එවිට ස්වාමින්වහන්සේගේ වචනය බාෂාට එරෙහිව, හනානීගේ පුත් යේහූ වෙත පැමිණියේ ය: “දූවිල්ලෙන් මම නුඹ ඉහළට ඔසවා, මගේ ජනයා වන ඉශ්‍රායෙල් කෙරෙහි නායකයා බවට පත් කළෙමි. එහෙත් නුඹ යෙරොබොවම්ගේ අඩිපාරේ යමින්, මගේ ජනයා වන ඉශ්‍රායෙල්ට පව් කරන්නටත්, ඔවුන්ගේ පාපවලින් මා කෝප කරවන්නටත් සැලසී ය. එහෙයින් මෙන්න, මම බාෂා සහ ඔහුගේ වංශය වනසා දමන්නෙමි. මම නුඹේ වංශය නෙබාට්ගේ පුත් යෙරොබොවම්ගේ වංශය මෙන් වන්නට සලස්වන්නෙමි. පුරය ඇතුළත මැරෙන බාෂාට අයිති වූවෝ, බල්ලන් විසින් කා දැමේ. ඉන් පිටතදී මැරී යන්නවුන් අහසේ පක්ෂීන්ට ආහාර වන්නේ ය.” බාෂා සම්බන්ධ සෙසු කාරණා ද ඔහු කළ දෑ හා ඔහුගේ බලවත් ක්‍රියා ද ඉශ්‍රායෙල්හි රජුන්ගේ ඉතිහාස පොතේ ලියැවී තිබෙනවා නො වේ ද? බාෂා තම පියවරුන් සමඟ සැතපුණෙන්, තිර්සාහි භූමදාන කෙරිණි. ඔහුගේ පුත් ඒලා, ඔහු වෙනුවට රජකමට පත් විය. හනානීගේ පුත් දිවැසිවර යේහූ මගින් ස්වාමින්වහන්සේගේ වචනය බාෂා හා ඔහුගේ වංශය වෙත පැමිණියේ, ඔහු යෙරොබොවම්ගේ වංශයට සමාන ව තමා කළ දේ මගින් උන්වහන්සේ කෝප කරවමින්, ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ කර තිබූ සියලු නපුර නිසාත්, ඒ වංශය විනාශ කළ නිසාත් ය.
1 රාජාවලිය 16 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 1 රාජාවලිය 16:1-7
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ