1 ලේකම් 9
9
1මෙසේ මුළු ඉශ්රායෙල් ජනයා පෙළපත් නාමාවලියෙහි ලියන ලදුව, ඉශ්රායෙල් රජවරුන්ගේ පොතේ ලේඛනගත කෙරිණි. යූදා ජනයා විශ්වාසය කඩ කිරීම හේතුවෙන් බබිලෝනියට අල්ලාගෙන යනු ලැබිණි.
යෙරුසලමෙහි සෙනඟ
2පළමුවෙන් තම උරුම ඉඩකඩම්වල ද තම නගරවල ද යළි පදිංචි වූවෝ: ඉශ්රායෙල්වරු, පූජකවරු, ලෙවීවරු හා දේව මාලිග සේවකයෝ ය.
3යූදාගෙන්, බෙන්යමින්ගෙන්, එප්‍රායිම්ගෙන් හා මනස්සේගෙන් යෙරුසලමේ විසූවෝ:
4ඌතයි ය; ඔහු යූදාගේ පුත්, පෙරෙස්ගේ පුතුන්ගෙන් බානීගේ පුත්, ඉම්රීගේ පුත් ඔම්රීගේ පුත්, අම්මිහුද්ගේ පුත්‍රයා ය.
5ෂීලෝනිවරුන්ගෙන්:
කුලුඳුලා වූ අසායා හා ඔහුගේ පුත්තු ය.
6සෙරහිවරුන්ගෙන්:
යෙයූවෙල් ය.
යූදා ජනයාගෙන් හයසිය අනූදෙනෙකි.
7බෙන්යමින්වරුන්ගෙන්:
හස්සෙනුවාගේ පුත් හෝදවියාගේ පුත් මෙෂුල්ලාම්ගේ පුත් සල්ලූ ද
8යෙරොහාම්ගේ පුත් ඉබ්නෙයා ද
මික්රීගේ පුත් උස්සීගේ පුත් ඒලා ද
ඉබ්නීයාගේ පුත් රෙවූයෙල්ගේ පුත් ෂෙෆටියාගේ පුත් මෙෂුල්ලාම් ද යන අය ය.
9බෙන්යමින් ජනයාගෙන් ඔවුන්ගේ පෙළපත් නාමාවලියෙහි ලේඛනගත වූ සංඛ්‍යාව නවසිය පනස් හයකි. ඒ සියල්ලෝ ම තම පියවංශවලට අනුව පියවංශවල ප්‍රධානීන් වූහ.
10පූජකවරුන්ගෙන්:
යෙදායා, යෙහෝයාරීබ්, යාකින් ද
11දෙවියන්වහන්සේගේ ගෘහය බාර නිලධාරී අහිටූබ්ගේ පුත්, මෙරායොත්ගේ පුත්, සාදෝක්ගේ පුත්, මෙෂුල්ලාම්ගේ පුත්, හිල්කීයාගේ පුත් අසරියා ද
12මල්කීයාගේ පුත්, පෂ්හූර්ගේ පුත්, යෙරොහාම්ගේ පුත් අදායා ද
ඉම්මේර්ගේ පුත්, මෙෂිල්ලේමිත්ගේ පුත්, මෙෂුල්ලාම්ගේ පුත්, යාසේරාගේ පුත්, අදීයෙල්ගේ පුත් මාසායි ද යන අය ය.
13පියවංශ ප්‍රධානීන් වූ පූජකයින්ගේ ගණන එක්දහස් හත්සිය හැටකි. ඔවුහු දෙවියන්වහන්සේගේ ගෘහයේ මෙහෙය ඉටු කළ දක්ෂ මිනිසුන් වූහ.
14ලෙවීවරුන්ගෙන්:
මෙරාරී වංශික හෂබියාගේ පුත්, අස්රීකාම්ගේ පුත්, හෂ්ෂූබ්ගේ පුත් ෂෙමායා ද
15බක්බක්කර්, හෙරෙෂ්, ගාලාල්, ආසාෆ්ගේ පුත්, සික්රීගේ පුත්, මීකාගේ පුත් මත්තනියා ද
16යෙදූතුන්ගේ පුත්, ගාලාල්ගේ පුත්, ෂෙමායාගේ පුත් ඔබදියා ද
නෙටොෆාතිවරුන්ගේ ගම්වල විසූ එල්කානාගේ පුත්, ආසාගේ පුත් බෙරෙකියා ද යන අය ය.
17දොරටුපාලයෝ:
ෂල්ලූම්, අක්කූබ්, ටල්මොන්, අහීමන් හා ඔවුන්ගේ සහෝදරයෝ ය; ඔවුන්ගේ ප්‍රධානියා ෂල්ලූම් ය. 18මේ දක්වා ඔවුහු නැගෙනහිර දෙසින් වූ රජුගේ දොරටුවෙහි නැවතී සිටියහ. ලෙවීවරුන්ගේ කඳවුරට අයත් දොරටුපාලයෝ ඔවුහු ය.
19කෝරාගේ පුත්, එබියාසාෆ්ගේ පුත්, කොරේගේ පුත් ෂල්ලූම් ද කොර්හී පියවංශයෙන් පැවතෙන ඔහුගේ සහකාර දොරටුපාලයින් ද කූඩාරම් මණ්ඩපයේ දොරකඩ මුර කිරීමෙහි වගකීම ඉසුලුවේ ඔවුන්ගේ පියවරුන් ස්වාමින්වහන්සේගේ වාසස්ථානයේ පිවිසුම මුර කිරීමෙහි නියැළුණු අයුරිනි.
20එලෙයාසර්ගේ පුත් පීනෙහාස් මුල් කාලයේදී දොරටුපාලයන් බාර ව සිටියේ ය. ස්වාමින්වහන්සේ ඔහු සමඟ වූ සේක.
21මෙෂෙලෙමියාගේ පුත් සෙකරියා හමුවීමේ කූඩාරමේ දොරකඩ දොරටුපාලයා ව සිටියේ ය.
22දොරකඩවල දොරටුපාලයන් වීමට තෝරා ගැනුණු මුළු ගණන දෙසීය දොළහකි. ඔවුහු තමන්ගේ ගම්වලදී පෙළපත් නාමාවලියට අනුව ලියාපදිංචි වූහ.
දොරටුපාලයන් ඔවුන්ගේ නිලවලට පත් කළේ දාවිත් හා දිවැසිවර සාමුවෙල් විසිනි. 23ඔවුන් හා ඔවුන්ගෙන් පැවත එන්නෝ කූඩාරම් මණ්ඩපය නමින් හැඳින් වූ ස්වාමින්වහන්සේගේ ගෘහයේ දොරටු මුර කිරීම බාර ව සිටියහ. 24නැගෙනහිර ද බස්නාහිර ද උතුර ද දකුණ ද යන සතර පැතිවල දොරටුපාලයෝ සිටියහ. 25ඔවුන්ගේ ගම්වල සිටි ඔවුන්ගේ නෑ සියන්ට දවස් හතක කාලයක නිල කටයුතු සඳහා මාරුවෙන් මාරුවට එන්නට නියම ව තිබිණි. 26ලෙවීවරුන් වූ ප්‍රධාන දොරටුපාලයින් හතර දෙනාට දෙවියන්වහන්සේගේ ගෘහයේ ගබඩා කාමර සහ භාණ්ඩාගාර බාරකාරත්වය පැවරිණි. 27දෙවියන්වහන්සේගේ ගෘහය රැකවල් කිරීම ඔවුන්ට නියම ව තිබුණු බැවින්, ඔවුහු එය වටා රැඳී, රාත්‍රිය ගත කළෝ ය. මන්ද සෑම උදෑසනක ම එය විවර කිරීම ඔවුන්ට පැවරී තිබුණේ ය.
28ඔවුන්ගෙන් සමහරෙක් දේව මාලිග මෙහෙයයෙහි භාවිත කළ භාජන බාර ව සිටියහ. ඔවුහු ඒවා ඇතුළට ගෙනා කලත්, පිටතට ගෙන ගිය කලත් ඒවා ගණන් කළහ. 29සමහරෙක් බඩු මුට්ටු ද ශුද්ධස්ථානයේ අනෙකුත් සියලු උපකරණ ද සිහින් පිටි, මිදි යුෂ, තෙල්, සුගන්ධ ධූම ද්‍රව්‍ය හා සුවඳ ද්‍රව්‍ය ද රැක බලා ගැනීමට පත් කරන ලද්දෝ ය. 30පූජකයන්ගෙන් සමහරෙක් සුවඳ ද්‍රව්‍ය මිශ්‍ර කිරීමේ කාරිය බාර ගත්හ. 31කොර්හී වංශික ෂල්ලූම්ගේ කුලුඳුල් පුත් මත්තිතියා නම් ලෙවීයකුට පිදුම් රොටි පිලිස්සීමේ කාරිය පැවැරිණි. 32කොහාත්වරුන්ගේ නෑසියන්ගෙන් සමහරෙක් හැම සබත් දවසක ම මේසය මත තබන රොටි පිළියෙල කිරීම බාර ව සිටියහ.
33සංගීතවේදීන් වූ ලෙවී පියවංශවල ප්‍රධානීහු දේව මාලිග කුටිවල නැවතී සිටියහ. ඔවුහු රෑ දාවල් සේවයෙහි නියැළුණු බැවින් සෙසු නිල කටයුතුවලින් නිදහස් ව සිටියහ.
34මොවුහු තම පෙළපත් නාමාවලියට අනුව ලෙවීවරුන්ගේ පියවංශවල ප්‍රධානියෝ ය; නායකයින් වූ ඔවුහු යෙරුසලමේ වාසය කළහ.
සාවුල්ගේ පෙළපත
35ගිබෙයොන්ගේ පියා වූ යෙයීයෙල්, ගිබෙයොන්හි වාසය කළේ ය.
ඔහුගේ බිරිඳගේ නම මයකා ය. 36ඔහුගේ කුලුඳුල් පුත්‍රයා අබ්දෝන් ය. ඊළඟට සූර්, කීෂ්, බාල්, නේර්, නාදාබ්, 37ගෙදෝර්, අහියෝ, සෙකරියා හා මික්ලොත් ය. 38මික්ලොත්, ෂිමෙයාම්ගේ පියා ය. ඔවුහු ද තම නෑසියන් සමඟ තම නෑසියන් අසල යෙරුසලමෙහි වාසය කළහ.
39නේර්, කීෂ්ගේ පියා ය. කීෂ්, සාවුල්ගේ පියා ය. සාවුල්, යොනාතාන්ගේ ද මල්කී-ෂුවාගේ ද අබිනාදාබ්ගේ ද එෂ්බාල්ගේ#9:39 එෂ්බාල්ගේ හෙවත් ඊෂ්-බොෂෙත් ලෙස ද හැඳින් වේ. ද පියා ය.
40යොනාතාන්ගේ පුත්‍රයා:
මෙරිබ්-බාල්#9:40 මෙරිබ්-බාල් හෙවත් මෙෆීබොෂෙත් ලෙස ද හැඳින් වේ. ය. ඔහු මීකාගේ පියා ය.
41මීකාගේ පුත්‍රයෝ:
පීතොන්, මෙලෙක්, තාරේයා හා ආහාස් ය.
42ආහාස්, යාරාගේ පියා ය. යාරා, ආලෙමෙත්ගේ ද අස්මාවෙත්ගේ ද සිම්රීගේ ද පියා ය. සිම්රී, මෝසාගේ පියා ය. 43මෝසා, බිනෙයාගේ පියා ය. ඔහුගේ පුත්‍රයා රෙෆායා ය. ඔහුගේ පුත්‍රයා එලෙයාසා ය. ඔහුගේ පුත්‍රයා ආසේල් ය.
44ආසේල්ට පුතුන් හයදෙනෙක් සිටියහ. ඔවුන්ගේ නාම මෙසේ ය:
අස්රීකාම්, බොකෙරූ, ඉෂ්මායෙල්, ෂෙයරියා, ඔබදියා හා හානාන් ය. ඔවුහු ආසේල්ගේ පුත්‍රයෝ ය.
දැනට තෝරාගෙන ඇත:
1 ලේකම් 9: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.