එලියා කළ සියල්ලත්, ඔහු දිවැසිවර සියල්ලන් කඩු ගා, මැරූ හැටිත් ආහාබ් යෙසෙබෙල්ට දැන්වී ය. එවිට යෙසෙබෙල් පණිවුඩකරුවකු යවමින්, “හෙට මේ වෙලාවට ඔබේ ජීවිතය ඔවුන්ගෙන් කෙනකු මෙන් වීමට මා සැලැස්වූයේ නැත්නම්, දෙවිවරු මට එසේ ම ද ඊටත් වැඩි ලෙස ද කරත්වා” යි එලියාට කියා ඇරියා ය. එලියා භය වී, තම පණ බේරා ගන්නට පලා ගියේ ය. ඔහු යූදාහි බෙයර්ෂෙබා වෙත පැමිණ, තම සේවකයා එහි නවතා, දවසක ගමන්-දුරක් ගොස්, පාළුකරයට පිවිසුණේ ය. ඔහු රොතෙම් ගහක් යටට අවුත්, හිඳගෙන, තමාට මරණය ඉල්ලා යාච්ඤා කළේ ය. “ස්වාමින්වහන්ස, මේ හොඳට ම ඇති; මගේ ජීවිතය ගත මැනව; මන්ද මා මගේ මුතුන් මිත්තන්ට වඩා උතුම් නැතැ” යි පැවසී ය. ඉන්පසු ඔහු රොතෙම් ගහ යට වැතිර නිදා ගත්තේ ය. එවිට මෙන්න, දේව දූතයෙක් ඔහුට අත ගසා, කතා කොට, “නැගිට, කෑම කන්නැ” යි කීවේ ය. ඔහු වටපිට බැලුවේ ය. එවිට මෙන්න! තම හිස ළඟ ගිනි අඟුරු පිට පිලිස්සූ රොටියක් හා ජල බඳුනක් විය; ඔහු කා, බී යළි වැතිරුණේ ය. ස්වාමින්වහන්සේගේ දූතයා දෙවන වරට අවුත්, ඔහුට අත ගසා, “නැගිට කන්න. මන්ද ගමන ඔබට දුර වැඩි” යි කීවේ ය. එවිට ඔහු නැගිට කෑවේ ය, බීවේ ය. ඔහු ඒ කෑමෙන් ශක්තිමත් වී, දහවල් හතළිහක් හා රෑ හතළිහක් ගමන් කර, දෙවියන්වහන්සේගේ කන්ද වන හොරේබ් වෙත ළඟා විය.
1 රාජාවලිය 19 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 1 රාජාවලිය 19:1-8
5 දින
ඔබ මෙම අපගේ දිනපතා භෝජනය ආවර්ජනයන් 5 කියවද්දී ශාංකාව ජයගැනීමට දේව වචනය තුළින් ඔබට මග පෙන්වනු ඇත.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ