එවිට සාමුවෙල් කතා කරමින්, “ඔබ කර ඇත්තේ අනුවණ වැඩකි; උන්වහන්සේ ඔබට අණ කළ පරිදි ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ ආඥාව, ඔබ පිළිපැද්දේ නැහැ. පිළිපැද්දා නම්, උන්වහන්සේ ඔබගේ රාජ්‍යය ඉශ්රායෙල්හි සදහට ම ස්ථිර කරන්නට තිබුණි. එහෙත් දැන් ඔබගේ රාජ්‍යය දිගට ම පවතින්නේ නැත. ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ හදවතට එකඟ මනුෂ්‍යයකු සොයා, ස්වකීය ජනයාගේ අධිපතියා කොට ඔහු පත් කොට ඇත්තේ, ඔබ ස්වාමින්වහන්සේගේ ආඥාව පිළිපැද්දේ නැති නිසා යැ” යි කීවේ ය.