ප්‍රේම ගී 3
3
1රාත්‍රියෙහි මා යහනේ දී මා සිතින් ප්‍රේම කරන තැනැත්තා මම සෙවීමි.
ඔහු සෙවූ නමුත්, ඔහු මට සම්බ නො වී ය.
2ඉතින් මම නැඟිට නුවර වීදිවල ද මංහන්දිවල ද ඇවිද මා සිතින් ප්‍රේම කරන තැනැත්තා සොයන්නෙමි.
ඔහු සෙවූ නමුත්, මට ඔහු සම්බ නො වී ය.
3නුවර ඇවිදින මුර සෙබළුන් මට හමු වී “මා සිතින් ප්‍රේම කරන තැනැත්තා ඔබ දුටුවහු දැ”යි මම ඇසීමි.
4මා මඳක් දුර ඔවුන් පසු කර ගිය විට මා සිතින් ප්‍රේම කරන තැනැත්තා මට සම්බ විය.
මම ඔහු අල්ලාගෙන, මාගේ මවුගේ ගෙදරටත්, මා උපන් කාමරයටත් ඔහු පමුණුවන තෙක් ඔහුට යන්න ඉඩ නුදුනිමි.
පෙම්වතා
5“ජෙරුසලම් වනිතාවෙනි, ඔබ අප දෙදෙන අතර ඇති ප්‍රේමයට බාධා නොකරන බවට කෙතේ දෙවි දේවතාවන්ගේ#3:5 මුව දෙනුන් සහ ඕලු දෙනුන් යන වචනවලට හෙබ්‍රෙව් පිටපතෙහි යෙදෙන වචන අනුසාරයෙනි. නාමයෙන් දිවුරා මට පොරොන්දු වන්න.”
තුන් වන ගීතය
ගායක පිරිස
6ගන්ධ රස හා තුවරලාත්, වෙළෙන්දාගේ සියලු සුවඳ විලවුනුත් රැගෙන, දුම් කණු මෙන් කාන්තාරයෙන් නැඟී එන මේ තැනැත්තිය කවරෙක් ද?
7බලන්න;
ඒ දෝලාවක නැඟී එන සලමොන් රජු ය.
ඉශ්රායෙල් බලවතුන්ගේ බලවත්තු සැටදෙනෙක් එය පිරිවරා සිටිති.
8ඔව්හු සියල්ලෝ කඩු හරඹයෙහි දක්ෂයෝ ය.
සටනෙහි පළ පුරුද්ද ඇත්තෝ ය.
රැයේ ඇති විය හැකි ප්‍රහාර නිසා එකිනෙකා තම තමාගේ කඩුව කලවයේ බැඳගෙන සිටිති.
9සලමොන් රජු තමන්ට සාදාගත් දෝලාව ලෙබනොන්හි ලීවලින් සාදන ලදී.
10එහි කණු රිදීයෙන් ද එහි වහල රනින් ද සාදන ලදී.
එහි ආසන ජෙරුසලම් කාන්තාවන් විසින් ආදරයෙන් වියන ලද රත්නිල් රෙදිවලින් වසා ඇත.
11සියොන් වනිතාවෙනි, පිටතට අවුත්, සලමොන් රජුගේ මඟුල් දිනයේ දී, ඔහුගේ සිතේ ප්‍රීතියේ දවසේ දී, ඔහුගේ මෑණියන් ඔහුගේ හිස මත තැබූ කිරුළ පැළඳ සිටින රඟ නරඹන්න.
දැනට තෝරාගෙන ඇත:
ප්‍රේම ගී 3: SNRV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න