1 රාජාවලිය 19:1-8
1 රාජාවලිය 19:1-8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එලියා කළ සියල්ලත්, ඔහු දිවැසිවර සියල්ලන් කඩු ගා, මැරූ හැටිත් ආහාබ් යෙසෙබෙල්ට දැන්වී ය. එවිට යෙසෙබෙල් පණිවුඩකරුවකු යවමින්, “හෙට මේ වෙලාවට ඔබේ ජීවිතය ඔවුන්ගෙන් කෙනකු මෙන් වීමට මා සැලැස්වූයේ නැත්නම්, දෙවිවරු මට එසේ ම ද ඊටත් වැඩි ලෙස ද කරත්වා” යි එලියාට කියා ඇරියා ය. එලියා භය වී, තම පණ බේරා ගන්නට පලා ගියේ ය. ඔහු යූදාහි බෙයර්ෂෙබා වෙත පැමිණ, තම සේවකයා එහි නවතා, දවසක ගමන්-දුරක් ගොස්, පාළුකරයට පිවිසුණේ ය. ඔහු රොතෙම් ගහක් යටට අවුත්, හිඳගෙන, තමාට මරණය ඉල්ලා යාච්ඤා කළේ ය. “ස්වාමින්වහන්ස, මේ හොඳට ම ඇති; මගේ ජීවිතය ගත මැනව; මන්ද මා මගේ මුතුන් මිත්තන්ට වඩා උතුම් නැතැ” යි පැවසී ය. ඉන්පසු ඔහු රොතෙම් ගහ යට වැතිර නිදා ගත්තේ ය. එවිට මෙන්න, දේව දූතයෙක් ඔහුට අත ගසා, කතා කොට, “නැගිට, කෑම කන්නැ” යි කීවේ ය. ඔහු වටපිට බැලුවේ ය. එවිට මෙන්න! තම හිස ළඟ ගිනි අඟුරු පිට පිලිස්සූ රොටියක් හා ජල බඳුනක් විය; ඔහු කා, බී යළි වැතිරුණේ ය. ස්වාමින්වහන්සේගේ දූතයා දෙවන වරට අවුත්, ඔහුට අත ගසා, “නැගිට කන්න. මන්ද ගමන ඔබට දුර වැඩි” යි කීවේ ය. එවිට ඔහු නැගිට කෑවේ ය, බීවේ ය. ඔහු ඒ කෑමෙන් ශක්තිමත් වී, දහවල් හතළිහක් හා රෑ හතළිහක් ගමන් කර, දෙවියන්වහන්සේගේ කන්ද වන හොරේබ් වෙත ළඟා විය.
1 රාජාවලිය 19:1-8 Sinhala Revised Old Version (SROV)
එලියා කළ සියල්ලත් ඔහු සියලු ප්‍රොපේතවරුන් කඩුවෙන් මරාදැමූ බවත් ආහබ් යෙසෙබෙල්ට දැන්නුවේය. එවිට යෙසෙබෙල්: මා විසින් හෙට මේ වේලාවට පමණ නුඹේ ප්‍රාණය ඔවුන්ගෙන් එක්කෙනෙකුගේ ප්‍රාණය මෙන් වෙන්ට සැලැස්සුවේ නැත්නම් දෙවිවරු මට එසේමත් ඊට වැඩියෙනුත් කෙරෙත්වයි පණිවිඩකාරයෙකු අත එලියාට කියා ඇරියාය. ඔහු ඒ අසා නැගිට තමාගේ ප්‍රාණය ගළවා ගැනීමට යනුයේ යූදාට අයිති බෙයෙර්-ෂෙබාට පැමිණ තමාගේ වැඩකාරයා එහි නවතින්ට හැර, තමාම දවසක ගමන් කාන්තාරයට ගොස් රෝතෙම් ගසක් යට හිඳගන, තමා මැරෙන ලෙස ඉල්ලමින්: ස්වාමීන්වහන්ස, ඉතින් ඇත; දැන් ස්වාමීන්වහන්ස, මාගේ ප්‍රාණය ගතමැනව; මක්නිසාද මාගේ පියවරුන්ට වඩා මම උතුම් නොවෙමියි කීවේය. ඔහු රෝතෙම් ගසක් යට වැතිර නිදාගත්තේය; එවිට දේවදූතයෙක් ඔහුට අතගසා: නැගිට කන්නැයි ඔහුට කීවේය. ඔහු බැලූ විට ඔහුගේ හිස ළඟ අඟුරු පිටි පිළිස්සූ රොටියක්ද වතුර භාජනයක්ද තිබෙනු දැක, කා බී නැවත වැතුරුණේය. තවද ස්වාමීන්වහන්සේගේ දූතයා දෙවෙනි වර ඇවිත් ඔහුට අතගසා: ගමන නුඹට දුර වැඩි නිසා නැගිට කන්නැයි කීවේය. ඔහු නැගිට කා බී, ඒ කෑමේ සවියෙන් දවල් සතළිසක්ද රෑ සතළිසක්ද ගොස්, දෙවියන්වහන්සේගේ කන්දවූ හොරෙබ් ළඟට පැමිණ
1 රාජාවලිය 19:1-8 Sinhala New Revised Version (NRSV)
එලියා කළ සියල්ලත්, ඔහු සියලු දිවැසිවරුන් කඩුවෙන් මරාදැමූ බවත් ආහබ් ජෙශෙබෙල්ට දැන්වී ය. එවිට ජෙශෙබෙල් කතා කොට, “මා හෙට මේ වේලාවට පමණ ඔබේ ප්‍රාණය ඒ දිවැසිවරුන්ගෙන් එක් කෙනෙකුගේ ප්‍රාණය මෙන් වන්නට සැලැස්සුවේ නැත්නම්, දෙවිවරු මා ඉතා දරුණු ලෙස මරාදමත් වා”යි පණිවුඩකාරයෙකු අත එලියාට කියා ඇරියා ය. ඔහු ඒ අසා බිය වී තම පණ ගළවාගැනීමට පලා ගියේ ය. මෙසේ ගොස් ඔහු ජුදාට අයිති බෙයර්-ෂෙබා නම් ස්ථානයට පැමිණ තම වැඩකාරයා එහි නවතින්නට හැර, තමා ම මුළු දවසක ගමන් ප්‍රමාණය නිමවමින් පාළුකරයට පිවිස රෝතෙම් නම් ගසක් යට වාඩි වී, තමා මැරෙන ලෙස ඉල්ලමින් “සමිඳාණන් වහන්ස, ඉතින් ඇත, දැන් මාගේ ප්‍රාණය ගත මැනව. මන්ද, මාගේ පියවරුන්ට වඩා මම උතුම් නොවෙමි”යි කී ය. මෙසේ කියා ඔහු ඒ රෝතෙම් ගස යට වැතිර නිදාගත්තේ ය. එවිට දේව දූතයෙක් ඔහුට අතගසා, “නැඟිට කන්නැ”යි කී හෙයින්, ඔහු බැලූ විට තම හිස ළඟ අඟුරු පිට පිළිස්සූ රොටියක් හා වතුර භාජනයක් තිබෙනු දැක කා බී නැවත වැතුරුණේ ය. තවද, සමිඳාණන් වහන්සේගේ දූතයා දෙ වන වර අවුත්, ඔහුට අතගසා, “නැඟිට කන්න, ගමන නුඹට දුර වැඩි වන්න පුළුවනැ”යි කීවේ ය. ඔහු නැඟිට කා බී, ඒ ආහාරයේ සවි ශක්තියෙන් දවල් සතළිසක් හා රෑ සතළිසක් ගමන් කර දෙවියන් වහන්සේගේ කන්ද වන හොරෙබ් ළඟට පැමිණියේ ය.
1 රාජාවලිය 19:1-8 Sinhala New Revised Version 2018 (SNRV)

1 රාජාවලිය 19:1-8 New International Version (NIV)
Now Ahab told Jezebel everything Elijah had done and how he had killed all the prophets with the sword. So Jezebel sent a messenger to Elijah to say, “May the gods deal with me, be it ever so severely, if by this time tomorrow I do not make your life like that of one of them.” Elijah was afraid and ran for his life. When he came to Beersheba in Judah, he left his servant there, while he himself went a day’s journey into the wilderness. He came to a broom bush, sat down under it and prayed that he might die. “I have had enough, LORD,” he said. “Take my life; I am no better than my ancestors.” Then he lay down under the bush and fell asleep. All at once an angel touched him and said, “Get up and eat.” He looked around, and there by his head was some bread baked over hot coals, and a jar of water. He ate and drank and then lay down again. The angel of the LORD came back a second time and touched him and said, “Get up and eat, for the journey is too much for you.” So he got up and ate and drank. Strengthened by that food, he traveled forty days and forty nights until he reached Horeb, the mountain of God.