1 රාජාවලිය 16:1-7

1 රාජාවලිය 16:1-7 සිංහල කාලීන පරිවර්තනය (SCV)

එවිට ස්වාමින්වහන්සේගේ වචනය බාෂාට එරෙහිව, හනානීගේ පුත් යේහූ වෙත පැමිණියේ ය: “දූවිල්ලෙන් මම නුඹ ඉහළට ඔසවා, මගේ ජනයා වන ඉශ්‍රායෙල් කෙරෙහි නායකයා බවට පත් කළෙමි. එහෙත් නුඹ යෙරොබොවම්ගේ අඩිපාරේ යමින්, මගේ ජනයා වන ඉශ්‍රායෙල්ට පව් කරන්නටත්, ඔවුන්ගේ පාපවලින් මා කෝප කරවන්නටත් සැලසී ය. එහෙයින් මෙන්න, මම බාෂා සහ ඔහුගේ වංශය වනසා දමන්නෙමි. මම නුඹේ වංශය නෙබාට්ගේ පුත් යෙරොබොවම්ගේ වංශය මෙන් වන්නට සලස්වන්නෙමි. පුරය ඇතුළත මැරෙන බාෂාට අයිති වූවෝ, බල්ලන් විසින් කා දැමේ. ඉන් පිටතදී මැරී යන්නවුන් අහසේ පක්ෂීන්ට ආහාර වන්නේ ය.” බාෂා සම්බන්ධ සෙසු කාරණා ද ඔහු කළ දෑ හා ඔහුගේ බලවත් ක්‍රියා ද ඉශ්‍රායෙල්හි රජුන්ගේ ඉතිහාස පොතේ ලියැවී තිබෙනවා නො වේ ද? බාෂා තම පියවරුන් සමඟ සැතපුණෙන්, තිර්සාහි භූමදාන කෙරිණි. ඔහුගේ පුත් ඒලා, ඔහු වෙනුවට රජකමට පත් විය. හනානීගේ පුත් දිවැසිවර යේහූ මගින් ස්වාමින්වහන්සේගේ වචනය බාෂා හා ඔහුගේ වංශය වෙත පැමිණියේ, ඔහු යෙරොබොවම්ගේ වංශයට සමාන ව තමා කළ දේ මගින් උන්වහන්සේ කෝප කරවමින්, ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ කර තිබූ සියලු නපුර නිසාත්, ඒ වංශය විනාශ කළ නිසාත් ය.

1 රාජාවලිය 16:1-7 Sinhala Revised Old Version (SROV)

එවිට ස්වාමීන්වහන්සේගේ වචනය බාෂාට විරුද්ධව හනානීගේ පුත්‍රවූ යේහු වෙතට පැමිණ කථාකොට: මම දූවිල්ල කෙරෙන් නුඹ උසස්කර මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් කෙරෙහි අධිපතියා කොට පත්කෙළෙමි; නුමුත් නුඹ යෙරොබොවම්ගේ මාර්ගයෙහි හැසිරෙමින් තමුන්ගේ පාපවලින් මා කෝපකරවන හැටියට මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල්වරුන්ට පව්කරන්ට සැලැස්වූ බැවින්, මම බාෂා හා ඔහුගේ වංශය සහමුලින්ම පිසදමා, නුඹේ වංශය නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම්ගේ වංශය මෙන් වෙන්ට සලස්වන්නෙමි. නුවරදී මැරෙන බාෂාට අයිති කෙනෙකු බල්ලෝ කන්නෝය; පිටතදී මැරෙන ඔහුට අයිති කෙනෙකු ආකාශයේ පක්ෂීන් විසින් කනවා ඇතැයි කීවේය. බාෂාගේ අනික් කාරණාද ඔහු කළ දේවල්ද ඔහුගේ බලවන්තකම්ද ඉශ්‍රායෙල් රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද? බාෂා තමාගේ පියවරුන් සමඟ සැතපී තිර්ශාහි තැන්පත්කරන ලද්දේය; ඔහුගේ පුත්‍රවූ ඒලා ඔහු වෙනුවට රජ වුණේය. ඇරත් හනානීගේ පුත්‍රවූ යේහු අනාගතවක්තෘ අතින් ස්වාමීන්වහන්සේගේ වචනය බාෂාටත් ඔහුගේ වංශයටත් විරුද්ධව පැමුණුණේ ඔහු යෙරොබොවම්ගේ වංශයට සමානවෙන හැටියට තමාගේ අත් වැඩවලින් ස්වාමීන්වහන්සේ කෝපකරවමින් උන්වහන්සේගේ ඇස් හමුවෙහි කළාවූ සියලු නපුරුකම් නිසාත් ඔහු ඒ වංශය නැසූ නිසාත්ය.

1 රාජාවලිය 16:1-7 Sinhala New Revised Version (NRSV)

එවිට සමිඳාණන් වහන්සේගේ පණිවුඩය බාෂාට විරුද්ධ ව හනානීගේ පුත් ජේහු වෙත පැමිණියේ ය. එය මෙසේ ය: “කිසි වටිනාකමක් නැති නුඹ උසස් කර, මම මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ අධිපතියා කොට පත් කෙළෙමි. එහෙත්, නුඹ ජෙරොබෝවම්ගේ මාර්ගයෙහි හැසිරෙමින්, තමන්ගේ පාපවලින් මා කෝප කරවන හැටියට මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ට පව් කරන්නට සැලැස්වූයෙහි ය. එබැවින් මම, බාෂා සහ ඔහුගේ වංශය සහමුලින් ම වනසාදමා, නුඹේ වංශය නෙබාත්ගේ පුත් වූ ජෙරොබෝවම්ගේ වංශය මෙන් වන්නට සලස්වන්නෙමි. බාෂාට අයිති, නගරයේ දී මැරෙණ අය බල්ලෝ කන්නෝ ය. පිටත දී මැරෙණ ඔහුට අයිති අය ආකාශයේ පක්ෂීහු කන්නෝ ය.” බාෂා පිළිබඳ ඉතිරි කරුණු ද ඔහු කළ දේවල් ද ඔහුගේ බලවන්තකම් ද ඉශ්රායෙල් රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද? බාෂා මරණයට පත් වූ පසු තිර්ශාහි භූමදාන කරන ලදී. ඔහුගේ පුත් ඒලා ඔහු වෙනුවට රජ විය. තවද, හනානීගේ පුත් දිවැසිවර ජේහු අතින් සමිඳාණන් වහන්සේගේ පණිවුඩය බාෂාටත්, ඔහුගේ වංශයටත් විරුද්ධ ව පැමිණියේ ය. එසේ වූයේ, ඔහු ජෙරොබෝ-වම්ගේ වංශයට සමාන වන හැටියට තමාගේ ක්‍රියාවලින් සමිඳාණන් වහන්සේ කෝප කරවමින් උන් වහන්සේගේ ඇස් හමුයෙහි කළ සියලු නපුරුකම් නිසාත්, ඔහු ඒ වංශය නැසූ නිසාත් ය.

1 රාජාවලිය 16:1-7 Sinhala New Revised Version 2018 (SNRV)