල් වෙතින් නික්ම ගියේ ය. සෙසු ජනයා සාවුල් පසු පස හමුදාව හමුවට ගියහ. ඔවුහු ගිල්ගාල් සිට බෙන්යමින් ගිබෙයා වෙත ගියහ. සාවුල් තමා සමඟ සිටි මිනිසුන් ගණන් කළේ ය. ඔවුහු හයසිය දෙනෙක් පමණ වූහ.
ඉශ්රායෙලය ආයුධ නැතිව
16සාවුල් ද ඔහුගේ පුත් යොනාතාන් ද ඔහු හා වූ මිනිසුන් ද බෙන්යමින් ගිබෙයාහි#13:16 ගිබෙයාහි බොහෝ අත් පිටපත්වල ගෙබාහි ලෙස සඳහන් වේ. නැවතී සිටි අතරේ, පිලිස්තිවරු මික්මාස්හි කඳවුරු ගැසූහ. 17ආක්රමණික කණ්ඩායම් සේනාංක තුනක් පිලිස්ති කඳවුරෙන් පිටත් ව ආහ. එක් කණ්ඩායමක් ෂූවාල් පෙදෙසේ ඔෆ්රා දෙසට ද 18අනෙක් කණ්ඩායම බෙත්-හෝරෝන් දෙසට හා සෙසු කණ්ඩායම පාළුකරයට මුහුණ ලා සෙබොයීම් මිටියාවතට ඉහළින් දේශ සීමාව දෙසට හැරිණි.
19එදවස්හි මුළු මහත් ඉශ්රායෙල් දේශය පුරා එකදු කම්මල්කරුවකුවත් සොයාගත නො හැකි විය. “ඒ එසේ නො වී නම්, හෙබ්‍රෙව්වරුන් කඩු හා හෙල්ල තනා ගනු ඇතැ” යි පිලිස්තිවරුන් කියා තිබිණි. 20එබැවින් තම නඟුල් දැති ද කෙටේරි ද පොරෝ ද දෑකැති ද මුවහත් කර ගනු පිණිස, සියලු ඉශ්රායෙල්වරු පිලිස්තිවරුන් වෙත ගියහ. 21නඟුල් දැති හා කෙටේරි මුවහත් කිරීමට ගාස්තුව, ෂෙකෙලයකින් තුනෙන් දෙකකි. මුල්ලු හා පොරෝ මුවහත් කිරීමට හා හෙණ්ඩු උල් කිරීමට ෂෙකෙලයකින් තුනෙන් එකකි.
22එබැවින් යුද්ධය දවසේදීත් සාවුල් හා යොනාතාන් සමඟ සිටි එකදු සෙබලකු අතවත් කඩුවක් හෝ හෙල්ලයක් හෝ නො විණ. ඒවා තිබුණේ සාවුල්ට හා ඔහුගේ පුත් යොනාතාන්ට පමණි.
යොනාතාන් පිලිස්තිවරුන්ට පහර දීම
23පිලිස්ති ආරක්ෂක භට කණ්ඩායමක්, මික්මාස්හි දුර්ගය ඔස්සේ ගොස් තිබිණි.
දැනට තෝරාගෙන ඇත:
1 සාමුවෙල් 13: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.