1 රාජාවලිය 21:18-20
1 රාජාවලිය 21:18-20 SCV
“නැගිට, සමාරියේ රජකම් කරන ඉශ්‍රායෙල් රජු වන ආහාබ් හමුවට පිටත් ව යන්න. අන්න, ඔහු දැන් නාබොත්ගේ මිදි වත්ත අයිති කර ගැනීමට එහි ගොස් සිටී. ඔහුට කියන්න, ‘ඔබ මිනී මරා දේපොළ අල්ලා ගත්තා නො වේ දැ?’ යි ස්වාමින්වහන්සේ අසන සේක; ස්වාමින්වහන්සේ මෙසේ ද කියන සේක: ‘බල්ලන් නාබොත්ගේ ලේ ලෙව කෑ තැනදී ම බල්ලෝ ඔබේ ලේ, ඔව්, ඔබේ ම ලේ ලෙව කන්නෝ ය කියා කියන්න.’ ” ආහාබ්, එලියා අමතමින්, “ආ නුඹ මා සොයා ගත්තා ද මගේ සතුර?” යි පැවසී ය. “ඔව්, මම ඔබ සොයා ගත්තා” යි පිළිතුරු දුන් ඔහු, “මන්ද ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ නපුර කරන පිණිස, ඔබ, ඔබ ම විකුණාගෙන ඇතැ” යි පැවසී ය.

