1 රාජාවලිය 21:18-20
1 රාජාවලිය 21:18-20 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“නැගිට, සමාරියේ රජකම් කරන ඉශ්‍රායෙල් රජු වන ආහාබ් හමුවට පිටත් ව යන්න. අන්න, ඔහු දැන් නාබොත්ගේ මිදි වත්ත අයිති කර ගැනීමට එහි ගොස් සිටී. ඔහුට කියන්න, ‘ඔබ මිනී මරා දේපොළ අල්ලා ගත්තා නො වේ දැ?’ යි ස්වාමින්වහන්සේ අසන සේක; ස්වාමින්වහන්සේ මෙසේ ද කියන සේක: ‘බල්ලන් නාබොත්ගේ ලේ ලෙව කෑ තැනදී ම බල්ලෝ ඔබේ ලේ, ඔව්, ඔබේ ම ලේ ලෙව කන්නෝ ය කියා කියන්න.’ ” ආහාබ්, එලියා අමතමින්, “ආ නුඹ මා සොයා ගත්තා ද මගේ සතුර?” යි පැවසී ය. “ඔව්, මම ඔබ සොයා ගත්තා” යි පිළිතුරු දුන් ඔහු, “මන්ද ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ නපුර කරන පිණිස, ඔබ, ඔබ ම විකුණාගෙන ඇතැ” යි පැවසී ය.
1 රාජාවලිය 21:18-20 Sinhala Revised Old Version (SROV)
නුඹ පිටත්ව සමාරියේ වසන ඉශ්රායෙල් රජවූ ආහබ් රජ සම්මුඛවෙන්ට යන්න. ඔහු නාබොත්ගේ මිදිවත්ත අයිතිකරගන්ට එහි ගොස් සිටියි. නුඹ ඔහුට කථාකොට–නුඹ මිනීමරා අයිතිකරගත්තෙහිදැයි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කියන්න. තවද–බල්ලෝ යම් තැනකදී නාබොත්ගේ ලේ ලෙවකෑවෝද එතැන්හිදී බල්ලෝ නුඹේ ලේ, එසේය නුඹේ ලේත් ලෙවකන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේකැයි ඔහුට කියන්නැයි කීසේක. ආහබ්ද: අහෝ මාගේ සතුර, නුඹ මා සොයාගත්තෙහිදැයි එලියාට කීය. ඔහුද: නුඹ සොයාගත්තෙමි. මක්නිසාද නුඹ ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබෙනදේ කරන්ට නුඹම භාරවී සිටිනෙහිය.
1 රාජාවලිය 21:18-20 Sinhala New Revised Version (NRSV)
“නුඹ පිටත් ව සමාරියේ වසන ඉශ්රායෙල් රජු වන ආහබ් රජු හමුවන්න යන්න. ඔහු නාබොත්ගේ මිදි වත්ත අයිති කරගන්න එහි ගොස් සිටියි. නුඹ ඔහුට කතා කොට, ‘නුඹ ඒ වත්ත මිනී මරා අයිති කරගත්තෙහි දැ යි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ’යි කියන්න. තවද, ‘බල්ලෝ යම් තැනක දී නාබොත්ගේ ලේ ලෙවකෑවෝ ද එතැන්හි දී බල්ලෝ නුඹේ ලේ එසේ ය, නුඹේ ම ලේත් ලෙවකන්නෝ යයි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ’යි ඔහුට දන්වන්නැ”යි කී ය. ආහබ් ද කතා කොට, “අහෝ මාගේ හතුර, ඔබ මා සොයාගත්තෙහි දැ”යි එලියාට කී ය. ඔහු උත්තර දෙමින්, “මම නුඹ සොයාගතිමි. මක්නිසා ද, නුඹ සමිඳාණන් වහන්සේගේ ඇස් හමුවෙහි නපුරු දේ කරන්න නුඹ ම භාර වී සිටින්නෙහි ය.
1 රාජාවලිය 21:18-20 Sinhala New Revised Version 2018 (SNRV)
“නුඹ පිටත් ව සමාරියේ වසන ඉශ්රායෙල් රජු වන ආහබ් රජු හමුවන්න යන්න. ඔහු නාබොත්ගේ මිදි වත්ත අයිති කරගන්න එහි ගොස් සිටියි. නුඹ ඔහුට කතා කොට, ‘නුඹ ඒ වත්ත මිනී මරා අයිති කරගත්තෙහි දැ යි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ’යි කියන්න. තවද, ‘බල්ලෝ යම් තැනක දී නාබොත්ගේ ලේ ලෙවකෑවෝ ද එතැන්හි දී බල්ලෝ නුඹේ ලේ එසේ ය, නුඹේ ම ලේත් ලෙවකන්නෝ යයි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ’යි ඔහුට දන්වන්නැ”යි කී ය. ආහබ් ද කතා කොට, “අහෝ මාගේ හතුර, ඔබ මා සොයාගත්තෙහි දැ”යි එලියාට කී ය. ඔහු උත්තර දෙමින්, “මම නුඹ සොයාගතිමි. මක්නිසා ද, නුඹ සමිඳාණන් වහන්සේගේ ඇස් හමුවෙහි නපුරු දේ කරන්න නුඹ ම භාර වී සිටින්නෙහි ය.
1 රාජාවලිය 21:18-20 New International Version (NIV)
“Go down to meet Ahab king of Israel, who rules in Samaria. He is now in Naboth’s vineyard, where he has gone to take possession of it. Say to him, ‘This is what the LORD says: Have you not murdered a man and seized his property?’ Then say to him, ‘This is what the LORD says: In the place where dogs licked up Naboth’s blood, dogs will lick up your blood—yes, yours!’ ” Ahab said to Elijah, “So you have found me, my enemy!” “I have found you,” he answered, “because you have sold yourself to do evil in the eyes of the LORD.