1 ලේකම් 3:9-19

1 ලේකම් 3:9-19 SCV

දාවිත්ගේ අතිරේක බිරියන්ගෙන් උපන් පුතුන්ට අමතරව ඒ සියල්ලෝ ම ඔහුගේ පුත්‍රයෝ ය. ඔවුන්ගේ සහෝදරිය තාමාර් ය. සාලමොන්ගේ පුත්‍රයා රෙහොබොවම් ය. ඔහුගේ පුත්‍රයා අබියා ය. ඔහුගේ පුත්‍රයා ආසා ය. ඔහුගේ පුත්‍රයා යෙහෝෂාෆාට් ය. ඔහුගේ පුත්‍රයා යෝරාම් ය. ඔහුගේ පුත්‍රයා අහසියා ය. ඔහුගේ පුත්‍රයා යෝවාෂ් ය. ඔහුගේ පුත්‍රයා අමසියා ය. ඔහුගේ පුත්‍රයා අසරියා ය. ඔහුගේ පුත්‍රයා යෝතාම් ය. ඔහුගේ පුත්‍රයා ආහාස් ය. ඔහුගේ පුත්‍රයා හෙසකියා ය. ඔහුගේ පුත්‍රයා මනස්සේ ය. ඔහුගේ පුත්‍රයා ආමොන් ය. ඔහුගේ පුත්‍රයා යොෂීයා ය. යොෂීයාගේ පුත්‍රයෝ: යෝහානාන් කුලුඳුල් පුත්‍රයා ය; යෙහෝයාකීම් දෙවැන්නා ය; සෙදෙකියා තුන්වැන්නා ය; ෂල්ලූම් හතරවැන්නා ය. යෙහෝයාකීම්ගේ අනු ප්‍රාප්තිකයෝ: ඔහුගේ පුත් යෙකොනියා හා සෙදෙකියා ය. සිරකරුවා වූ යෙකොනියාගේ පුත්‍රයෝ: ඔහුගේ පුත් ෂෙයල්තියෙල් ය. මල්කිරාම්, පෙදායා, ෂෙනස්සර්, යෙකමියා, හෝෂාමා හා නෙදබියා ය. පෙදායාගේ පුත්‍රයෝ: සෙරුබ්බාබෙල් හා ෂිමෙයි ය. සෙරුබ්බාබෙල්ගේ පුත්‍රයෝ: මෙෂුල්ලාම් හා හනනියා ය. ඔවුන්ගේ සහෝදරී ෂෙලොමිත් ය.

මෙයට අදාළ වීඩියෝ